සියළු බුද්ධි තොරතුරු අප සතුයි.. මාස 03න් ත‍්‍රස්තයන් අවසන් කරනවා..- හමුදාපති

April 27, 2019 at 10:40 am | lanka C news
සියළු බුද්ධි තොරතුරු අප සතුයි.. මාස 03න් ත‍්‍රස්තයන් අවසන් කරනවා..- හමුදාපති

කොටි සංවිධානය පරාජය කරන ලද ශ‍්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන්ට වත්මන් ත‍්‍රස්තයන් පරාජය කිරීම ඉතා සුළු දෙයක් බව හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි.

මාස 03ක් ඇතුලත ශ‍්‍රී ලංකාවෙන් වත්මන් ත‍්‍රස්තවාදය සහමුලින්ම අතුගා දැමීමට ආරක්‍ෂ හමුදා සූදානම් බව තමන් වගකීමෙන් ප‍්‍රකාශ කරන බවද ඒ මහතා කියා සිටී.

සියළු ත‍්‍රස්තයන් සම්බන්ධයෙන් සියළු තොරතුරු බුද්ධි අංශ විසින් හෙලි කරගෙන අවන් බවද ඔහු සදහන් කලේය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පදනම් ආයතනයේදී පැවති හමුදා හා පොලිස් ප‍්‍රධානීන්ගේ හමුවක් අමතමිනි.

මෙම කාලය තුල ආරක්‍ෂක අංශවලට සහයෝගය ලබා දෙන ලෙසත් ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මහේෂ් සේනානායක මහතා ශ‍්‍රී ලංකා යුද හමුදාවේ සිටින ඉහලම ඝණයේ බුද්ධි නිලධාරියෙක් යයි ප‍්‍රකටය.

276 views
Main News