සිරගත කල ඥාණසාර හිමිගේ වම් වකුගඩුවේ විශාල ගලක්.. හදිසි ශල්‍යකර්මයක්.. [Video]

August 8, 2018 at 10:58 pm | lanka C news
සිරගත කල ඥාණසාර හිමිගේ වම් වකුගඩුවේ විශාල ගලක්.. හදිසි ශල්‍යකර්මයක්.. [Video]

ශ‍්‍රී ජයවර්ධපුර රෝහලේ නේවාසිකව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ වම් වකුගඩුවේ විශාල ප‍්‍රමාණයේ ගලක් ඇති බව එම රෝහලේ අධ්‍යක්‍ෂ සුසිත් සේනාධිර මහතා පවසයි.

එනිසා එය එවත් කිරීම සදහා අනිවාර්යෙන්ම ශල්‍යකර්මයක් සිදු කල යුතුව ඇති බවත් එම ශල්‍යකර්මය සදුදා දිනයේ සිදු කිරීමට යොදා සිටින බවත් ඒ මහතා සදහන් කරයි.

අධිකරණය විසින් 19 වසරක සිර දඬුවම් වසර 06කින් ගෙවී යන ලෙස නියම කර ඇති ඥාණසාර හිමියන් මේ වන විට ජයවර්ධනපුර රෝහලේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ පසුවෙයි.

216 views