සිය දිවි නසාගත් සෙබලා ලසන්ත ඝාතන දින සිටියේ කි.මී.100ක් දුරින්.. ඒකත් පරණ රෙජිමයේ වැඩක් වගේ..

October 24, 2016 at 10:40 am | lanka C news
සිය දිවි නසාගත් සෙබලා ලසන්ත ඝාතන දින සිටියේ කි.මී.100ක් දුරින්.. ඒකත් පරණ රෙජිමයේ වැඩක් වගේ..

සන්ඬේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග  ඝාතන වගකීම බාරගනිමින් සියදිවි නසාගත් හිටපු හමුදා බුද්ධි සෙබලා ලසන්ත ඝාතනය වූ දිනයේ සිටියේ කොළඹින් කිලෝමීටර සියයක් ඈත ස්ථානයක යයි පොලිසිය විසින් සොයාගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා කියයි.

මේ බව හෙලිව ඇත්තේ දිවි නසා ගත් සෙබලාගේදුරකතනයෙන් බවද කී නියෝජ්‍ය ඇමතිවරයා එදා මිනී මැරූ අද අදද එම ඝාකන වසන් කරන්න තවත් මිනීමැරුම්  කරනවදැයි සැක ඇති වන බවද කියා සිටියේය.

එදා මිනී මැරූ අයම අද බලය නැති වුවද එම ඝාතව පරීක්‍ෂණවලින් මිදෙන්නත් පරීක්ෂණ හා ජනතාව නොමග යවන්නත් තවත් මිනී මරනවාදැයි සාධාරණ සැක ඇතිවන බවද වැඩි දුරටත් පැවසීය.

127 views
Main News