සියළු රාජපක්‍ෂලා වැලිකඩ හිරේ දානවාමයි..- රාජිත

January 15, 2018 at 12:05 am | lanka C news
සියළු රාජපක්‍ෂලා වැලිකඩ හිරේ දානවාමයි..- රාජිත

2018 පළාත් පාලන මැතිවරණය අරමුණු කොටගෙන එක්සත් ජාතික පක්ෂයේ බේරුවල ආසන බල මණ්ඩල රැස්වීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බේරුවල වෙරළ ක්‍රිඩාංගණයේ දී යුතුව පැවැත්විනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“බේරුවල නගර සභාව සහ ප්‍රාදේශීය සභාව එක්සත් ජාතික පක්ෂයට ජයගැනීම සදහා ජනතාව රොද බදිමින් සිටිනවා. විරුද්ධ පාක්ෂිකයින් එක්සත් ජාතික පක්ෂය වටා එකතු වෙනවා. මෙම පළාත් පාලන ආයතන දෙකම දහස් ගණනින් අපි ජයග්‍රහණය කරනවා. රාජපක්ෂලා හිතනවා මේ රට් ඉන්නේ තනකොල කන මිනිස්සු කියලා. යුද්ධය දිනු නායකයා ජනතාව පරාජය කළා. හිටපු ජනාධිපතිවරයා ඇතුලු පවුලේ පිරිස සිදු කළ වංචා දුෂණ ජනතාවට තවම අමතක නැහැ. ඩුබායි බැංකු ගිණුම්වල තැන්පත් කර තිබෙන්නේ හොරකම් කළ සල්ලි. රාජපක්ෂලාගේ පරම්පරාගත සල්ලි නොවෙයි. රුපියල් බිලියන හතහමාරක මුදලක් එහි තැන්පත් කර තිබෙනවා. ඒ පිළිබද තොරතුරු අප සතුව තිබෙනවා.

යුක්රේනයෙන් මිග් යානා ලබාගැනීමේ ගනුදෙනුවත් හරිම දුෂිතයි. එය සිදු කර ඇත්තේ රණවිරු රාජපක්ෂයි. දැන් කකුලුවා ඉන්නවා වතුර රත් වෙනකම්. වතුර රත් වුනාම තමයි ප්‍රශ්නය. වංචාවෙන් හා දුෂණයෙන් සොයාගත් මුදල් වියදම් කරලා හොරකම් වහගන්න හදනවා. එමනිසයි මෙම රජය පෙරළන්න උත්සාහ කරන්නේ. මිග් යානයක් යුක්රේනය ලබාදී ඇත්තේ ඩොලර් මිලියන 7.2 කටයි. නමුත් ගිවිසුම් වල සදහන්ව ඇත්තේ ඩොලර් මිලියන 14.7 ක් ලෙසයි. රණවිරු රාජපක්ෂ ඩොලර් මිලියන 7.5 ක කොමිස් මුදලක් ලබාගෙන තිබෙනවා. මේ ගැන ලසන්ත වික්‍රමතුංග මහතා පුවත්පත්වල ලිපි පළ කළා. මේ වන විට මෙම ගනුදෙනුවේ ගිවිසුම් සියල්ල නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙනවා. මුදල් තැන්පත් කරලා තිබෙන්නේ හොංකෙං බැංකුවකයි.

