සියළු සායනික පර්යේෂණ සාර්ථකයි.. අතුරු ආබාද කිසිවක් නෑ.. කොරෝනා මඩින රුසියානු එන්නත ලොව පුරා බෙදා හරින්න WHO අනුමැතිය ඉල්ලයි..

October 29, 2020 at 2:10 pm | lanka C news
සියළු සායනික පර්යේෂණ සාර්ථකයි.. අතුරු ආබාද කිසිවක් නෑ.. කොරෝනා මඩින රුසියානු එන්නත ලොව පුරා බෙදා හරින්න WHO අනුමැතිය ඉල්ලයි..

කොරොනා වෛරසය ආසාදනය වැළැක්වීමට රුසියාව විසින් නිපදවන ලද ‘ස්පුට්නික් 5’ නැමැති එන්නත ලොව පුරා වාණිජ මට්ටමින් බෙදා හැරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රුසියානු රජය විසින් ඉල්ලීමක් කර තිබේ.

මෙම එන්නත සම්බන්ධයෙන් සිදු කළ යුතු සියලු සායනික අත්හදා බැලීම් සාර්ථකව අවසන් වූවන් අතුරු ආබාධ කිසිවක් වාර්තා නොවන බවත් රුසියානු රජය විසින් මෙම ඉල්ලීම කරමින් දැනුම් දී ඇත.

එන්නත සාර්ථක සහ ආරක්ෂිත බවට රුසියානු වෛද්‍ය සභාවේ අනුමැතිය හිමිවීමෙන් පසු මෙම ඉල්ලීම කර ඇත.

කෙසේ නමුත් මෙම එන්නද සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතෙක් මෙතෙක් කිසිවක් පවසා නැත.

රුසියානු විරෝධී බටහිර රටවල් කිහිපයක් සඳහන් කර ඇත්තේ රුසියාව එන්නත ලබාදීම සිදු කළේ රුසියානුවන් ගේ ජීවිත අනතුරේ දමන බවත් එන්නත ලබා දුන් ඇතැමුන් අතුරු ආබාධ පෙන්නුම් කරමින් සිටින බවත්ය.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි විශ්වාසයක් තබා ඇත්තේ බ්‍රිතාන්‍ය ඔක්ස්ෆ්ර්ඩ් සරසවිය හා තවත් සමාගමක් එක්ව නිපදවන එන්නතක් පිළිබඳවයි.

එය ආරක්ෂිත එකක් වනු ඇති බවත් එළඹෙන නත්තලට කලින් එය එළි දැක්වීමට හැකි වනු ඇති බවත් බලාපොරොත්තු තබා සිටි ඔක්ස්ෆර්ඩ් විද්‍යාඥයන් සඳහන් කර ඇත්තේ එය එළි දැක්වීම එළැඹෙන වසර තෙක් කල් යනු ඇති බවයි.

75,751 views

22 Comments to “සියළු සායනික පර්යේෂණ සාර්ථකයි.. අතුරු ආබාද කිසිවක් නෑ.. කොරෝනා මඩින රුසියානු එන්නත ලොව පුරා බෙදා හරින්න WHO අනුමැතිය ඉල්ලයි..”

  1. Demuni Uduwara says:

    If we buy do you give commissons? If not we buy from China.

  2. Upul Attanayake says:

    many third class people think everything is moving forward with Bribe. I dont agree many genuine people around Our County. only no talent its incompetent people try to get their way with Bribe .
    remember if you dont do it firstly . then no need finger pointing others

  3. Kali says:

    අතුරු ආබාධ මුලින් එන්නේ නෑ, මාසයක් දෙකක් යනකොට එන්නත ඇඟ ඇතුලේ මියුටේට් වෙනවා. එකෙන් සොම්බිලා හැදෙනවා. ඒ සොම්බිලා නිරෝගී කෙනෙක් හැපුවම ඌත් සොම්බියෙක් වෙනවා. බොරුනන් බලන්න විල් ස්මිත් ඉන්න I am Legend ෆිල්ම් එක. සරම්ප වයිරස් එක ජාන වෙනස් කරලා බෙහෙතක් කරනවා පිළිකාව සුව කරන්න. ඒක මියුටේට් වෙලා සේරම මිනිස්සු සොම්බි වෙනවා. මේක ගැහුවමත් ඕකමයි වෙන්නේ…බලපල්ලා මම බොරුද කියන්නේ කියලා.

    • kamal says:

      පොඩ්ඩක් කියපන් කොඉ පැත්තෙන්ද හිනා වෙන්ට ඕනේ කියලත්

      • Kali says:

        කැමති පැත්තකින් හිනාවෙවී ඉන්නකො…මම කියන දේ ඇත්ත උනාම බලමු කවුද අන්තිමට හිනාවෙන්නෙ කියලා…

  4. n.s fasions kurunegala says:

    west dont care lives – they want to make a business – who is a corrupt organisation

Main News