සියළු රෝහල්වල ICU, HDU වසා දමන්න ආසන්නයි.. මුදල් නෑ…

May 19, 2022 at 1:20 pm | lanka C news
සියළු රෝහල්වල ICU, HDU වසා දමන්න ආසන්නයි.. මුදල් නෑ…

සියලුම රෝහල්වල දැඩි සත්කාර ඒකක පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය රුධිර වායු විශ්ලේෂක නොමැතිකම හේතුවෙන් එම ඒකක පවත්වාගෙන යාමට නොහැකි දැඩි අර්බුදයක් මතුව ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසයි.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ICU හා HDU වල ප්‍රතිකාර ලබන රෝගීන් ඉහළ අවදානමකට ලක්ව ඇති අතර රුධිර වායු විශ්ලේෂක නොමැතිව එම ඒකක පවත්වාගෙන යාම නිෂ්ඵල බවද ඔවුන් පෙන්වා දේ.

විශ්ලේෂක ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතික්‍රියාකාරක සැපයුම්කරුවන්ට රුපියල් මිලියන 300ක පමණ මුදලක් ගෙවීමට සිදුව ඇති බව සම්මේලනය පැවසීය.

මාස 4කට වැඩි කාලයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නොසැලකිලිමත්කම හේතුවෙන් ප්‍රතික්‍රියාකාරක ලබාදීමට නොහැකි බව අදාළ සමාගම් දන්වා ඇති බවද ඔවුන් පවසති.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මෙවැනි ගැටලුවලට තාවකාලික විසඳුමක් හෝ දීමට වගකීම් විරහිත වීම හේතුවෙන් සැපයුම්කරුවන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති අතර අමාත්‍යාංශයට ණය ලබාදීම හේතුවෙන් ඇතැම් සමාගම් බංකොලොත් වී ඇතැයිද සංගමය කියා සිටී.

50,059 views

8 Comments to “සියළු රෝහල්වල ICU, HDU වසා දමන්න ආසන්නයි.. මුදල් නෑ…”

  1. Dunstan says:

    Blood gas analysis is useful but not essential for ICU care.

    • Sameera says:

      අනේ මේ කොටි කුමුදේශ් කාලකන්නිය දන්නා තරම. මු මේවා දෙසා බාන්නේ හරියට මහා දොස්තර වගෙයි. මූ කියන රුධිර වායු විශ්ලේෂක (Blood gas analyser) ICU වල හැම ලෙඩාටම ඕනේ නැහැ, ඒක නැතත් කරන්න වෙන දේවල් තියෙනවා. මූ රනිල්ගේ, රජිතයගේ හොද කුක්කෙක්. දැන් ගොඩක් සද්දේ වහල ඉන්නේ රනිල් අගමැති නිසා. නැත්නම් මුගේ සද්දේ බලන්න තිබුණා

      • Nadisha says:

        blood gas analysis කියන එක ලංකාවේ විටින් විට කරන්න බැරි තත්ත්ව ඇවිත් තියෙනවා. ඒක ICU වහන්න තරමේ හේතුවක් නෙවෙයි. කුමුදේශ් දන්න ඉටිගෙඩිය.

  2. ගැමියා says:

    ඇතුලේ වැඩ කරන උන් ඔවා හොරකම් නොකර හිටියනම් ඕනතරම් බඩු තිබ්බා

  3. gamaya says:

    මහා රජානෝ දැන් සැපද? මුන්ව රජ කරපු අය දැන් ලැජ්ජා වෙන්න ඕනේ

  4. Deshappaaluwo says:

    These short comings and disasters are due to lack of knowledge in military personnel in govt institutions in principles of administrative and financial regulations and the people who appointed these should take the responsibilities.

  5. ධර්මදාස says:

    ටික කාලයක් ඉවසමු

  6. Nirapakshikaya says:

    ඇමතිලට ගෙවල් හදන්න සල්ලි තිබ්බනෙ. මිනිස්සු ලේ කෝප කරගන්න ඔනි නෑ. මේවා මතක තියාගන්න ඊලඟ ඡන්දෙට. දැනටත් කඩෙ යන්නෙ මුන්ගෙන් හම්බකරගත්ත උන් තමා. මතක තියාගන්න උන්වත්.

Main News