සිරසවි සිසුනට උවමනා මල මීනී කරේ තබාගෙන යන්නයි..

June 23, 2017 at 6:34 am | lanka C news
සිරසවි සිසුනට උවමනා මල මීනී කරේ තබාගෙන යන්නයි..

වෛද්‍ය වැඩවර්ජන සම්බන්ධයෙන් මෙතෙක් කල් නොගත් ක්‍රියාමාර්ග ගැනීමට රජය සුදානම් බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙින්තුවෙි පැවැති මාධ්‍ය හමුවක දීය.

සරසවි සිසුන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා පැන විනාශයක් සිදූ කොට තිබෙනවා. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, දේශපාලන පක්ෂයක නියෝජිතයින් මෙම විනාශයට පැමිණි බව පැහැදිලියි. මිලියන ගණනාවක අලාභයක් සිදූ කර තිබෙනවා. අමාත්‍යාංශයේ ඔසවා තිබූ ජාතික කොඩිය ඉවත් කර සටන් පාඨ සහිත පුවරුවක් එහි එල්ලීමට ඇතැම් සිසුන් උත්සාහ කළා. සේවකයින්ගේ විරෝධතා මත එය නතර කෙරුනා. ඇතැම් සිසුන් සේවකයින්ගේ කොලරයෙන් ඇද ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරෙමින් තාඩන පීඩන කර තිබෙනවා. අමාත්‍යාංශ භුමියෙන් අමාත්‍යාංශ සේවකයින් ඉවත් වූයේ හරිම අමාරුවෙන්. අමාත්‍යාංශයේ මහල්වල දූවමින් ප්‍රචණ්ඩකාරි ලෙස ඔවුන් හැසිරුනා. ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමෙි දී සියලුම ආයතන ප්‍රධානීන් එය හෙළා දකිමින් අදහස් පළ කළා. වෘත්තීය සමිති නායකයින් විරුද්ධත්වය පළ කළා.

මල මීනී කරේ තබාගෙන යාමෙි අරමුණින් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ සිදූ කළ ක්‍රියාදාමය සරසවි සිසුන් ආරම්භ කළේ. විශාල විරෝධයක් සිදූ කරමින් රාජ්‍ය ආයතනවලට කඩා පැනීමෙන් මහජන හමුවට පැමිණි ජනතාවත් අපහාසුතාවයට පත්වුනා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගොඩනැගිලි වලට හානි කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේම ඇති ජාතික රෝහලෙන් ඔවුන් ප්‍රතිකාර ලබාගත්තා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදූ වූ මෙම සිද්ධිය පිළිබදව පොලීසිය විසින් නීතිමය කටයුතු සිදූ කරනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබදව වාර්තාව 21 දින බාරදීමට නියමිතව තිබුනත් එය කිරිමට පවා සිදූ වුයේ නැහැ. තව ද පොලීසිය ප්‍රමාණවත් ආරක්ෂාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී තිබුනේ නැහැ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනයක් දියත් කර තිබෙනවා. එය දියත් කර ඇත්තේ පිට පළාත් වලින් ඔවුන්ගේ සංගමයේ විධායක සභාවට පැමිණෙන වෛද්‍යවරුන්ට අවස්ථාව ලබාදීමෙි අරමුණින්. මෙම වැඩවර්ජනය අඛණ්ඩ වැඩ වර්ජනයක් බවට පත් කිරිමට ඔවුන් තීරණය කර තිබෙනවා. මෙතෙක් කල් නොගත් ක්‍රියාමාර්ග ගැනීමට රජය සුදානම්. ඩෙංගු රෝගය පැතිර යමින් පවතින වකවානුවක මෙලෙස හැසිරීම ජනතාව හෙළා දකිනවා. ඔවුන් වෛද්‍යවරුන් නොවෙයි. ජනතාව කුපිත වී සිටින්නේ. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වෛද්‍යවරුනුත් වැටුප් ලබාගන්නේ අමාත්‍යාංශයෙන්. එම සංගමයේ නියෝජිතයින්ට ඩෙංගු මැඩලීමෙි වැඩපිළිවෙල පිළිබදව ගැට¿වක් ඇත්නම් එහි වගකීමත් වෛද්‍යවරුන් විසින් බාරගත යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ සිදූ වූ සිද්ධිය මුලික කර ගනිමින් වෛද්‍ය නිලධාරීන් ආරම්භ කර ඇති වැඩ වර්ජනයට ජනතාව පිළිතුරු ලබාදෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක සුගතදාස මහතා – ඊයේ දහවල් මෙම සිද්ධිය සිදූවීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දෛනික වැඩකටයුතු වලට බාධා පැමිණියා. සේවකයින්ගේ ආරක්ෂාව පිළිබද ගැටලුවක් මතු බැවින් ඔවුන් ඉවත් කිරිමට කටයුතු කළා. සේවකයින් ඉවත් වූ පසුවයි සරසවි සිසුන් අමාත්‍යාංශයේ දේපලවලට හානි කරමින් කටයුතු කර ඇත්තේ. අනවසරයෙන් අමාත්‍යාංශයට ඇතුල් වී ඇති පිරිස ඉවත් කිරිමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුනා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ද දැඩි ඉවසීමෙන් කටයුතු කලා. නොමග ගිය මෙම තරුණ පිරිස සමග ද ඉවසීමෙන් කටයුතු කළා.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

31 views
Main News