සිරමැදිරිය තුලදී පුද්ගලයෙකු ගෙල කපාගනී..
March 24, 2019 at 12:40 pm | lanka C news
වව්නියාව මහෙස්ත්රාත් අධිකරණයේ සිරමැදිරිය තුලදී බ්ලේඩ් තලයකින් ගෙල ප්රදේශය කපා ගැනීම හේතුවෙන් කැපුම් තුවාල සහිතව වව්නියාව මහරෝහලට ඇතුලත් කොට ඇති බවට වව්නියාව පොලීසිය කියා සිටියේය.
අදාල පුද්ගලයා නඩු කටයුත්තක් වෙනුවෙන් වව්නියාව මහෙස්ත්රාත් අධිකරණයට ගොස් ඇති අතර එහිදී නඩු කටයුතු ආරම්භ වී ඇති අවස්ථාවේදී උසාවිය තුලදී අධිකරණ කටයුතු වලට බාධාවන අයුරින් හැසිරීම හේතුවෙන් අදාල පුද්ගලයාට වව්නියාව මහෙස්ත්රාත් නෂ්මීන් ෆවුසර් මහත්මිය විසින් මාස 6ක් සිරදඩුවම් නියම කොට අධිකරණය තුල ඇති සිර කුටියට දමන ලෙසට බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කොට සිටියාය.
එහිදී මහෙස්ත්රාත් වරියගේ නියෝගයට විරෝධය පෑ 33 හැවිරිදි පුද්ගලයෙකු සිරකුටියට දැමූ පස් ඔහු සමීපයේ තිබූ බ්ලේඩ් තලයකින් සිය ගෙල කපාගෙන ඇති අතර පසුව බන්ධනාගාර නිලධාරීන් හා පොලිස් නිලධාරීන් එක්ව එම පුද්ගලයා වව්නියාව මහරෝහලට ඇතුලත් කොට ඇත.
වව්නියාව මහරෝහලට ඇතුලත් කල පුද්ගලයාගේ තත්වය බරපතල නොවන අතර මේ වන විට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව ඇතිව ඔහු රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බව වව්නියාව පොලීසිය පවසයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