සිරස සජීවී ප‍්‍රවෘත්ති මැදිරියට රොෂාන් කඩා පනී.. සජීවීව බැසිල්ට බැණගෙන බැණගෙන යයි..

October 10, 2017 at 9:20 am | lanka C news
සිරස සජීවී ප‍්‍රවෘත්ති මැදිරියට රොෂාන් කඩා පනී.. සජීවීව බැසිල්ට බැණගෙන බැණගෙන යයි..

සිරස රූපවාහිනිය ඊයේ රාත‍්‍රියේ සිය ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශය සිදු කරන අතරවාරයේ මෙතෙක් කිසි දිනෙක සිදු නොවූ සිදුවීමක් සිදු විය.

නිවේදකයකු හා නිවේදිකාවක ප‍්‍රවෘත්ති විකාශය ඉදිරිපත් කරමින් සිටියදී සිරස මාධ්‍ය ජාලයේ ඉහල නිලධාරියෙකු හා මාධ්‍යවේදියෙකු වන රොෂාන් වටවල සජීවී ප‍්‍රවෘත්ති මැදිරියට ඇතුළු වී ප‍්‍රවෘත්ති විකාශයද අත්හිටුවීය.

ඉන් අනතුරුව ඔහු සැලකිය යුතු කාලයක් තිස්සේ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක අදහස් පල කලේය.

මීට ආසන්නතම හේතුව වුයේ බැසිල් රාජපක්‍ෂ හිටපු ඇමතිවරයා විසින් ජනහමුවකදී පල කල අදහසකි. මෙරට විකාශණ සංඛ්‍යාත මහරාජා සමාගමට අත යටින් ලබා දී ඇතැයි ඔහු එහිදී ප‍්‍රබල චෝදනාවක් එල්ල කලේය.

ඊට ප‍්‍රතිචාර ලෙස සිරස රූපවාහිනිය මෙම හදිසි ප‍්‍රතිචාරය දැක්වුවත් ඔවුනට එල්ල වූ සංඛ්‍යාත චෝදනාවට කිසිදු පිලිතුරක් නොදී බැසිල් රාජපක්‍ෂ ඉලක්ක කර විවේචනාත්මක අදහස් පමණක් පල කලේය.

1,079 views

47 Comments to “සිරස සජීවී ප‍්‍රවෘත්ති මැදිරියට රොෂාන් කඩා පනී.. සජීවීව බැසිල්ට බැණගෙන බැණගෙන යයි..”

  1. Notthischange says:

    Koti Sirasa… simple as that…

  2. බැදුම්කර හොරා says:

    බැදුම්කර මගඩියට නොදෙවෙනි මහා පරිමාණයේ වංචාවක් ජනාධිපති කාර්යාලය හරහා සිදු වි ඇති බැව් දූෂණ විරෝධී ප්‍රජාතන්ත්‍රවාදීයෝ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මේ වනවිට ඩොලර් මිලියන 23 ක එනම් රුපියල් බීලියන 3 කට වඩා මුදලකට අලෙවි වන ආණ්ඩුව සතු මෙවන් වටිනා සංඛ්‍යාත 8 ක් රජයේ කිසිම ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව එක්තරා සමාගමකට ලබාදීමට ජනාධිපති කාර්යාලය යටතේ ඇති ශ්‍රීලංකා විදුලි සංදේශය නියමාක කොමිසම කටයුතු කිරීම හරහා අති විශාල දූෂණයක් යහපාලන රජය යටතේ සිදු වී ඇති බැව් එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.
    “ලෝකයේ කිසිදු රජයක් මෙග හර්ට්ස් 700 සංඛ්‍යාත සහ ඉන් ඉහළ සංඛ්‍යාත ටී.වී. විකාශය සඳහා ලබා දෙන්නේ නැත. මන්ද යත් එම සංඛ්‍යාත ටෙලිකොමියුනිකේෂන් ක්ෂේත්‍රයේ බ්‍රෝඩ් බෑන්ඩ් ශක්තිය වැඩි කර ගැනීම සඳහා වඩා වැඩි මුදලකට අලෙවි කළ හැකි බැවිනි. ශ්‍රී ලංකාවේ රජයද මෙම මෙග හර්ට්ස් 700 සංඛ්‍යාත අවසන් වරට තරඟකාරී ලෙස ටෙන්ඩර් කැඳවා අලෙවි කිරීමෙන් ඩොලර් මිලියන 25 ක් ලබාගෙන තිබේ. එසේ තිබියදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වී විදුලි සංදේශණ නියාමන කොමිසම තමා යටතට ලබා ගැනීමෙන් පසු සියළු රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් මෙම වටිනා සංඛ්‍යාතයන් 8 ක් කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව මහාරාජා සමාගමට ලබා දී තිබේ. මේ මගින් සිරිසේන මහතා විසින් ඍජුවම රජයට සිදුකර ඇති අලාභය රුපියල් බිලියන 3 ක් හෙවත් රුපියල් කෝටි 300 කට අධිකය” යි එම නිවේදන වැඩිදුරටත් සඳහන් වේ.
    සම්පූර්ණ නිවේදනය.

