සිය දිවි නසාගන්න කොත්මලේ ජලාශයට පැන්න තරුණිය බේරා ගන්න ගොස් මියගිය දෙදරු පියා අවසන් ගමන් යයි…

May 23, 2020 at 12:40 pm | lanka C news
සිය දිවි නසාගන්න කොත්මලේ ජලාශයට පැන්න තරුණිය බේරා ගන්න ගොස් මියගිය දෙදරු පියා අවසන් ගමන් යයි…

ඉහල කොත්මලේ ජලාශයට පැන සිය දිවි හානි කර ගැනිමට උත්සහ කල තරුණිය බේරා ගැනිමට ජලාශයට පැන ජිවිතක්ෂයට පත් මුස්ලිම් ජාතික හමිඩ් රිස්වාන් (28) දෙදරු පියාගේ අවසන් කටයුතු (23) දින ලිදුල ෆාමස්ටන් රත්නගිරිය පොදු සුසාන භුමියේදි සිදු කිරිමට නියමිතය.

හමිඩ් රිස්වාන්ගේ පශ්චාත් මරණ පරික්ෂණය නුවරඑලිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යයවරයා විසින් (22) දින සිදු කිරිමෙන් පසු දේහය (22) දින පස්වරුවේ රිස්වාන් පදිංචිව සිටි ලිදුල ෆාමස්ටන් රත්නගිරිය ජනපදයට රැගෙන එන ලදි.

හමඩ් රිස්වාන්ගේ දේහයට අවසන් ගෞරව දැක්විමට සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් විශාල පිරිසක්  දේහය තැන්පත් කර ඇති ඔහුගේ මවගේ නිවස වෙත පැමිණ සිටි අතර , තලවකැලේ පොලිසියේ සහ ලිදුල පොලිසියේ ස්ථානාධිපතිවරුන් සහ පොලිස් නිලධාරින්ද හමිඩ් රිස්වාන්ගේ දේහයට අවසන් ගෞරව දක්වන ලදි.

මේ  අතර ඉහල කොත්මලේ ජලාශයට පැන සිය දිවි හානි කර ගැනිමට තැත් කල තලවකැලේ ප්‍රදේශයේ පදිංචි තිරුචෙල්වම් ශ්‍රියානි (22) හැවිරිදි තරුණිය තව දුරටත් ලිදුල ප්‍රාදේශිය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන අතර , ඇයව බැලිමට තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් ප්‍රනාන්දු මහතා රෝහල වෙත ගොස් ඇයට දැඩි ලෙස අවවාද කරනු ලැබිණ.

එහිදි එම තරුණිය පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ කියා සිටියේ තමන් ගේ පෞද්ගලික හේතුවක් මත ගත් ක්ෂණික තිරණය වැරදි බව තමන්ට දැන් වැටහෙන බවයි.

දියේ ගිලෙමින් සිටියදි එම තරුණිය බේරා ගත් තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් ප්‍රනාන්දු මහතා සහ ඔහුට සහයෝගය ලබා දුන් පොකො රුබන් යන දෙදෙනාව තලවකැලේ ප්‍රදේශයේ දමිල තරුණයන් පිරිසක් විසින් පොලිස් ස්ථානය වෙත පැමිණ ඔහුන් දෙදෙනා සිදු කල උදාර කැපවිම අගය කරමින් හින්දු චාරිත්‍රනුකුලව සළු පලදවා උපහාර පිදිමක්ද සිදු කරනු ලැබුවා.

– හැටන් රංජිත් රාජපක්ෂ

24,476 Viewers

14 Comments to “සිය දිවි නසාගන්න කොත්මලේ ජලාශයට පැන්න තරුණිය බේරා ගන්න ගොස් මියගිය දෙදරු පියා අවසන් ගමන් යයි…”

  1. වස්සා says:

    මියගිය එකා කොහොමද බං අය අවසන් ගමන් යන්නෙ?

  2. ආදරෙයි ලක් මවුනි says:

    සුභ ගමන් කවදාවත් හැබහින් නොදැක්ක රටට බරක් නොවු මිත්‍රයා.ජාතික කොඩිය එසවිය යුත්තේ මෙවන් මිනිසුන්ට මිස රට කාබාසිනියා කර මැරෙන කාලකන්නි දේශපාලුවන්ට නොවේ.
    නිවන් සුව ලැබේවා පතමි.
    ඔබගේ දරුවන්ට ඔබ පැතූ ලෝකය හෙට දවසේ සිටම උද්‍රා වේවා පතමි.

