සිය ගුණයක බැදුම්කර මගඩියක් සූදානම්.. අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට අලූත් පනතක් සකසා එවයි..

January 31, 2018 at 12:00 pm | lanka C news
සිය ගුණයක බැදුම්කර මගඩියක් සූදානම්.. අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට අලූත් පනතක් සකසා එවයි..

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් තවත් බැදුම්කර මගඩියක් සිදු කිරීම සදහා සිංගප්පූරුවේ සිට පනතක් සකස් කර එවා ඇතැයි ජාතික සංවිධාන එකමුතුව පවසයි.

කොළඹ පවත්වන ලද මාධ්‍ය හමුවකදී එම සංවිධානයේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කියා සිටියේ ‘සක්‍රීය බැරකම් කළමණාකරන පනත’ ලෙස නම් කර ඇති මෙම පනත මගින් තවත් බැදුම්කර මගඩියකට ආණ්ඩුව සැරසෙන බවයි.

නව පනත මගින් මෙම ක‍්‍රියාවට සම්බන්ද සියළු නිලධාරීන් වගකීමෙන් නිදහස් වන බවත් වරදක් කලද ඔවුනට දඬුවම් දීමට නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

මහ බැංකුවට නියෝග දිමේ වගකීම මෙමගින් අගමැතිවරයාට පවරා ඇති බවත් මුදල් ඇමතිවරයාගේ වගකීම සූක්‍ෂම ලෙස අගමැතිවරයාට පවරා ගැනීමක්ද මෙයින් සිදු කර ඇතැයිද ඔහු සදහන් කරයි.

මෙම නව පනත සම්මත වුවහොත් ඊළග වටයේදී සිය ගුණයකින් වංචා සිදු කිරීමේ හැකියාව ලැබෙන බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

සම්පූර්ණ පනත මෙතනින්..

50 views

6 Comments to “සිය ගුණයක බැදුම්කර මගඩියක් සූදානම්.. අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට අලූත් පනතක් සකසා එවයි..”

  1. Ravi says:

    මෛත්‍රිපාල මෙන්න ට්‍රිලියනය
    1,000,000,000,000
    එතකොට පොත්වල නැහැ කියන 9,000,000,000,000ක් මෛතිපාල ගෙවනවා කියන්නේ කොහාටද ගෙවන්නේ මේවා. පොත්වල නැති සල්ලි ඉල්ලන් කව්රු හරි එනවනම් මැදමුලනට යන්න පාර පෙන්නනවා. එහෙම නැතිව රටේ ජනාදිපති පොත් වල නැහැ කියා කියා ට්‍රිලියන නාමයක් ජනතාවගේ මුදලින් ගෙවනවා කියන්නේ මේකා ඇවිත් ලෝක ඉතිහාසයේ උන ලොකුම හොරකම කරමින් ඉන්නේ දුවේ පුතේ. මේ සල්ලි ඔක්කොම පැනමා යනවා ඇති. ඉක්මනින්ම මේ රට බේරගනිල්ලා මේ හොර නඩේ එලවපල්ලා රටට ආදරෙය්නම්.

    • අබරන් says:

      ඇයි බන් නුවර එළියේ හදපු අරලිය හොටෙල් එක බැංකු ණය නැතිව අත්පිට මුදලටම සිරා මලයට කියලා හැදුවේ . දැන් පොලොනරුවේ අනුරාධපුරේ බගේකුත් ගොවියාගේ පුතාගේ ලු . එතකොට අර දහම් බබා එංගලන්තේ ඉගෙනගන්නගමන් ම බකිංහම් කිට්ටුවෙන්ම තට්ටු හයක පැලස් එකක් අරගෙන රෝල්ස් රොඉ එකේ යන්නේ කුඹුරු කොටලා කියනවනේ . නැතුව මහ බැංකුව කඩල එහෙම නෙවේ ඔං !!!!

      • kdtv says:

        කරුනාකර ඔබට ඔය ආරන්චිය ලැබුනේ කොහෙන්ද , ලින්ක් එක දාන්න

  2. daminda says:

    nonimi horakama……………

  3. Real man says:

    Dear Srilankan,

    All srilankan Sinhalese, Tamil and Muslims , please get together to save our country by voting …
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    If you don’t do this it is the end of our country.
    Choice is yours…

  4. Nalika says:

    Ane me yamapalana chandadayakayo ratata athkarapu iranama .Paradeshkkarayota ona hatiyata mun rata winashakarala dammane. Parampara gannanawak gewalawath iwarakaranna bari papayak.Ranilai Sirisenai boru tharaha penna penna hite hatiyata denga natanawa. Jathiyath iwarai agamath iwarai. Ane munge saba wenase sapa.

Main News