සියළු මුස්ලිම් ජනතාවම වහාබ්වාදී ත්‍රස්තවාදයට යටත් කර ගනී.. බදියුදීන් චෝදනාවලින් නිදහස්..

June 5, 2019 at 9:20 am | lanka C news
සියළු මුස්ලිම් ජනතාවම වහාබ්වාදී ත්‍රස්තවාදයට යටත් කර ගනී.. බදියුදීන් චෝදනාවලින් නිදහස්..

මූල්‍යමය වාසි මත හෝ බිය වැද්දවීම් නිසා හෝ රවුෆ් හකීම්, කබීර් හෂීම් ඇතුළු ආණ්ඩුවේ සියලු මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වීමෙන්, රිෂාඞ් බදුර්දීන්ට එරෙහිව වහාබ්වාදී ත්‍රස්තවාදයට අනුබල දීමේ චෝදනාවෙන් ඔහු නිදහස් කර ගැනීමත් මුළුමහත් මුස්ලිම් ජන සමාජයම වහාබ්වාදී ත්‍රස්තවාදයට යටත් කරවීමත් යන කරුණු දෙකම ඉටු වී ඇති බවත් මෙය ශ්‍රී ලාංකීය සමාජය බරපතළ අනතුරකට ඇද දමා ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පෙන්වා දෙයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් උපවාස ක්‍රියාමාර්ගයකට එළැඹුණේ මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් ජන සමාජයේ පමණක් නොව සාමය අගයන මුළුමහත් ලෝක වාසීන්ගේම ඉල්ලීම වූ ‘වහාබ්වාදී ත්‍රස්තවාදය පිටුපස වූ දේශපාලන හස්තය නීතිය ඉදිරියට ගෙන ඒම’ ඉටු කරලීමට බවත් ඒ අනුව රිෂාඞ් බදුර්දීන්, අසාද් සාලි, ඒ.එම්.එල්.එම් හිස්බුල්ලා යන වහාබ්වාදී ත්‍රස්තවාදයට කිරි පෙවූවන් රස්සාවලින් ඉවත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් ජානිපෙ ජාතික සංවිධායකවරයා පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුව තුළත් විවිධ ජාතික සංවිධාන, වෘත්තීයවේදීන්ගේ සංවිධාන ඉහත සිව්දෙනා හා වහාබ්වාදී ත්‍රස්තවාදය අතර වන සබඳතාව පෙන්වා දී ඇති බවත් මේ අය වහාබ්වාදී ත්‍රස්තවාදීන් ආරක්ෂා කිරීමට කටයුතු කරන ආකාරය මෙරට ආරක්ෂක ප්‍රධානීන් හොඳින් දන්නා බවත් පැවැසූ ජයන්ත සමරවීර මහතා මේ සිවුදෙනා අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පැමිණවීමට ප්‍රමාණවත් සාක්ෂි ඇති බව ද සඳහන් කළේය. ඒ නිසා අගමැතිවරයා සහ ජනාධිපතිවරයා නාඩගම් නවතා වහාම මේ පිරිස නීතිය හමුවට පැමිණවීමට පියවර ගත යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.

සහරාන්ලා හා රිෂාඞ් බදුර්දීන්ලා සමග එකට සිට ගැනීමෙන් මුස්ලිම් ජන සමාජය වෙළාගෙන ඇති වහාබ්වාදී පිළිකාවට පිළියම් කළ හැකිදැයි තමන් කබීර් හෂීම් ඇතුළු මුස්ලිම් ඇමතිවරුන්ගෙන් ප්‍රශ්න කරන බවත් පැවසූ ජයන්ත සමරවීර මහතා මෙසේ සහරාන්ලා හා රිෂාද් බදුර්දීන්ලා සමඟ සිට ගැනීමෙන් මේ ඇමතිවරුන් වහාබ්වාදී ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක වූ සාමකාමී මුස්ලිම් ජනතාව පාවා දී ඇති බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය. වහාබ්වාදී ත්‍රස්තවාදීන්ගේ වෙඩි පහරට ලක්ව ආබාධිතව සිටින තම ලේකම්වරයාව ද අද කබීර් හෂීම් ඇමැතිවරයා විසින් පාවා දී ඇති බව ද ජයන්ත සමරවීර මහතා මෙහිදී සිහිපත් කළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

47 views

7 Comments to “සියළු මුස්ලිම් ජනතාවම වහාබ්වාදී ත්‍රස්තවාදයට යටත් කර ගනී.. බදියුදීන් චෝදනාවලින් නිදහස්..”

  1. sanka says:

    Tell this to Phottuwa Idiots. For the second time, they have caught and trapped in to Rathana’s plan.

