සියළු පාසැල්වල ජනාධිපති මෛත්‍රීගේ පින්තූර එල්ලන්නැයි ලිඛිතව දන්වයි..
May 21, 2017 at 3:50 pm | lanka C news
පාසැල් තුල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පින්තූරය එල්ලා තබන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විසින් දැනුම් දී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශයෙන් කරන ලද දැනුම්දීමක් අනුව යයි කියමින් අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර ලේකම්වරයා විසින් මේ බව දන්වමින් කලාප අධ්‍යාපන කාර්යාල වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.