    http://lankaenews.com/news/6164/si

  3. සමන්මලී says:

    මහරාජා පර දෙමළට පර ගැතිකම් කරන වටවල වැනි පරයන් සිටිනතුරු සිංහල මිනිසාට ලංකාවේ නිදහසේ ජීවත් විය නොහැකි බව පමණක් මින් පැහැදිලිය. කොටි ත්‍රස්තවාදය පරාජය කලද කොටි හැම පොරවාගත් මෙවැනි බලු ගස්තරයන් කොටි සිරස තුල අරක් ගෙන සිටින බැවින් සිංහලයන් සැවොම එකතු වී මෙම සිරස නම් කොටි මදය තහනම් කිරීමට ආණ්ඩුවට බල කල යුතුය.

  4. hitan gedara appuhami says:

    මුලින්ම කියන්න ඕන ප්‍රතිපත්තියක් හැටියට අපේ ගෙවල් වල ඔය නාලිකාව නරබන්නේ නැහැ. හේතුව අර ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහන ඇරුනම වෙනත් කිසිදු වැඩසටහනක් ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතියට වත් අපේ ළමයින්ටවත් වැඩිහිටියන්ටවත් මොනම අයුරිකින්වත් ගැලපෙන්නේ නැහැ. පෙන්නන්නේ අමු කුණුහරුප. අයියගේ ගෑනි මල්ලිත් එක්ක බුදියන හැටි, අම්ම දූගේ මිනිහත් එක්ක හෝටල් කාඹර වල ලගින හැටි.තාත්ත පුංචි අම්මත් එක්ක ජෝගි නටන හැටි. මේ අයගේ අවශ්‍යතාවය එවැනි සිදුවීම් සාමාන්‍ය දේවල් ලෙසට ලාංකිකයන්ගේ සිත් තුලට ඇතුලත් කර ලාංකිකයන්ද එවැනි හැසිරීම් වලට යොමු කිරීම. අපේ සංස්කෘතිය සම්පුර්ණයෙන්ම විනාස කරලා අහිංසක පවුල් ජීවිත විනාස කරලා දාන දේවල්.
    කතාකරොත් කාටහරි අසාධාරණ විවේචනයක්. තමුන්ගේ මතවාද ප්‍රචාරය කිරීම තමයි එකම පරමාර්ථය. හොදම උදාහරණය තමයි 2015 චන්දයට කලින් පෝට්සිටියට විරුද්දව ගෙනගිය ප්‍රචාරය. චන්දෙ ඉවරවුනු ගමන් ඒක තනිකරම අනිත් පැත්ත පෙරලුනා. ගඩොලක් අරගෙන ලංකාව වටේ ගියා. පාසැල් ළමයි පාර දිගට මහා අව්වේ තියල ගඩොලට අත ගැස්සුවා. (සාරි පොට උස්සන් හිටිය වගේ මේක ගැනත් හොයන්න ඕන) පෝට්සිටියට ඉහල ධනාත්මක ප්‍රචාරයක් ලබා දුන්නා. අපිට සැකයක් තියෙනවා පෝට්සිටියෙන් අල්ලස් ගත් බවට. කට කතාවක් තියෙනවා කෝටි 40ක් ගත්බවට.
    යුද්දේ කාලේ ඔය චැනල් එක කොටින්ට කඩේ ගිය හැටි මුළු රටම දන්නවා.ඒ දවස් වල ඇන්කර් පැකට් එකකින් සියයට ගණනක් කොටින්ගේ අරමුදලට දුන් බවටත් කතාවක් තියෙනවා. අපි ඇන්කර් බීම නැවැත්තුවේ ඒ දවස් වලම. මේ වගේ වෙලාවට තමයි අපිට හිතෙන්නේ මර්වින් සිල්වා කරපු දේ හරිය කියල. මේ වගේ රටට අහිතකර රට සංස්කෘතික වශයෙන් විනාශ කරන අයට දඩුවම් කිරීම රටේ පාලකයන්හේ වගකීමක්. අද ඉන්න පාලකයින්ගේන්නම් ඒ වගේ දෙයක් බලාපොරොත්තුවීම ඉබ්බන්ගෙන් පිහාටු සෙවීම වගේ දෙයක් වේවි. මෙවැනි රට වනසන, සංස්කෘතිය විනාශ කරන, මාධ්‍ය ගණිකා වෘතියේ යොදවන ජඩ මාධ්‍ය වර්ජනය කිරීම රටට ආදරය කරන සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ වගකීමක් සහ යුතුකමක්.

