සියළු ශාල්‍යකර්ම නවතයි.. මළසිරුරු ගද දසත පැතිරෙයි.. ගම්පහ රෝහලට අසාධ්‍යයි..

June 11, 2019 at 5:30 pm | lanka C news
සියළු ශාල්‍යකර්ම නවතයි.. මළසිරුරු ගද දසත පැතිරෙයි.. ගම්පහ රෝහලට අසාධ්‍යයි..

රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

රටෙහි වැඩිම ජනගහනයක් ජිවත්වන ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය වන ගම්පහ රෝහල ‍වර්තමානයේ ඉතාමත් අසාධ්‍ය තත්තවයට පත්වඇත. දිවයිනෙහි වැඩිම රෝගීන් ප්‍රමාණයක් ප්‍රථිකාර ලබා ගැනීමට පැමිනෙන, රෝහල් දහයෙන් එකක් වන මෙම රෝහල බස්නාහිර පළාත් සභා පාලනයේ පවතී. ජනපතිවරු, අගමැතිවරු, කථානායකවරු බිහි වු ගම්පහ දිස්ත්‍රික්කයේ මෙවැනි අඩුපහසුකම් සහිත රෝහලක් පැවතීම ඔවුන්ට ද නිගාවකි.

සියලුම සැත්කම් නැවතිලා….

පසුගිය සතිය වනවිට රෝහලේ වායුසමීකරණ පද්ධතියේ කාර්මිකදෝෂයක් නිසා, සියලුම ශෛල්‍යකර්ම නවතා දමා ඇත. මේ අතර පසුගිය මාසය තුළ වාර්තා වුයේ රෝහලෙහි මෘත ශරීරාගාරයේ දුගද රෝහල් වාට්ටු පුරාම පැතිර යන බවට තොරතුරකි. රෝහල සදහා ස්ථිර මෘත ශරීරාගාරයක් නොමැත. රෝහළෙහි මෘත ශරීරාගාරය ප්‍රමාණයත් නොවීම නිසා බස්නාහිර පළාත් සභාව මගින් ලක්ෂ 260ක මුදලක් යොදවමින් නව මෘත ශරීරාගාරයක් ඉදිකිරීමට කටයුතු යොදා තිබුණ ද, එම ඉදිකිරීම සදහා කොන්ත්‍රාත්තුව ලබාගත් කොන්ත්‍රාත් කරු රු ලක්ෂ 60 පමණ මුදලකට ගොඩනැගිල්ලේ අත්තිවාරම පමනක් දමා අතුරුදහන් ව ඇත‍. ‍ඉදිකිරීම සදහා කොමිස් මුදල් ගත්තෝ ද , දේශපාලකයෝද, අදත් නිහඩය.

පරිපාලනයේ බිද වැටීම සහ රෝහලේ අඩුපාඩු…

වසර 06ක පමණ කාළයක සිට රෝහල සදහා ස්ථිර අධ්‍යක්ෂකවරයෙකු නොමැති අතර රෝහල් පරිපාලන කටයුතු දැඩි ලෙස බිදී ගොසිනි.මෙවැනි ප්‍රධාන රෝහලකට අත්‍යාවශ්‍යම වු 01 සී.ටී ස්කෑන් පරීක්ෂණ 02 එම්.ආර්. අයි පරීක්ෂණ 03 හෝමෝන පරීක්ෂණ නොමැත.ශ්‍යලාගාර සහ රසායනාගාර පහසුකම් අවම මට්ටමක පවතී.දැඩි සත්කාරක ඒකකයේ රෝගීන් වැඩි ප්‍රමාණයක් රදවා ගැනීම සදහා ද පහසුකම් නොමැත.දැඩි සත්කාර ඒකකයට රෝගීන් වැඩි වු විට කිලෝමීටර් 14ක් පමණ දුරක වු රාගම රෝහල වෙත යැවිය යුතුය.එය රෝගීන් මුහුන දෙන ප්‍රධානතම ගැටලුවකි.රෝහල් ප්‍රධානතම ගොඩනැගිලි පරිශ්‍රය ද දැඩි ලෙස අබලන්ව යාමේ තර්ජනයකට මුහුණ දී ඇත.ඉහළ මහලේ සිට කාන්දු වන අපිරිසිදු ජලය පහත මහළට කඩා වැටෙන්නේ රෝගීන් දැඩි ලෙස අපහසුතාවයනට ලක් කරමිනි.

