සිරස නාලිකාව තහනම් කරන්න සූදානම්..?

July 7, 2021 at 12:40 pm | lanka C news
සිරස නාලිකාව තහනම් කරන්න සූදානම්..?

සිරස රූපවාහිනී නාලිකාවේ විකාශන බලපත්‍රය අත්හිටුවීම සඳහා රජය සූදානම් වෙමින් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව හෙළි කරමින් කියා සිටියේ රජයේ ඉහළ නිලධාරීන් සහ නීතිඥයන් කැඳවමින් මේ සම්බන්ධයෙන් සැලසුමක් සකස් කරමින් ඇති බවයි.

කෙසේ වෙතත් අදාල ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ එවැනි කිසිදු ක්‍රියාමාර්ගයක් මේ මොහොතේ සිදුනොවන බවයි.

කිසිදු මාධ්‍ය ආයතනයට එරෙහිව මර්දනකාරී ක්‍රියාවක් වත්මන් රජය සිදු නොකරන බවද අමාත්‍යවරයා පැවසීය.

විපක්ෂ නායකවරයාගේ එම ප්‍රකාශයෙන් පසු විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගැබ මැදට පැමිණ විරෝධතාවයේ යෙදෙන්නට වූහ.

201,193 views

71 Comments to “සිරස නාලිකාව තහනම් කරන්න සූදානම්..?”

  1. දුක හිතෙනවා says:

    ගරු කිරිඇල්ල ඇමතිතුමා ආදර්ශමත් වන පරිදි මුව ආවරණ පැළද ඇත. මෙවැනි වගකිමි විරහිත හැසිරිම මහජනතාව ලෙස පිළිකුල් කරන්නෙමු.
    විපක්ෂ නායකතුමා කොවිඩ් ගැන කථා කරන අවස්ථාවේ දී ද , ඔහු මුව ආවරණ පැළදිය යුතු ආකාරය ඉගැන්වීමට පෙර පාසල් යැවිමට යෝජනා කරන්නෙමු.
    ගරු කථානායක තුමනි , මෙම ගහලයා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව ඇති බලතල ප්‍රකාරව නිරෝධායන නිති කඩ කිරීම යටතේ ගරු කටයුතු පාර්ලිමේන්තුවෙන් පිටතට දමන්න.

  2. NAK says:

    ඉස්සර සිරසේ එක්තරා පක්ෂයක ප්‍ර‍වෘත්තියක් යන කොට තිරය වටේ කටුස්සෙක් ගියා. දැන් කටුස්සො ටික තිරය ඇතුලටම රිංගලා!!!

  3. Media for Happiness says:

    Hiru Derana tahanam karanna one

  4. Mangala says:

    මුන් තහනම් කරන්න ඕනේ
    හින්දිමයි පෙන්නන්නෙ

Main News