සියළු දෙනා උඩට ගන්න ආර්ථික සැලැස්ම ගෝටා හෙලි කරයි..

October 17, 2019 at 8:40 am | lanka C news
සියළු දෙනා උඩට ගන්න ආර්ථික සැලැස්ම ගෝටා හෙලි කරයි..

‘සාර්ථක දැක්මක් – වැඩ කරන රටක්’ යන තේමාව ඔස්සේ හොරණ නගර සභා ක‍්‍රීඩාංගණයේ පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැලිය අමතා ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේය

අයහපත් කාලගුණය නොතකා රැඳී සිටි හොරණ ජනතාවට ස්තුතිවන්ත වෙනවා. අපට අපේ රට ආරක්‍ෂා කරලා දෙන්න කියලයි ජනතාව අපෙන් ඉල්ලා සිටිනවා. රට නැවත ආරක්‍ෂා කරන්නයි ඉල්ලා සිටින්නේ. මේ රමේ සුරක්‍ෂිතභාවය වෙනුවෙන් පැහැදිලි වැඩපිළීවෙළක් එදා යොදා තිබුණා. පැහැදිලි බුද්ධි සේවාවන් සම්බන්ධීකරණය කරමින් සුරක්‍ෂිත වැඩපිළිවෙළක් යොදා තිබුණා. නමුත් අවාසනාවකට වසර දහයක් යන්නටත් පෙර මේ ආණ්ඩුවේ අ¥රදර්ශී වැඩපිළීවෙළ නිසා පල්ලිවල බෝම්බ පුපුරන්නට පටන් ගත්තා. රණවිරුවන්ගේ අභිමානය නැති කළා. බුද්ධි අංශය නිශ්ක‍්‍රීය කළා. ජාතික ආරක්‍ෂාවට ප‍්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. මේ හේතූන් නිසා රටේ ආරක්‍ෂාව අහිමි වුණා.

රටේ ආරක්‍ෂාව ගැන දැනුමක් නැති කිසිම තැකීමක් නොකරන ප‍්‍රමුඛත්වයක් නොදෙන ඇමැති මණ්ඩලයක් තුළින් රටක සුරක්‍ෂිතභාවයක් ලැබෙයි කියා විශ්වාස කරන්න බැහැ. ඉදිරියේදී තවදුරටත් සාමයෙන් ජීවත් විය හැකි සුරක්‍ෂිත රටක් ලබාදෙන බවට පැහැදිලිවම ප‍්‍රකාශ කර සිටිනවා. ඉතිහාසයේ නොවූ විරූ ආකාරයේ සංවර්ධනයක් රටේ ඇති කළා. යටිතල පහසුකම් දියුණු කළා. කාපට් මාර්ග, ගුවන් තොටුපළ, වරාය ඇති කළා. ආසියාවේ වේගයෙන් දියුණු වන නගරය ලෙසට කොළඹ නගරය සංවර්ධනය කරමින් තිබුණා. රටේ ආර්ථීකය අද කඩාවැටිලා.

අපි බලයට එන්නේ නිසි ආර්ථික සැලැස්මක් තුළින්. ඒ ආර්ථික සැලැස්ම ක‍්‍රියාත්මක කරන්නේ මහජන කේන්ද්‍රීය ආර්ථික සැලැස්මක්. සියලූ පුද්ගලයකුම ඉහළට ගත හැකි ආකාරයේ ආර්ථික සැලැස්මක් අප ක‍්‍රියාත්මක කරනවා. එදා පොරොන්දු දුන්නා නම් ඒ පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉෂ්ට කළා. වසර තිහක් තිබූ ත‍්‍රස්තවාදය කෙටි කාලයකින් අවසන් කළා. රට සංවර්ධනය කළා. ආර්ථික වශයෙන් රට ඉදිරියට ගෙනාවා. අප සමග සිටින්නේ වැඩක් කළ හැකි කණ්ඩායමක්. අපි සැලසුම් ක‍්‍රියාත්මක කරනවා.
කළුතර දිස්ත‍්‍රික්කය විශේෂයෙන්ම අධ්‍යාපනය මත පදනම් වූ පළාතක්. විශාල වශයෙන් උසස් පෙළ සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල වශයෙන් ඉන්නවා. අපි පළමු වසර සිටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් ආයෝජනය කරනවා. ඒ තුළින් උසස් පෙළ සමත් වන සියලූම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපන අවස්ථා ලබාදීමට සැලසුම් කරනවා. අනිකුත් තරුණ තරුණියන්ට කාර්මික සහ වෘත්තීය අධ්‍යාපනයක්, නිපුණත්වයක් ලබාදී ආර්ථිකයට දායක කරගත හැකි සුදුසු රැුකියා අවස්ථා ලබාදීමටත් කටයුතු කරනවා.

අපිට කෘෂිකර්මාන්තයෙන් ඈත් වීමට පුළුවන්කමක් නැහැ. රටේ බහුතරයක් කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන අය. පොහොර සහනාධාරය අපි නොමිලේ ලබා දෙන්නේ ඒ නිසයි. ගොවි ජනතාවගේ තත්ත්වය ඉහළ නැංවීමට ගොවි ජනතාවගේ සියලූම ණය කපා හරිනවා. අද තේවලට නිසි මිලක් ලැබෙන්නේ නැහැ. රබර්වලටත් එහෙමයි. ඒ වගේම තේ කර්මාන්තය අපේ ආර්ථිකයට වැදගත් කර්මාන්තය. විශාල විදේශීය විනිමයක් ලබාගත හැකි කර්මාන්තයක්. තේ කර්මාන්තය හා සම්බන්ධ සියලූම දෙනා කියන්නේ ඩොලර් බිලියන පහක් දක්වා ගෙනියන්නට පුළුවන් තේ කර්මාන්තය අද කඩාවැටී ඇති බවයි. තේ කර්මාන්තයේ නියුතු පහළම කම්කරුවාගේ සිට කුඩා තේ වතු හිමියන්ගේ සිට විශාල තේ වතු හිමියන් දක්වා විශාල අර්බුදයක සිටිනවා.

