සියළු ප‍්‍රභේද පරදන අති භයානක කොරෝනා නව ප‍්‍රභේදයක්..

January 5, 2022 at 2:10 pm | lanka C news
සියළු ප‍්‍රභේද පරදන අති භයානක කොරෝනා නව ප‍්‍රභේදයක්..

කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ භයානක නව කොරෝනා ප්‍රභේදයක් ඇති වීමේ අවදානමක් මතු වෙමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වන විට යුරෝපය පුරා ලැව්ගින්නක් සේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇතැයි ද ඔවුන් සඳහන් කරයි.

පමුගිය සතියේ පමණක් කොරෝනා ආසාදිතයින් මිලියන පහකට වැඩි සංඛ්‍යාවක් වාර්තා විය.

මේ වන විට ලොව පුරා සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව කෝටි තිහකට ආසන්න වී ඇත.

ලෝකයේ කොරෝනා ආසන්න මරණ සංඛ්‍යාව ලක්ෂ පනස් හතර ඉක්මවා තිබේ.

48,423 views

5 Comments to “සියළු ප‍්‍රභේද පරදන අති භයානක කොරෝනා නව ප‍්‍රභේදයක්..”

  1. නිකමට හු කියපු එකා says:

    හරි එකත් හෙට අනිද්දා ලංකාවට අවම අපි පරි පුර්ණ ජාතියක් ..

  2. කුඹුක්කණ් says:

    4 මාත්‍රාවට බිස්නස් එක හදාගමු නේද?

    එන්නත් ගහලා ලෙඩ වෙච්ච , මියගිය මිනිස්සුන්ට වන්දි ගෙවපියව්
    බටහිර ඇලොපති සේල්ස් රෙප් ලගෙ පඩිය කපලා

  3. Sri Nimal Padmakumara says:

    සියල්ල එතැනින් අවසන් වන්නේ නැති බව දැනේ. එන්නත් සමාගම් වල මඩි තර වී එක් එක් රටවල සියළු ඩොලර් ඔවුන් වෙත ඇද ගන්නා තුරු විවිධ නම් වලින් ප්‍රභේද එනු ඇත. විවිධ එන්නත් නිපදවනු ඇත. ඒවායින් අපේ ලේ පිරී යනු ඇත. අපේ ජන්මයෙන්ම ලැබුණු ප්‍රතිශක්තිය සහමුලින්ම ඉවත් වී අප කෘතිම රසායනික පිරවූ රුධිරයන් ඇති අමුතුම ජීවීන් කොටසක් බවට පත් වෙනු ඇත. උන් නව ප්‍රභේද හධුන්වා දෙනු ඇත. නව එන්නත් බිහි වනු ඇත. අපි ගසමු. ගසමු. කවදා හෝ මහ මග මැරී වැටෙන තුරුම එන්නත් ගසමු.

  4. Ravana parapura says:

    අපේ පාරම්පරික හෙළ ඔසු මේවාට පිළිතුරු දේවී.

  5. David Milli-banda says:

    Its time we move on to take out Hela Medicines…. Standards like Corriander with Ginger, Weniwelgeta ect.,
    We can survive better.

Main News