    • chandana says:

      100% ඇත්ත. මර්වින් කොච්චර වැරදි කලත් එක හරි වැඩක් කලා ඔය කාලකන්නි චැනල් එකට ගිනි තිබ්බ එක. මිනිහගෙ වැරැද්ද ඒක හරියට සම්පුර්න කලේ නැති එක

    • Kings says:

      හිටං ගෙදර අප්පුහාමි කියන කතාව හරියට හරි. ගෙදරක බලන්න හොඳනැති නාලිකාවක් තමයි සිරස. අපේ ගෙදර නං කවදාවත් බලන්නෙ නේහැ. රටේ සභ්‍යත්වය, සංස්කෘතිය විනාශ කරනව. දැන් හැදෙන අලුත් පරම්පරාව මේව දැක්කොත් හිතන්නෙ මේක තමයි අපි හැදෙන්න ඕනෙ හැටි කියල.

  5. Alapaluwa says:

    රොෂාන් මහත්තයෝ හිතන්න එපා මහලොකු වීර ක්‍රියාවක් කළා කියලා තමන්ම උඩබලාගෙන කෙළ ගහගත්තා කියා සිතාගන්න.මේවා නිකම් prior arrangement. මොකද මෙයට සාදර්ණ හේතු කිහිපයක් තිබෙනවා. එනම් කලින්ම් plan කරපු විදියටම ඒ clips ටිකත් ලස්සණට පෙන්නන්න උත්සහා කළා.මෙයින් කෙසේ හෝ තමන්ගේ වටිනාකම නැතිකරගත්තා මිස වෙන නම් කිසිවක් නොවෙනු ඇත.අනේ අම්මපා.කොතරම් බයක් තිබෙනවද මේ පොහොට්ටුවට!!!!! සිරස වෙනුවෙන් ඔබ එදා සිට මේ රාජපක්ෂලාට මඩ ගැසුබවත් අපිත් නොදාන්නා කරුණක් නොවේ අපිත් ඔබට මතක් කර දෙන්න කැමතියි..