අපි තේ වෙනුවෙන් විශාල මුදලක් ලබාගත යුතුයි. තේ කළවම් කිරීම නිසා ලෝකයේ පළමු තැන සිට හතර වැනි තැනට වැටිලා. අපි රජයක් වශයෙන් තේ වෙළෙඳ පොළ දියුණු කරන්නට කටයුතු කරනවා. හොඳ තේ අපනයනය කිරීම හරහා හොඳ මිලක් ලබා ගන්නවා. මිල තීරණය කරන්නේ නැතිව ආර්ථිකය ගොඩනඟන්න බැහැ. සුළු හා මධ්‍යම ප‍්‍රමාණයේ තේ වතු හිමියන්ට නැවත වගා කරන්නටත්, අලූතින් වගා කිරීමටත් දිරිමත් කළ යුතුයි. ඔවුන්ට අවශ්‍ය ප‍්‍රාග්ධනය ලබා දෙනවා. වැසී ගිහින් තිබෙන කර්මාන්ත ශාලා යළි ආරම්භ කිරීමට ණය මුදල් ලබා දීමට කටයුතු කරනවා. මේ ආකාරයට තේ කර්මාන්තය ඉදිරියට ගෙන ගියේ නැති නම් අපේ රටේ මිලියන තුනක පමණ ජනතාවක් අසරණ වෙනවා. මේ සෑම දෙයක්ම සිදුවෙලා තිබෙන්නේ කිසිදු සැලැස්මක් නැති ආණ්ඩුවේ දුර්වලතාවය නිසයි. ඔබතුමන්ලා මා කෙරෙහි විශ්වාසය තබන්න. ඔබ සියලූම දෙනාට ජීවත් විය හැකි සුරක්‍ෂිත රටක් සහ ආර්ථිකයක් ලබා දෙනවා.

– GR midea

20 views

12 Comments to “සියළු දෙනා උඩට ගන්න ආර්ථික සැලැස්ම ගෝටා හෙලි කරයි..”

  1. kamal says:

    අනිත් අයගේ වැරදි නෙවෙයි ප්‍රතිපත්ති බලන ඔබ හොද මනුස්‍යයෙක් නෙවේද

  2. spm says:

    proud of u Sir

    • Citizens says:

      වහල් බව පේනවා. අනික් රටවල් වල නායකයන්ව මිනිස්සු ඔවුනගෙ නමින් අමතනකොට මෙහෙ සර් කියල කියන්නෙ.

      • Kamal says:

        Anek ratawal karanawa wagema apith karanna onada?
        Have you heard about the saying “When you are in Rome, do as Romans do”

      • chandapala says:

        අනේ සිටිසන් දන්නා එක. සර් කියන්නේ මහත්මයා කියන එකනේ. ඉතින් මහත්මයකුට මහත්මයා කිව්වම මොකද?. නයකතුමා කිව්වොත් නම් වහලෙක් වගේ දැනෙනව නැද්ද හා !

      • sayumi says:

        ඇයි සර් කිව්වම උඹේ දත් වැටෙනවද ? අපේ මිනිසුන් අද බඩට නොකා හරි ජිවත් වෙන්නේ මේ මනුස්සයා අපේ පණ බේරලා දුන්න නිසා. අනිත් රට වල මිනිස්සු කොරන දේවල් අපිට අදාළ නෑ. අපි කරන්නේ අපිට සුදුසු නිවැරදි දේ.

      • sayumi says:

        රට වෙනුවෙන් සහ ජයමල් අපි යලි එකතු වෙමු

  3. vishnu says:

    මෙහෙම මනුස්යයෙක් පරද්දන්න හිතන්
    ඉන්නවනම් තමන්ගෙ හදවතට තට්ටු කරලා
    බලන්න ඒක හරිද කියල

  4. Politics says:

    Gota will never , push a button to see that the midwife visited the house in a village.

    Gota will never work 24 hrs in the Presidential office.

    Gota will never go the get oxygen from the people.

    Sajith modaya should not be our president.

  5. N.Wimaladasa says:

    We are in new era of Political-economic system has emerge . In current Globe Economy has depended of GVC of Globe Value Change and Globe Supply Chain is of Modern that mode of operand by largest MCN and China. We have to study this New economic phenomena by ours think-tanks . Do not take lightly that complex-process of Globe Economy by ours political leadership.I think GR having team of work for future planning of future development of sustainability ours national economy .

  6. පව්ල් පකා says:

    සියලු දෙනා උඩ යවන එකනං පට්ට කතාව… ආර්ථිකය අතින් නොව එහෙත් ඡීවිතය මත්තෙන් මූ මිනිස්සු මරයි

  7. N.Wimaladasa says:

    Needed certain correction of GVC is of that Global Value Chain, not that
    It has be correct as Chain.
    In other terms that Lenin Called that as International Division of Labor by Imperialism hegemony is similar wording in that current term is GVC .

Main News