සියළු ඩීසල්-දැවිතෙල් බලාගාර නවතී.. විදුලි කප්පාදුව තව වැඩිවන ලකුණු…

May 15, 2022 at 3:50 pm | lanka C news
සියළු ඩීසල්-දැවිතෙල් බලාගාර නවතී.. විදුලි කප්පාදුව තව වැඩිවන ලකුණු…

මෙරට පිහිටි සියලු තරම් ඩීසල් හා දැවිතෙල් බලාගාර ඉන්ධන හිගය නිසා මේ වන විට අක්‍රීය වී පවතින විදුලි බල මණ්ලඩයේ ඉංජිනේරුවන් සඳහන් කරති.

වෙස්කෝස් බලාගාරය හා කැලනිතිස්සේ පිහිටි සොජිට්සු බලාගාර දෙක පමණක් අවසන් වන තෙක් ක්‍රියාත්මක වුවද අද වන විට ඒවා ද අක්‍රිය වනු ඇති බව සංගමයේ සභාපති අනිල් ඉදුවරගේ මහතා කියා සිටියේය.

මේ අතර නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ අක්‍රීය වූ ජනන යන්ත්‍රය අභ්‍යන්තර ඉන්ධන කාන්දුවක් නිසා යථා තත්ත්වයට පත් කිරීමට තවත් දින දෙක තුනක් යනු ඇති බව ද හෙතෙම පැවසීය.

පවතින තත්ත්වය මත ඉන්ධන හෝ වර්ෂාව නොලැබෙන්නේ නම් විදුලි කප්පාදුව තවත් දීර්ඝ වීමට ඉඩ තිබෙන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

26,027 views
Main News