සිරස ආණ්ඩුවට කොලොප්පන් කරයි.. ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශයට පොල් ගෙනේ..

September 28, 2020 at 12:02 am | lanka C news
සිරස ආණ්ඩුවට කොලොප්පන් කරයි.. ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශයට පොල් ගෙනේ..

සිරස රූපවාහිනි ඊයේ රාත්‍රියේ සිය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේදී විශේෂත්වයක් සිදුකලේය.

ඔවුන් තම ප‍්‍රවෘත්ති විකාශනය සිදු කලේ පොල් ගෙඩි කිහිපයක් ප‍්‍රධාන මේසය මත තබා ගෙනයි.

පොල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා රජය විසින් පැනවූ පාලන මිල සම්බන්ධයෙන් සිරස නාලිකාව සිය ප්‍රවෘත්ති විකාශයේ වැඩි වෙලාවක් වෙන්කර තිබිණි.

වට අගල් ප්‍රමානය අනුව පොල් ගෙඩියක මිල තීරණය කිරීම සඳහා රජය විසින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සමාජයේ යම් සාකච්චාවක් ඇතිව තිබේ.

104,045 views

57 Comments to “සිරස ආණ්ඩුවට කොලොප්පන් කරයි.. ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශයට පොල් ගෙනේ..”

  1. Jeewanee Kariyawasam , chilaw says:

    කවුරුවත් දන්නවද, පහුගිය ජනාධිපති වරණය සමයේ පෑඩ් ප්‍රේමදාස මෙරටේ සියලුම කාන්තාවන්ට වයස් 
    සීමාවකින් තොරව නොමිලේ සණීපාරක්ෂක තුවා දෙනවයි කියල දේශපාලන වේදිකාවල කියනකොට කිලියගෙ සිරස වේදිකාව පෑඩ්වලින් සරසා ප්‍රවාත්ථි කිව්වද කියල?

  2. kkuruwita says:

    මැනලා පොල් වර්ග කරන්න කියලා උපදෙස් දීලා තියෙන්නෙ පොල් කඩ මුදලාලිලාට මිසක් ජනතාවට නොවෙයි කියන එක තේරුම් ගන්න තරම් ඔලුවක් නැති උන් ජනතාවට ටේප් අරං යන්න කියල තමුන්ගෙ ගොංකම ප්‍රදර්ශනය කරනවා. ඒ තර්කෙන්ම එහෙනං හාල් පරිප්පු මනින්න තරාදිත් ජනතාවට ගෙනියන්න කියල ඔය දේශපාලන ගොන්නුත් උපදෙස් දෙයි.
    සිරස දැඟලුවාට වැඩක් නැත. ජනතාව සිරසේ ගමන හොඳින් හඳුනනවාය. චන්දෙදිත් රෙදි නැතුව කඩේ ගිහිල්ලත් ජනතාව සිරස පෙන්නපු පාරේ ගියේ නැහැනෙ. එක රොත්තට වීසිවෙන්න ප්‍යින් දුන්නනෙ. වෙන මොන කතාද ?

Main News