ජනතාවගේ බදු මුදලින් නඩත්තුවන නිදහස් සෞඛ්‍ය සේවය මෙවැනි තත්වයකට ඇද වැටීම කණගාටු දායකය.රෝහලක් තිබිය යුතුවන්නේ රෝගීන් නඩත්තු කිරීමට උවද ,ගම්පහ ජනතාවගේ අවාසනාවට ජනතාවට රෝහල නඩත්තු කිරීමට සිදුවී ඇත‍.වර්තමානය වන විට සිදු වී ඇත්තේ ගම්පහ රෝහල පළාත් සභා දේශපාලකයින් ගේ රැකියා ලබාදෙන තෝන්තැන්නක් වීමය.රෝගීන් සදහා අත්‍යාවශ්‍ය වන සුරක්ෂාව එහි නැත.

බස්නාහිර පළාත් සභාව විසුරැවා හැරීමට පෙර එහි දේශපාලකයින් තමන්ගේ ප්‍රශ්චාත්භාගය තැබීම සදහා රුපියල් ලක්ෂ 36ක පුටු ලබාගැනීමට තැත්කිරීම හැර,රෝහල් පිළිබදව අවධානය යොමු කළේ නම් මෙවැනි ඛේදජනක තත්වයන් ඇති නොවන්නට ඉඩ තිබුණි

වර්තමානයේ දී කල යුතු එකම විසදුම වන්නේ ගම්පහ රෝහල මධ්‍යම රජයට පවරා ගෙන එහි අඩුපාඩුකම් සපුරාලීමයි.ඒ සදහා අතිගරු ජනාධිපතිතුමා,සෞඛ්‍ය ඇමතිතුමා,පළාත් ආණ්ඩුකාරතුමා හදිසි තීරණයක් ගෙන මෙම රෝහල මධ්‍යම රජයට පවරාගන්නා ලෙස සමස්ත ගම්පහ ජනතාව ‍වෙනුවෙන් ඉල්ලා සිටිමු.

ධම්මික එදිරිසිංහ
ලේකම්
රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය

46,284 Viewers

7 Comments to “සියළු ශාල්‍යකර්ම නවතයි.. මළසිරුරු ගද දසත පැතිරෙයි.. ගම්පහ රෝහලට අසාධ්‍යයි..”

  1. sathya says:

    1. වසර 06ක පමණ කාළයක සිට රෝහල සදහා ස්ථිර අධ්‍යක්ෂකවරයෙකු නොමැත
    2. සී.ටී ස්කෑන් පරීක්ෂණ, එම්.ආර්. අයි පරීක්ෂණ, හෝමෝන පරීක්ෂණ නොමැත.
    3. ශ්‍යලාගාර සහ රසායනාගාර පහසුකම් අවම මට්ටමක පවතී
    4. රෝහලෙහි මෘත ශරීරාගාරයේ දුගද රෝහල් වාට්ටු පුරාම පැතිර යයි
    5. ඉහළ මහලේ සිට කාන්දු වන අපිරිසිදු ජලය පහත මහළට කඩා වැටෙන්නේ රෝගීන් දැඩි ලෙස අපහසුතාවයනට ලක් කරමින්

    • අපි මෝඩ නැ says:

      වසර 6 කියන්නේ 2019-6= 2013 ඉදන් නේද අද්යක්ෂක වරයෙක් නැත්තේ. ඒ කාලේ කව්ද ජනාදිපති.

  2. Kayiwaruwa says:

    Mama thaththata kiyala balannam. Ba. Ba.

  3. Saradiel says:

    රාජිත ධුරයෙන් ඉවත් කිරීමට ජනපති මැදිහත් විය යුතුයි

  4. john the baptice says:

    දත් දොස්තර යළිත් වරක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ලැජ්ජයි

  5. samantha says:

    rajitha pumping money to SAITAM. No funds for Gampaha

  6. ගොබ්බයා says:

    ඡන්දය දමා නැවත හිටිය මී හරක්ම පත් කරගනිල්ල

Leave a Comment

Main News