සියළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ වැටුප් අහෝසි කරන්නැයි කියයි..

May 21, 2022 at 8:40 am | lanka C news
සියළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ වැටුප් අහෝසි කරන්නැයි කියයි..

රටේ පවතින තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ වැටුප අහෝසි කළ යුතු බව සහන් ප්‍රදීප් විතාන මහතා සඳහන් කරයි.

ඇතිවූ දේශපාලන තත්වය හමුවේ තමා මේ මොහොතේ සිටින්නේ බරපතළ කලකිරීමක බවද සහන් ප්‍රදීප් මහතා පවසයි.

රට අද වැටී ඇති තත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 දෙනාම වගකිවයුතු බවද ඒ මහතා කීය.

එමෙන්ම ගෝල්පේස් අරගල කරුවන්ට පහරදීම තමන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස තරයේ හෙළා දකින බව ද පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම තව දුරටත් පැවසීය.

– මාධ්‍ය ඒකකය

71,184 views

12 Comments to “සියළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ වැටුප් අහෝසි කරන්නැයි කියයි..”

  1. Name says:

    එතකොට ආදායමක් ලබන්නෙ කොමිස් වලිං හොරාකාලද?

  2. Lapaya says:

    සියලු මිනි මරුවන්ට මරන ඩඩුවම දිය යුතුයි. බේරවැව ලග අවුරුදු 16ක බස් එකෙ හිටිය ලමයව මරපු අයටත් ඩඩුවම් දිය යුතුයි. අලුගෝසුවෙක් ඕනෙනම් සතයක්වත් නොගෙන ඒ රාජකාරිය කිරීමට මම සූදානම්..

  3. බයිසන් says:

    පඩි නැතුව ජීවත් වෙන්නෙ කොහොමද?.

    • Lalla says:

      ඉස්සර මන්ත්‍රී කම ගරු සේවයක්. ජේ ආර් තමා පඩියට වැඩ කරන පැන්ෂන්කාර මන්ත්‍රීල හැදුවේ.මන්ත්‍රීලට දීමනාවක් දීම හොඳයි.ඒත් පැන්ෂන් අහෝසිකල යුතුයි ජනපතිටත් එක්කම.

  4. අන්‍ර ස' says:

    දැන්වත් අනවශ්‍ය රාජ්‍ය සේවකයො ඉවත් කරන්න වැඩපිළිවෙළක් ගේන්න.. ඒක කවදා හරි කරන්න වෙනවා.. බැසිල් IMF යන්න තීරණය කරා වගේ පිළිකාව ඇග පුරා පැතුරුනයින් පස්සෙ අත අයින් කරල වැඩක් නැහැ…

  5. The Funeral Director says:

    පඩියට කලින් , අර පාර්ලිමෙින්තුවෙි 1500 ක , අරැම පුදුම ස්ටාෆ් එකයි, 225 ක් වූ , සත් ගුනවත් බහිරවයො සෙටි එකයි වළදන , ” කැන්ටිම ” නමි ඌරැ කොටුවට යමක් කරපල්ලා බං !
    අඩුම ගානෙ ITN එකේ පෙන්නන්නකො, තුන් වෙිලෙ මෙනූ එකයි, ඊට ගිය වියදමයි දිනපතා එක සුමානයක්.
    දැන්වත් ඇත්ත කථා කරමු.

    • Hi says:

      හරියට හරි. තව අවුරුදු 5 න් දෙන පෙන්ෂන් එක

  6. samitha himi says:

    Jamapathi gadara yawa thanathura ahosi karamu

  7. Nishanthi says:

    Padi dunnata kamak naa.nethnam a minissuth jeewath wenne kihomada? Nethi karanna owne warapprasaada deemana ha anikuth comis gahana ewaai. Namuth owa wena dewaluth nemei..

  8. හබරා says:

    වැටුප් අහෝසි කරලා හරියන්නේ නැහැ. ජීවත් වීමට ප්‍රමාණවත් වැටුපක් ගෙව්වාට කමක් නැහැ. මේ යෝජනාව මීට අවුරුදු තිහ හතලිහකට කලින් ක්‍රියාත්මක කරානම් මේ වෙනකොට පාර්ලිමේන්තුවේ දූශිතයන් ඉතුරු වෙන්නේ නැහැ. මහලොකු ජේවීපී වංචාකාරී නායකයෝ පවා තීරුබදු රහිත වාහන පර්මිට් එක අත යටින් විකුණා ඒවා ආයෝජනය කරනවා. උන්ගේ දුප්පත් අනුගාමිකයන් වැරහැලි ඇඳගන කටුමැටි ගෙවල්වල ඉන්න කොට මේ ජේවීපී පප්පලා රජසැප විඳින්නට පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පාවිච්චි කරනවා.

  9. john the Baptice says:

    සොරා ගත් මුදල් දැන් ඉලියට ඒවි.

  10. හෙලයා says:

    ඕව කිය කිය ඉන්න නෙමෙයි මිනිහො මේවෙලාවෙ කරන්න ඕනෙ. රටට ගැලපෙන පාලන ක්‍රමයක් සදහා ඔය දේසපාලුවන්ට ඕනෙ විදිහට මිසක් ජනතාව ට සෙතක් නොවන ල්ලෙස දැනට හදල තියෙන ඔය වියවස්තා අටමගල වෙනස් කරන්න කතා කරපන්

Main News