සිරිකොතේ ගාලගෝටියක්.. රනිල්ගේ උගුලේ සජිත් වැටේ.. සජිත් තීරණාත්මකව සිරිකොතෙන් දොට්ට බහී..

February 10, 2020 at 10:12 pm | lanka C news
සිරිකොතේ ගාලගෝටියක්.. රනිල්ගේ උගුලේ සජිත් වැටේ.. සජිත් තීරණාත්මකව සිරිකොතෙන් දොට්ට බහී..

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද පැවති එම පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවේ දැඩි උණුසුම්කාරී මුහුණුවරක් ගෙන තිබේ.

එම හමුවූ අතර මැදදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඔහුට සහාය දක්වන කණ්ඩායමද එම රැස්වීමෙන් ඉවත්ව ගොස් ඇත.

සන්ධානයේ මහලේකම්වරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත්කිරීම එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් අනුමත කළ ද නව සන්ධානයේ ලකුණ අලියා ලකුණ විය යුතු බවට පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා තදින් ප්‍රකාශ කර ඇත.

වික්‍රමසිංහ මහතාට සහාය දක්වන කණ්ඩායමද මෙම මතයම දිගින් දිගටම දරා තිබේ.

කෙසේ වෙතත් මීට විරෝධය පාමින් සජිත් පේමදාස මහතා දීර්ඝ විස්තරයක් කරමින් පෙන්වා දී ඇත්තේ නව සන්ධානයේ ලකුණ සියලු දෙනාටම එකඟ විය හැකි පොදු ලකුණක් විය යුතු බවයි.

එසේ නමුත් වික්‍රමසිංහ පාර්ශවය ඊට විරුද්ධව කරුණු දැක්වීමත් සමඟ ප්‍රේමදාස මහතා ඇතුළු පිරිස ඉවත්ව ගොස් ඇත.

අවසන් වරට සජිත් ප්‍රේමදාස මහතා දැඩිව ප්‍රකාශ කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය නම් අලියා ලකුණින් තරග කර ගන්නා ලෙසත් තමන් ආරම්භ කළ දේශපාලන ව්‍යාපාරය ඉදිරියටම ගෙන යන බවත්ය.

50,360 Viewers

7 Comments to “සිරිකොතේ ගාලගෝටියක්.. රනිල්ගේ උගුලේ සජිත් වැටේ.. සජිත් තීරණාත්මකව සිරිකොතෙන් දොට්ට බහී..”

  1. Nondi Aliya says:

    gUNP ye gamanaka awasaanaya! DS, Sir John, Dudley , JR lage wedagath UNP eka, pirimi nurselata manthreekam dunnama mewa wei kiyala naayakayo kiyaganna ewun danaganna ona!

    • 🐘😁🐘😁🐘😁 says:

      අලියා ලකුණ පක්‍ෂය එජාප නොවේ
      ඇතා ලකුණෙ පක්‍ෂයයි එජාපය වේ
      දල නැති කල අලියා වටිනා නොවේ
      ගැලපුන ලකුණ හොඬය පක්‍ෂය වේ

  2. පොඩි එකා says:

    2019 අග භාගය වන විට රටේ තිබුන දේශපාලන වාතාවරණය එඡාපයට හිතකර නොවන බව තේරුම් ගැනීමට සඡිත්ට දේශපාලන දුර දැක්මක් තිබුනේ නෑ.. එහෙම තිබුන නං ඔහුට තිබුනේ ඡනාධිපතිවරණයට රනිල්ට තරඟ කිරීමට ඉඩ හැරීමයි.. එසේ වුවා නම් රනිල්ගේ පරාඡයත් සමගම ඔහුට පක්ෂයෙන් ලැබෙන්න තියෙන්න හැම නිලතලයක්ම ඉබේම ලැබෙනවා.. නමුත් ඔහු තම පියා වගේම තමන් ගැන අධි තක්සේරුවකින් හිටියේ.. ඔහුට ඉවසීමක් තිබුනේ නෑ.. තිබුනේ දේශපාලන තන්හාවක්… තන්හාය ඡායතී සෝකෝ කියලා බුදු රදුන් පැවසුවේ මෙයයි…

  3. MD says:

    ATTATAMA GUNP PAKSHIKAYANI OBALATA ABA ATAYAK TARANWATH JATIYAK AGAMAK GANA SIYUWILLAK WATH NADDA?ME WAGE BALA TANHAWEN PORAKANA AYA RATATA GANAWATH OBA GANAWATH HITAIDA?

  4. Anoosh says:

    God did not like Sajith becoming President of SL.

  5. jonana says:

    “සිරිකොතේ ගාලගෝටියක්..” රනිලා ගේ පුටුව යටට චීන පටස් ටිකක් දාපන්

Main News