සියළු රෝහල්වල දන්ත සායන මධ්‍යස්ථාන සංවර්ධනය කරයි..

December 14, 2016 at 2:04 am | lanka C news
සියළු රෝහල්වල දන්ත සායන මධ්‍යස්ථාන සංවර්ධනය කරයි..

දිවයින පුරා රෝහල්වල පිහිටි දන්ත සායන මධ්‍යස්ථාන සංවර්ධනය කිරිමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත. ඒ අනුව දන්ත සායන සදහා අවශ්‍ය රුපියල් මිලියන 200 ක් වටිනා උපකරණ තොගයක් ඛෙදාදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා සිදු කෙරිනි.

ඒ අනුව නවීන දන්ත සායන පුටු 150 ක්, ප්‍රභා රශ්මි උපකරණ 140 ක්, සෞඛ්‍ය ප්‍රවර්ධන වීඩියෝ පට සහ රූපවාහිනී යන්ත්‍ර 200 ක් සහ ෆ්ලෝරෝසිස් (fluorosis) රෝගය සදහා ප්‍රතිකාර කිරීෙමි කට්ටල ද මෙහිදී ඛෙදා දෙන ලදි.

එම උත්සවයේ දී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා “ශ්‍රි ලංකාවෙි දන්ත සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා කොළඹ ජාතික රෝහලට අනුබද්ධව රුපියල් මිලියන 1300 ක මුදලක් වැය කරමින් දන්ත රෝහලක් ඉදිකර ඉදිරියේ දී විවෘත කිරිමට නියමිතව තිඛෙනවා. එම රෝහලේ දෙවන අදියර සදහා රුපියල් මිලියන 1500 ක් වැය කරනවා. කොළඹ ජාතික රෝහල ද සියළුම ප්‍රතිකාර සේවා ඇතුලත් වන පරිදි සංවර්ධනය කිරිමට සැළසුම් කර තිඛෙනවා. කරාපිටිය ශික්ෂණ රෝහලට අනුබද්ධව දන්ත රෝහලක් ඉදිකිරීමට ද නියමිතයි. කරාපිටිය ශික්ෂණ රෝහල සංවර්ධනය කිරිම සදහා වැය කරන මුදල රුපියල් මිලියන 9000 ක්. ඇටමිදුළු බද්ධ කිරීෙමි සැත්කම් මහරගම අපෙක්ෂා රෝහලේ දී සහ මහනුවර මහ රෝහලේ දී ආරම්භ කිරීමට මම පියවර ගෙන තිඛෙනවා. නිදහස් සෞඛ්‍ය සේවාව ජනතාවට එම අයුරින්ම ලබාදීම සදහායි මෙම සියළු පියවර ගනු ලබන්නේ.” යැයි ද වැඩිදුරටත් පැවැසීය.

– නිපුන් ඒකනායක

162 views
Main News