අපි අඛණ්ඩව ප්‍රකාශ කළා රාජපක්ෂලාගේ හොරකම් ගැන කඩිනම්න් විභාග කරන්න කියලා. රජයේ ප්‍රමාදයක් තිබුනා. ඊට හේතු වුයේ හිටපු අධිකරණ අමාත්‍යවරයායි. ඔහු නඩු ප්‍රමාද කළා. ඒ රාජපක්ෂලා සමග තිබු ගණුදෙනුවකයි. එයා දෙකේ කොළේ රාජපක්ෂ කෙනෙක්. කෙසේ වෙතත් අපි මෙම නඩු කඩිනමින් විභාග කරනවා. වසර 2020 වනවිට රාජපක්ෂලාගේ ලිපිනය තියෙන්නේ වැලිකඩයි. තංගල්ලේ සහ මැදමුලන ලිපින අහෝසි වෙනවා. එම නිසා රාජපක්ෂලා අපෙත් එක්ක තරහයි. ආරම්භ කළ වැඩපිළීවෙල ඉදිරියටම ගෙනයනවා. පවුලේ සියලු දෙනාම හොරකම් කළා. පිළිකා රෝගීන්ට අවශ්‍ය ලිනියර් ඇක්සෙලේටර් වලින් ද රාජපක්ෂ නෝනා හොරකම් කළා. මේ හොරකම ගැන මාධ්‍ය යේ කරුණු හෙළි කිරීමෙන් පසු නෙදර්ලන්ත සමාගම එම ටෙන්ඩරය අහෝසි කළා. අලුතෙන් ටෙන්ඩර් කැදවා එම උපකරණ ලබාගන්නවා.

වර්තමානයේ බැදුම්කරය ගැන කථා කරනවා. බැදුම්කරය ගැන කථා කරන්නේ පට්ට හොරු. එක අමාත්‍යවරයෙකුගේ බිරිද ප්‍රකාශ කළා එම අමාත්‍යවරයා හොරෙක් කියලා. ඔහුගේ ආදායම ගැන බිරිද කරුණු හෙළි කළා. එවැනි අය තමයි බැදුම්කරය ගැන කථා කරන්නේ. කලුතර වැල්ලේ සුද්දන්ගෙන් මුදල් ගත් අය අද කෝටිපතියෝ වෙලා.

දැන් බැදුම්කරය ගැන ජනතා විමුක්ති පෙරමුණත් ලොකුවට කථා කරනවා. එහෙම කථා කරන්න පුලුවන් වුනේ ජනාධිපතිවරයා විසින් ජනාධිපති කොමිසමක් පත් කළ නිසයි. අග්‍රාමාත්‍යවරයා එම කොමිසන් සභා වාර්තාව පිළිබද විවාදයක් ඉල්ලා සිටියා. මෙම බැදුම්කර ගණූදෙනුවේ පාඩුව ගැන විවිධ අය විවිධ ප්‍රකාශ සිදු කරනවා. මම ආර්ථික විශේෂඥයින් සමග සාකච්ඡා කළ පසු කියා සිටියේ බැදුම්කර ගණූදෙනු පිළිබදව මෙලෙස ගණනය කරන්න බැහැ කියලා. වර්තමානයේ අට ශ්‍රේණිය සමත් වුන අයත් බැදුම්කරය ගැන කථා කරනවා.

පසුගිය රජය සමයේ හොරකම් රැසක් සිදු වුවත්, කොමිසම් ස්ථාපිත කළේ නැහැ. එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා තල්ගස්ගොඩ පිටිය කොමිසම ස්ථාපිත කරමින් එම රජයේ අමාත්‍යවරුන් 04 කගේ ප්‍රජා අයිතිය අහෝසි කළේ අල්ලස් ලබාගැනීම හේතුවෙන්. ඉන් පසු කොමිසමක් ස්ථාපිත කර කිසියම් දුෂණයක පරීක්ෂණ පැවැත්වූයේ වත්මන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයායි. බැදුම්කර කොමිසමේ සංශිප්ත වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු ඇතැම් අය පාර්ලිමේන්තුවේදීත් ගැටුම් ඇති කර ගත්තා. පසුගිය රජය සමයේ හොරකම් රැසක් සිදු කළ මරු සිරා ලා හොරකම් ගැන කථා කිරිම හරිම විහිලුවක්. අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවට පත් කරන විට මම ඊට විරෝධය පළ කළා. මොකද මම එම පුද්ගලයා ගැන දන්න නිසා. මම අග්‍රාමාත්‍යතුමා සමග විශ්වාසයෙන් කටයුතු කරන්නේ. බැදුම්කර වාර්තාවට අනුව බැදුම්කරයේ පාඩුව රුපියල් බිලියන 11 ක්. නමුත් අපි එම සමාගමෙන් රුපියල් බිලියන 12 ක මුදලක් රදවාගෙන සිටිනවා. එම නිසා ගැටලුවක් නැහැ. නමුත් රාජපක්ෂලා බිලියන ගණන් හොරකම් කර තිබෙනවා. ඒ පිළිබදත් තොරතුරු හෙළි වී තිබෙනවා. රාජපක්ෂලා හිතනවා ඇති අපි වැදගත් විදිහට කථා කරන කොට අපට පාඩම් උගන්වන්න. නමුත් අපි මෙවර මැතිවරණයෙන් රාජපක්ෂලාට පාඩමක් උගන් වනවා.”

