සියළු සේවකයින් බලාගාරවලින් ඉවත් වෙති.. රට පුරා විදුලි සේවක වර්ජනයක් ඇරඹේ..
April 5, 2017 at 6:48 pm | lanka C news
අද මධ්‍යම රාත්‍රියේ සිට රට පුරා පිහිටි විදුලි බලාගාරවල සේවයෙන් විදුලි සේවයකන් ඉවත් වී එක්දින සංකේත වැඩ වර්ජනයක් පැවැත්වීමට නියමිතය.
ලංවීම ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය පවසන්නේ සේවවට වැටුප් විෂමතා නිවැරදි නොකිරීමට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පවත්වන බවයි.
සම්මේලනයේ කැදවුම්කරු රංජන් ජයලාල් පවසන්නේ අද මධ්‍යම රාත්‍රියේ සිට හෙට මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක කරන මෙම වර්ජනය හේතුවෙන් වාර හා සේවා බිද වැටීම් ආදී රාජකාරි ඇන හිටිනු ඇති බවයි.
මෙම වැඩ වර්ජනය සදහා ලංවිම ජාතික සේවක සංගමය, ලංවිම නිදහස් සේවක සංගමය සමග වෘත්තීය සමිති 32ක් එක්ව සිටින බවද ඔහු කියා සිටී.