    • vishnu says:

      ඇත්ටට මහින්ද බැසිල් ගොටභය මහත්වරුන් එක්ක මේ පර සිරස (ඔලු බක්ක )පලිගන්නෙ .හේතුව සිංහල මිනිස්සු මහින්ද මහත්තයට කැමතිනිසා .
      මුන්ට ඕන සිංහල ජාතිය නැතිකරන්න .අලපාලුව මේ පර කොටි සිරස බලන සිරසක් නැති (කවන්දින් )සිංහලයන් මකබැවිල යනවනම්

      • Alapaluwa says:

        Vishnu කියලා වැඩක් නැ දැන් දැන් වෙනදේවල් දකිනකොට සසර කලකිරෙනවා.මෙහෙමත් නිවට නියාළු සිංහලයෝ යැයි කියාගන්නා පිරිසක් තවමත් ජීවත්වී සිටිනවද කියලා මේ ලංකාවේ.මෙවැනි අපාතකයෝ නිසා තමයි රටට හෙන වැදිලා තිබෙන්නේ. අපි කුමක් කරන්නද? චන්දයක් තිබ්බොත් කැමැත්ත දෙන එක හැරුණම වෙන මොනවා කියලා කරන්නද අපි . මට දුක මෙවැනි කාලකන්ණි නරුමයින් සිටින ලොවක ඉපදුණා නේද කියලා.

  6. ඔය කියන යාලුවන් රැල බැසිල්ගේ හුනු හොයනවා වගේ යුද්දය තියෙන කාලයේ සිරස ආයාතනය කොටින් ගේ සපෝටර්ලා වග අපිට අමතක නැත ඒදවස්වල කොටින්ට ගහන්කොට සිරසට රිදෙන බව හැමෝම දන්න කරුණක් දැන් මොන ෂෝ දැම්මත් රාජපක්‍ෂලා නම් කොහොමත් සිරසට ඇලජික් බව ලංකාවටම රහසක් නොව??

  7. sama says:

    basilge charitha sahathika sirasen awsya na basil kala chodanawata pilithuru denna

  8. Olamottalaya says:

    හරි බැසිල් වැරදියි කියමුකො නමුත් උඹලට චැනල් එකක් තිබ්බ පලියට ලෝක කෙරුමො වගේ ඔය විධියට රටට පේන්ඩ නිකං මහ ලොකු තග දාන්ඩ උඹලා කවුද?

    • සමීර says:

      ඒ වගේම උඹලා ජනතාවගේ නාලිකාවක් නම් බැසිල් ඇතුළු මුලු රටම දන්න සංඛ්‍යාත 8 ක් ගසා කෑම. නැව් ගිලිමටයි කවුද වගකියන්නනේ

    • vishnu says:

      හරියට හරි

  9. සමුද්‍රිකා says:

    ඔය සිරසේ ඉන්න පර දෙමල මහාරාජාගේ පස්ස ලෙවකන නිවේදක හිවල්ලු කරන්නේ ඉන්දියාවේ පඩ ෂෝ ටිකකට බොරුවට අර්ථ දාල හඩ කවල තමන්ගේ ඊලම් අරමුණු ඉටු කර ගන්න එක කියල ලංකාවේ ඔලුවක් නැතිව සිරස බලන ගොන් හරක්ට තේරෙන්නේ නැහැ. ලංකාවේ අපරාධ ඉස්ත්‍රී දුෂණ වැඩි වෙන්න ප්‍රදාන හේතුවක් තමා මුන් පෙන්නන පදස්තර පොන්න හින්දි හා දෙමල චිත්‍රපට . ලංකාවේ සිංහල සංස්කෘතිය විනාස කරපු සිරස පර හැත්තට හෙන ගහන දිනය වැඩි ඇතක නොවේ.

  10. david Milli-banda says:

    A reward for the anti- SLPP people & the President for approving the purchase of a aged warship from Russia that fattened the bank balances of Maharaja and Mr. Chathurika.

    For profitting millions a small propaganda reward.

    The masses have not developed horns or started to eat Punakku yet and Yahapalanaya has not yet stopped the relentless “Dushanaya”.

Main News