– ප‍්‍රසන්න අධිකාරී

125 views

20 Comments to “සියළු රාජපක්‍ෂලා වැලිකඩ හිරේ දානවාමයි..- රාජිත”

  1. Rojer says:

    Hay Big liar Your goverment had 3 years to find so called corruption in previous government
    You didn’t find any major malpractices and just all lies spread to win last election and coverup all big robberies of this government
    1. Biggest robbery in Sri Lankan history is robbing of Central Bank how can you say nothing happens there people not comb as you
    2. You were a leading member of previous govt. through out and benefited from that and you didn’t say a word then
    3. This govt spend big time to divert people attention cover up your inability to anything to problems people are facing day to day life
    When election comes you are spreading same old lies but people are intelligent will not vote for you

  2. ව්දිය බණ්ඩාර says:

    ඒක හොදයි
    හැබැයි ඔබතුමා කවදාද හිරේ යන්නේ.
    කට්ටියවම එකට මුනගස්වමු.

  3. ajita de costa says:

    me rajapaksha horu kathawa 2020 wenakam yanawa – election lnwenakota hire danawa – iwaraunama nadu ne kiyala eliyata gannawa – pahadili dath apata dan

    • Randhunu says:

      හරියට හරි, අපිත් ඡන්දයක් කිට්ටු වෙනකොට තජුඩීන්ගෙ මිනිය එලියට ගන්නව.
      ඡන්දෙ ඉවර වුනහම වලට දාල වහල දානව!

  4. siraa says:

    අනේ දාපන්. ලැබුණු අවස්ථාවෙන් රට නොහදපු වරදට විශේෂයෙන් හිරේ දාපන්. රාජපක්ෂ රට කෑවා, හිරේ දාපන්. අපිට පාන්ද? හම්බයට රට පාවා දුන්න යුද්දෙන් පස්සේ.

  5. Kings says:

    මේ නඩුකාර හාමුදුරුවො පත්කලේ කවුද? දැන් දත් ගලවන්නෙ නැතිදෙ?

  6. රිටිගල ජයසේන says:

    රාජපක්ෂලාගේ නිත්යනුකල නොවන ලෙස උපයාගත් වත්කම් රාජසන්තක වන දිනය එනකන් මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා, කවදද එක වෙන්නේ කියන එක ක්‍රියාවෙන් කරලා පෙන්නන්න. කටින් බතල කොළ හිටෙව්වට මේ රටේ මින්ස්සුන්ට වැඩක් වෙන්නේ නැහැ රාජිත මහත්තයෝ.

  7. දෙය්යෝ සාක්කි says:

    ඔබටත් එසේම වේවා කියා පතමි.

  8. Rohitha says:

    a aya hiredaala nowaradawama umbage kakkussi kata ehe gihilla hai karapan haebaei a gaena owunta pilikulak naeththam pamanai.

Main News