    What the hell that Phottu idiot caused to protest in Pettah? No brains to think?

    Not politically foresight. Simply following the rally.

  2. Nim says:

    WEMAL SAHODARAYA
    GALABODAATHA
    SWAMEEN WAHANSE TA
    RATHANA SWAMEEN WAHANSE
    WEHILUWAK HATIYATA
    PENEN NEE
    MANDAAE MATA NOTHEREE

  3. ක්‍රිමිනල් says:

    අපේ හිංගලයෝ කලේ හැමදාම අරුට ,මූට ඇගිල්ල දික කරපු එක විතරයි. බලපල්ලා , එක හම්බයෙක් අස් කරපු හින්දා උන් රොත්ත පිටිං වර්ජනේ , අපේ උන් දෙපැත්තට බෙදිලා මරාගන්නවා , උන්ට කඩේ යන උන් බෙලි මිරික ගන්නවා. ඉතින් කොහෙද යකො ගොඩ යන්නේ ,ඉදිරියට යන්නේ රටක් විදිහට ? පුළුවන්නං අපේ සිංහල නායකයො ටික එක කොඩියක් ,යට්ට ගනිං.

  4. sathya says:

    මූල්‍යමය වාසි මත හා බිය වැද්දවීම් නිසා රවුෆ් හකීම්, කබීර් හෂීම් ඇතුළු ආණ්ඩුවේ සියලු මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වීය

  5. Aurora says:

    සියලුම මුස්ලිම් නායකයන් ඇමති ධූරවලින් ඉල්ලා අස්වුනේ වහබ්වාදී මුස්ලිම් ආගමික නායකයන්ගේ බලකිරීම නිසා බවයි අපි විශ්වාසකරන්නේ. එය ඔවුන් සම්පුර්ණ කැමැත්තෙන් කලදෙයක් යයි මුස්ලිම් නොවන ජනතාව විශ්වාස නොකරති. මේ අවස්ථාවේ රටේ දේශපාලන සහ ආරක්ෂක බලවතුන් විසින් කලයුත්තේ වහබ්වාදයට, නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ රිෂාර්ඩ්, හිස්බුල්ලා, හලීම් සහ අසාද් සාලි අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්වීමයි. එවිට ඔවුන් සහ අනෙකුත් මුස්ලිම් ඇමතිවරුන් අතර පැහැදිලි බෙදුම් රේඛාව නිර්මාණය වෙයි. ත්‍රස්තවාදයට සම්බන්ධ නැති ඇමතිවරුන්ට මේ ත්‍රස්තවාදී කුනුගොඩෙන් වෙන්වීමට මඟ පෑදේ.

  6. බන්ඩා says:

    මුස්ලිමුන්ගේ ඇඟේ දුවන්නේ සිංහල ලේ යය් සම්ප්‍රදායක මුස්ලිමුන් වන බාකීර් මාකර් සහ සබ්‍රි අලී වැන්නන් කියනවා. එසේ නම් නම් අල්ලා ඇදහුවත් සිංහල මුස්ලිමුන්ට ඇඟේ බෝම්බ බැඳගෙන සිංහල කතෝලික පල්ලිවල යාඤා කරන සිය ගනනක් මරාගෙන මැරෙන්න බැහැ. අද මුස්ලිම් සමාජයේ තරැණ තරැණියන්ගෙන් 90% ක ගේ මොල වහබ්වාදයෙන් සෝදා අවසන් බව දන්නෝ දනිති. ඒනිසා අද ඔබ අප හමුවේ ඇති ප්‍රධාන ප්‍රශ්ණය වන්නේ අර මොල සෝදපු උන් නැවත සම්ප්‍රදායික මුස්ලිමුන් කර ලාංකීය සංස්කෘතියට එක් කරන්නේ කෙසේද යන්නය්.

  7. sinha le says:

    මේ අය සියලු දෙනාම වහාබි ආගම අදහන අය

Main News