සිරකරු ඥාණසාර හිමි ජ’පුරෙන් බන්ධනාගාර රෝහලට.. සිවුරෙන් ජම්පරයට.. [Video]

August 30, 2018 at 12:00 pm | lanka C news
සිරකරු ඥාණසාර හිමි ජ’පුරෙන් බන්ධනාගාර රෝහලට.. සිවුරෙන් ජම්පරයට.. [Video]

බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බන්ධනාගාර රෝහල වෙත ගෙන යාමට කටයුතු කර තිබේ.

උන් වහන්සේගේ වකුගඩු ආශ‍්‍රිත ශල්‍ය කර්මයක් හේතුවෙන් මේ දක්වා ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව සිටි අතර මේ වන විට උන් වහන්සේගේ එම කටයුතු අවසන් කර ඇත.

එනිසා හිමියන් බන්දනාගාර රෝහලට ගෙන යාම සදහා කටයුතු කර ඇත.

ඉන් පසු බන්ධනාගාර ඇදුම වන ජම්පරය ඇද ගැනීමට සිදුවන අතර අභියාචනය විභාගයට ගතහොත් සාමාන්‍ය ඇදුමෙන් සිටීමේ අවස්ථාවක්ද ඇත.

බන්ධනාගාරයට රැගෙන යන ඥානසාර හිමි පැවසු දේ ..!!

“රට වෙනුවෙන් ජීවිතය පුජා කිරීම වැදගත්… හැබැයි ඒ ජීවිතය පුජා කරන්න රටක් තිබීම ඊට වඩා වැදගත්… නියෝග දෙන අයත් නියෝග ක්‍රියාත්මක කරන අයත් දැනගන්න ඕනි අපේ කැපවීම රට වෙනුවෙන් බව… ඒ හැම එකාලම වෙනුවෙන් තමයි, අපේ කැපවීම”

Gepostet von Colombo Today – අද කොළඹ am Donnerstag, 30. August 2018

240 views