සියළු රජයේ සේවක වැටුප් 15%කින් ඉහල දැමේ…

November 15, 2017 at 12:40 pm | lanka C news
සියළු රජයේ සේවක වැටුප් 15%කින් ඉහල දැමේ…

සියළු රජයේ සේවක වැටුප් 2018 ජනවාරි මාසයේ සිට 15%කින් ඉහල දමන බව වජිර අබේවර්ධන ස්වදේශ කටයුත අමාත්‍යවරයා සදහන් කරයි.

කාර්යාල කාර්ය සහයක පටන් නීතිපති දක්වාම මෙම වැටුප් ඉහල යනු ඇතැයිද ඇමතිවරයා කියා සිටි.

නව වැටුප් ඉහල යාම යටතේ කාර්යාල කාර්ය සහයකයකුගේ මූලික වැටුප 14,000 සිට 23,000 දක්වාද, විශේෂඥ වෛද්‍යවරයකුගේ මූලික වැටුප 60,000 සිට 69,756 දක්වාද, නීතිපතිගේ මූලික වැටුප 110,000 දක්වාත් ඉහල යනු ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

වාර්ෂිකව රුපියල් බිලියන 12ක අතිරේක මුදලක් මෙම වැටුප් ඉහල දැමීම සදහා අවශ්‍ය යයිද ඇමති අබේවර්ධන වැඩි දුරටත් කියයි.

120 views

10 Comments to “සියළු රජයේ සේවක වැටුප් 15%කින් ඉහල දැමේ…”

  1. emathithumani, pinwath janapathithumani,

    wasara 40 sewaya kara pension gatta apitath 15% deela niwan yanna pinak kara ganna

    • ලංකා බෙල් says:

      ලංකා බෙල් අවම වැටුප 14000 ලංකාබෙල් MD ප්‍රසාද් සමරසිංහ නම් ලඟදි crescat අපාර්ට්මන්ට් එකේ ගෙවල් 2 ගත්තා .හැරී ජයවර්ධනට කිරි අපිට කැකිරි .

  2. kamalsiri kuruwita says:

    රජයේ සේවකයා චන්දය සඳහා ගොනාට ඇන්දවීම හෙවත් සොච්චන් පඩි වැඩි කිරීමට රැවටී අපේ දරුවන්ගේ අනාගතය විනාශ කරනවාද යන්න බුද්දිමත් ජනතාව සිත බැලිය යුතු කරුණකි .

  3. siraa says:

    චන්දෙ ලඟයි, චන්දෙ ලඟයි, චන්දේ ලගයි දීපල්ලා දැන් චන්දෙ, අමතකයි දැන් හැම එකාටම රට. දෙමු චන්දෙ පඩි වැඩි කලාට. චන්දෙන් පස්සේ ඉතුරු tax එනවා ඒ වැඩි කරපු ටික ගන්න.

  4. හම්බන්තොට විකුනපු සල්ලිද බැදුම්කර සල්ලිද ඡන්දෙත් ලඟයි උතුර සහ නැගනහිර වෙනම පාලනයකට සම්මත කරගන්නත් ඕන ආයත් මේ කාලකන්නි මුලු රටම අන්දලා රට නැතිම කරයි වගේ

  5. SUNIMAL says:

    මැතිවරනයට වෙළද දැන්වීමක් රැවටෙන්න එපා

  6. ජසයා says:

    ඇයි මෙම යෝජනාව අයවැය ලේඛණය තුලින් ඉදිරිපත් නොකලේ? අපිව ගොනාට අන්දලා චන්ද ටික දංකොල්ලා කන්න හිතන්න එපා මෙදා පාරනම්…

  7. Gamakanna says:

    14,000 into 15% is 2,100 addition of 14000 and 2100 how comes 23,000 some one show this mathematical technique.

  8. gaba says:

    yako meke hatiyata mama lankawe nithipathita wada salli kaarayek wenna ona ne.. lankawe nitipathita thama hamba wenne lakshayayi.. mama pita rata kuli wada karala laksha 3.5 k maseta hoyanawa.

Main News