    ජාති වාදී අදහස් අපි ගාවත් තියෙනවා.ඒත් මේවගෙ වෙලාවට අපිට දුක දැනෙනවා.ඒ අපි හැමෝම මියැදෙන මිනිසුන් නිසා.ජාති ජාතිත් මෙවන් මරණයක් නොම වේවා.

    • මේ සෝචනීය කතාව යටින් ගලා යන මනුෂ්‍යත්වයේ කතාව උදාරයි..
      ද්‍රවිඩ තරුණියක් බේරා ගැනීමට මුස්ලිම් මනුෂයයෙක් ජීවිතය පුදනවා.. සිංහල පොලිස් නිළධාරියෙක් එම තරුණියගේ ජීවිතය බේරා ගන්නවා.. දෙමල තරුණියන් පිරිසක් එම නිළධාරියාට උපහාර පුදනවා.. පොලීසිය ඇතුලු සිංහල දෙමල මුස්ලිම් ජනතාව අර මුස්ලිම් මිනිසාට අවසන් ගෞරව දක්වනවා..
      අපේ සමාජයේ තවමත් නොනැසී පවතින සුන්දරත්වය එයයි..
      එය පණ මෙන් රැක ගනිමු..

  3. ON LOOKER says:

    While expressing the deepest sympathy to that brave ,unfortunate youth,it must also be mentioned that it had been an occasion where the human beings have shown the quality of Compassion ,irrespective of their caste,creed , religion or ethnicity.

  4. Power says:

    කන්‍යාවියන් 72කගේ පහස ලබන්න සමූහ මිනිස් ඝාතන කරමින් ස්වර්ගය කියා අපායට ගියපු තිරිසන්නු පිරිසක් අතරේ, දන්නෙවත් නැති කන්‍යාවියක් වෙනුවෙන් ජීවිතේ කැප කරලා ජීවිතයෙන් සමුගත ඔබ වැනි මිනිසෙක් තුළ පවතින මිනිස්කම ගැන මුළු රටක්ම අද දැනගෙන අවසන්ය. මගේ බුදු දහම අණුව, මා ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

  5. Akash says:

    ආදරණීය රිස්වාන්, අන්තවාදී මුසල්මානුවන් නිසා අපතුල ඇත්තේ මුස්ලිම් විරෝධයකි. මුස්ලිමුන් අමානුෂික ම්ලේච්ඡ තිරිසනුන්ය යන්න අපේ ආත්මයට කාවැදී බොහෝ කල්ය. ඒත් රිස්වාන් නුඹ නිසා මුසල්මානුවකු වෙනුවෙන් මගේ දෑසටද කඳුලු ඉනුවේය.
    සැබවින්ම නුඹ උතුම් මිනිසෙකි. දෙනෝදාහක් බලා සිටියදී නුඹේ ලෙයින් මසින් උපන් ආදරණීය දරැ දෙදෙනා ගැන නොසිතා මව්පිියන් ගැන බිරින්දෑ ගැන නොසිතා ජාතිය ආගම නොදන්න කෙනෙක්ගේ ජීවිතය රැකගන්න දිවිපිදූ නුඹ උතුම් මිනිසෙකි. මනුෂ්‍යත්වය තිරිසන් තත්වයට පත්කොට එය ජාතිවාදයට යටකල අන්තවාදීන්ට ශාපවේවා. නුඹට සදා සාමය උතුම් නිවන් සුව ලැබේවා.

    • Love nature says:

      ලංකිකයෙනි ජාතිබේද ඉවතලා සියලුම දෙනා සමගියෙන් රට ජාතියට එකිනෙකාට ආදරය කරමින් ජිවත් වීමට සිතව් …නිවට ජාතිවාදී දේශපාලුවන්ට නොරැවටෙව් ..රිස්වාන්ට නිවන් සැප ලැබේවා .

  6. david milibanda says:

    May Rizwan’s Soul Rest In Peace.

  7. T says:

    Riswan Mama Adahana Budu Dahamata Anuwa Obata Niyan Sapa Labewa. Ramazan Kalaya Muslim Obata Suuda Masayai. Obath Noka Nobi Sita Taman Ganawath Tama Daruwan Ganawa. Tama Adaraniya Birida Ganawath Nosita Kala Punya Karamaye Pinen Oba Patana Alla Deviyange Pihita Labewa.

Leave a Comment

Main News