සියළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ හා ඇමතිවරුන්ගේ වැටුප් දෙගුණයක් ඉක්මවා (215%) වැඩි කර ගනී..

August 2, 2018 at 10:00 am | lanka C news
සියළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ හා ඇමතිවරුන්ගේ වැටුප් දෙගුණයක් ඉක්මවා (215%) වැඩි කර ගනී..

පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන්ගේ වැටුප මේ මාසයේ සිට දෙගුණයක්ද ඉක්මවා වැඩි කිරීමට තීරණය කර තිබේ.

මේ මාසයේ සිට ක‍්‍රියාත්මක වන නව වැටුප් ක‍්‍රමය අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට 120,000ක් හිමිවන අතර නියෝජ්‍ය ඇමතිවරයෙකුට 135,000ක් හිමිවෙයි. ඇමතිවරුන් හා රාජ්‍ය ඇමතිවරුන් සදහා වැටුප රුපියල් 140,000 තෙක් ඉහල දමා ඇත. මෙම වැටුප් වැඩි කිරීම ආසන්න වශයෙන් 215%ක් වෙයි.

මෙතක් පැවතියේ මන්ත‍්‍රීවරුනට රුපියල් 54,285ක්, නියෝජ්‍ය අැමතිවරයෙකුට 63,500ක්, ඇමති හා සහ රාජ්‍ය ඇමතිවරයෙකුට 65,000ක් වූ වැටුපකි.

දැනටමත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට කාර්යාල දීමනාව ලෙස රුපියල් ලක්ෂයක්, දුරකතන දීමනාව 50,000ක්, ප‍්‍රවාහන දීමනාව 10,000ක්, ඉන්ධන දීමනාව ලෙස අවමය 30,000ද දීමනා ලෙස ගෙවයි.

3,508 views

36 Comments to “සියළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ හා ඇමතිවරුන්ගේ වැටුප් දෙගුණයක් ඉක්මවා (215%) වැඩි කර ගනී..”

  1. Memopad says:

    Mr President, why do not murder the public, instead of make them to die. People are dying of hunger, you, your families and colleagues of thieves at the parliament squeezing blood of people. We curse you even your kit and kin. We pray your party and set of bond thieves will not be seeing for at least next 50 years. You will never ever born as a leader again in this country

  2. nuwan says:

    house rent 10% tax
    car 300% tax
    when selling car,land or property tax tax

  3. BARCARDI says:

    Problem with this matter is all parliamentarians ( UNP,SLFP,JVP, POHOTTUWA) are willing to take all those allowances.
    There should be another BODY to REGULATE this issue.

  4. Nuwan says:

    හොද වැඩක්. තව මදිනම් තව වැඩි කරගන්න. එතකොට හොරකම් කරන්න ඕන නෑ. උගත් අවංක මිනිස්සු, 65,000 අරගෙන දේශපාලනය කරන්නේ කොහොමද නය වෙන්නේ නැතුව. එහෙම නය උනාම තමය ඔය එක එක මුදලාලිලාගේ පස්සේ ගිහින් හිගාකන්න වෙන්නේ. ඒ හිගමනට හරියන්න මහජන මුදල් හොරකන්න වෙන්නේ. හරිනම් මන්ත්‍රී කෙනෙකුට රුපියල් 450,000 වගේ දෙන්න ඕන. එතකොට අවංකව කොන්ද පන තියාගෙන වැඩ කරන්න පුළුවන්. සාමාන්‍ය වෘත්තිකයෙක් මාසෙකට 150,000 ගනිද්දී මන්ත්‍රී කෙනෙකුට 120,000 දුන්නම ඌ හොරා කන එක අහන්න දෙයක්ද? දොස්තර කෙනෙක් උනත් මුලික පඩිය 65,000 වගේ හින්ද තමය private practice කරල ා සල්ලි හම්බු කරන්නේ. ගුරුවරු ටියුෂන් කරන්නේත් එකය්. දේශපාලකයෝ private practice කරනවා කියන්නේ කොමිස් ගහන එකනේ. මහජන මුදල් හොරා කන එකනේ.
    උගත්, අවංක මිනිස්සු දේශපාලනයට ඕන නම් හොදට පඩි දෙන්න. වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. කොටින්ම දේශපාලකයන්ට හොද පඩියක් ලැබෙනවානම් අම්මල තාත්තල උනත් තමන්ගේ ළමය දේශපාලනයට උනන්දු කරාවි. හිතල බලන්න.

  5. සමන්ත says:

    me hathikarema nathivela pala… okun serama nathi davasata thamai me rata goda yanne…

  6. Aceman says:

    I support the ‘Pohottuwa’ also. Here is a golden chance for them to show their character and integrity: Refuse this pay hike, if you remain silent about this, you are no better than the other guys.

  7. මේ ක්‍රියාත්මක කරන්නෙ 2006 සම්මතවුනු යෝජනවකට අදාල වැටුප්.

  8. C. Kandana says:

    අපි බලමු කවුද මේක එපා කියන්නෙ කියල.

  9. nihal says:

    ඔවුන්ට විශ්‍රාම වැටුපකුත් ලැබෙනවා. ඒ නිසා ඔවුන් රජයේ සේවකයෝ. ලෙඩ නිවාඩු නැතිව, රෑ දවාලක් නැතිව මහජනතාව වෙනුවෙන් සේවය කරන ඔවුන්ට වැටුප් වැඩි කරන ලෙස උද්ඝෝෂනය කරන්නේ කවුද?
    මේ වැටුප් වැඩිවීම ඉතාම සාධාරණයි.
    පළමුව ඔවුන් ජීවත් වී සිටින්න ඕන මහජනතාව වෙනුවෙන් නැහෙන්න.ඔවුන් ජීවත්වෙන්නෙ කොහොමද? ඔවුන්ට ඇති ප්‍රශ්න මොනවද කියල කවුරුවත් හඬක් නගනවාද ?

Main News