සියළු මරණවලට කොරෝනා මර්ධන බලකාය වගකිව යුතුයි.. එය විසුරුවාහැරිය යුතුයි..

August 8, 2021 at 4:40 pm | lanka C news
සියළු මරණවලට කොරෝනා මර්ධන බලකාය වගකිව යුතුයි.. එය විසුරුවාහැරිය යුතුයි..

කොරෝනා ආසාදිතව මෙරට මිය යන සියලු පුද්ගලයන්ගේ මරණ වලට වගකීම කොරෝනා මර්ධන බලකාය විසින් භාරගත යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

එනිසා රජය වහාම කොරෝනා මර්ධන බළකාය විසුරුවා හැර නීත්‍යානුකූල ව ඇති ආයතන මාර්ගයෙන් කොරෝනා මර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු පැවසීය.

එසේ නොකළහොත් ශ්‍රී ලංකාව 21 වන ශත වර්ෂයේ විශාලා මහනුවරක් බවට පත්වීමේ අවදානමක් ඇති බවද ඔහු පෙන්වා දෙයි.

දැනට ආණ්ඩුව කොරෝනා මර්දනයට ගෙන යන ක්‍රමවේද අසාර්ථක යැයි ද කී ඔහු තවත් ප්‍රමාද නොකර නීත්‍යානුකූලව ස්ථාපිතව ඇති ආපදාකළමනාකරණ මණ්ඩලය මඟින් මේ අර්බුදයෙන් ගොඩ ඒමට සැලසුම් සැදිය යුතු බව ද කියා සිටියි.

ඒ මහතා මේ අදහස් පළ කරන ලද්දේ අන්තර්ජාලය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

40,329 views

49 Comments to “සියළු මරණවලට කොරෝනා මර්ධන බලකාය වගකිව යුතුයි.. එය විසුරුවාහැරිය යුතුයි..”

  1. ටොමියා says:

    ඔව් ඔව් හරි හරි! ඔක්කොටම වගකියන්න ඕන කොරෝනා මර්ධන බලකාය තමයි. ජහපාලන කාලෙ – මහ බැංකු බැඳුම්කර මගඩිය, අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති වීම, හම්බන්තොට වරාය විකිණීම, පාස්කු ප්‍රහාර, උඹලා කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් නොකලත් රටේ ණය දෙගුණ කිරීම ආදි සියලු දේට කොරෝනා මර්ධන බලකාය වගකියන්න ඕනෙ නේද බං? එහෙම කරපු නිසා උඹ ආසනෙත් නැතුව පැරදුනු එකටත් කොරෝනා මර්ධන බලකාය වගකියන්න ඕනෙද?

    උඔ වගේ කුහකයෙක්! යුද්ධය කලේ උඹ හැබැයි මානව හිමිකම් කඩකලේ රාජපක්ෂලා කියලා බොරු චෝදනා කිසිම ලැජ්ජාවක් නැතුව එල්ල කරපු උඹ ඔලුවෙන් හිටගෙන ඕව කිව්වත් අපි ගනන් ගන්නෙ නෑ.

  2. පොරමෝලා says:

    මේ වට්ටක්කයා පිරිමි නර්ස් ලවා කොරෝනා ප්‍රවර්ධනය කරන ගමන් කොරෝන මර්ධන වැඩ පිලිවෙල බකල් කරනවා . මෙවැනි රාජ ද්‍රෝහී පුද්ගලයින් චීනයේ මෙන් හිසට වෙඩි තබා මරණීය දණ්ඩණය කල හැකි නීති සකස්කර අනුමත කල යුතුයි

  3. හිරාන් says:

    සම්පූර්ණ ඇත්ත කියන්නෙ

  4. කොරෝනා වලින් මියගිය අය පිළිබඳ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෙෙදය මතය අනුව “ආණ්ඩුව වගකිව යුතුයි” යන මතය බැහර කරනවා.දෙවනුව 9/8/21 අද දින මා තලංගම රෝහලට මගේ දෙවන සිනොපාමි එක විදගන්න ගියා.මා දියත උයනින් පලමු එක ලබා ගෙන නිසා බැ කීවා.එතනින් 9.00 කුලි රියක නැග දියතට පැමිණ 9.20 වනවිට බෙහෙත් විද අවසන්. හමුදාවට මෙික කරන්න බැ යන්නත් බොරුවක්.

Main News