සියළු රාජ්‍ය විශ්වවිද්‍යාල හරිත විශ්වවිද්‍යාල බවට පත් කිරීමට උපකුලපතිවරුන්ට උපදෙස්…
January 14, 2017 at 2:04 am | lanka C news
2016 වර්ෂයේ උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රගති සමාලෝචනය හා 2017 වර්ෂය තුල දිවයිනේ එක් එක් විශ්ව විද්‍යාල කටයුතු කල යුතු ආකාරය සහ විශ්වවිද්‍යාල තුල මතුවන ගැටළු විසඳාලීම වෙනුවෙන් සාකච්ඡුාවක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක , උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් දිවයිනේ සියළුම විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන වල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
මෙහිදී හරිත සංකල්පය හා තිරසාර සංවර්ධන ඉලක්ක, රාජ්‍ය විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන තුල ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡ කෙරිණි. දැනට මෙම හරිත සංකල්ප වැඩ පිළිවෙල කැළණිය විශ්වවිද්‍යාලය තුල සාර්ථකව ක්‍රියාත්මක වන අතර එය දිවයිනේ අනෙකුත් උසස්් අධ්‍යාපන ආයතන වෙතද ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩ පිළිවෙල සාකච්ඡ කෙරිණි. හරිත සංකල්පය ක්‍රියාත්මක කිරීම තුල කැලණිය විශ්ව විද්‍යාලය ලද ප්‍රගතිය උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමාගේ පැසසුමට ලක් විය.
සියළු විශ්ව විද්‍යාල තුල පොලිතීන් භාවිතය අවම කිරීමේ වැදගත් කම පෙන්වා දුන් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ 2016 වර්ෂයේ කැලණිය විශ්ව විද්‍යාලය තුල හරිත සංකල්පය ක්‍රියාත්මක කිරීම නිසා එම වසර තුල පමණක් පොලිතින් කවර (Lunch Sheet) ලක්ෂ 2ක ප්‍රමාණයක් විශ්වවිද්‍යාලය තුල භාවිතයෙන් තුරන් කිරීමට හැකියාව ලැබී ඇති බවයි.
පරිසරය ආරක්ෂා කිරීම මූලික කරගනිමින් කැලණිය විශ්වවිද්‍යාල තුල ක්‍රියාත්මක හරිත සංකල්පය යටතේ ඝණ අපද්‍රව්‍ය කළමණාකරණය, විශ්වවිද්‍යාල තුල එක්රැස් වන අපද්‍රව්‍ය පරිසර හිතකාමී හා සෞඛ්‍ය ආරක්ෂිත බැහැර කිරීමක් සඳහා අපද්‍රව්‍ය වෙන් කිරීම හා ගබඩා කිරීම , කඩදාසී ප්‍රතිචක්‍රීකරණයට යොමු කිරීම , කොම්පෝස්ට් නිෂ්පාදනය , ජීව වායු නිපදවීම , අප ජලය පිරියම් කිරීම යන කර්තව්‍යයන් සිදු කරයි. කඩදාසී ප්‍රතිචක්‍රීකරණයට යොමු කිරීමේ ව්‍යාපෘතිය මඟින් 2016 වර්ෂය අවසන් වන විට භාවිතා කල කඩදාසී කිලෝ ග්?ම් 62000 ක ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණයට යොමු කර ඇත.
එමෙන්ම මෙම විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි වලින් එක් රැුස් වන වැසි ජලය අපතේ නොයවා ඒවා රැුස් කර පැළ තවානේ වැඩ කටයුතු සඳහාද , කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන කිරීමට අදාල කටයුතු සඳහාද , වැඩ අංශයේ උපකරණ සේදීමේ හා උද්‍යාන කටයුතු සඳහා ද යොදා ගෙන ඇති බව අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදි .
මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඞී.සී.දිසානායක මහතා , උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පී.ජී.ජයසිංහ මහතා, විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහාතා ඇතූළු දිවයිනේ සියළු විශ්වවිද්‍යාල නියෝජනය කරමින් කුලපතිවරු උපකුලපතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
– රජිත සමරසූරිය
මුන්ටික හරිත විනාශ කරලා , ලමින්ට හරිත වැඩ සටහන් ගැන
ඔය හරිත ගොඩනැගිලි හදන කොම්පැනිවලින් මූ හොඳට ගහනවා. කොමපැනිය අයිතිකාරයො අපිට කිව්වා
Modayaaaaaa !
Ow eka hari, ethakota ona gonekuta Usas Adyapana amathiwenna puluwan kanna kola jaathi ona tharam.