සියළු දෙමල පාසැල්වලින් සිංහල ගුරුවරුන් ඉවත් කරනවා..- ඌවේ අධ්‍යාපන ඇමති

February 3, 2019 at 6:28 am | lanka C news
සියළු දෙමල පාසැල්වලින් සිංහල ගුරුවරුන් ඉවත් කරනවා..- ඌවේ අධ්‍යාපන ඇමති

ඌව පළාත තුල ඇති රජයේ දෙමළ මාධ්‍ය පාසල්වල සේවයේ යෙදෙන සිංහල ගුරුවරුන් ඒවායිව් ඉවත් කිරීමට කටයුතු කරන බව එම පළාත් දෙමළ අධ්‍යාපන ඇමති සෙන්දිල් තොණ්ඩමාන් මහතා පවසයි.

තම නියෝගයක් මත මේ වන විට බදුල්ල දෙමළ බාලිකා විදුහලේ සිංහල ගුරුවරියන් මාරු කිරීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කර ඇතැයිද ඔහු පැවසීය.

මෙසේ කිරීමට හේතුය ලෙස ඇමතිවරයා පවසන්නේ දෙමළ පාසල්වල සේවය කරන සිංහල ගුරුවරුන් දෙමළ භාෂාව නොදැන සිටීම බවයි.

දෙමල භාෂාව නොදැන දෙමල පාසැල්වල උගන්වන සිංහල ගුරුවරුන්ගෙන් දරුවන්ට කිසිදු පලක් නැතැයිද ඇමතිවරයා පැවසීය.

298 views
Main News