සිරිකොතේ බලය අල්ලන්න රනිල් පිල සජිත් පිල සටනක..

July 8, 2020 at 5:30 pm | lanka C news
සිරිකොතේ බලය අල්ලන්න රනිල් පිල සජිත් පිල සටනක..

සිරිකොත බලය රැක ගැනීම හා ඇල්ලීම වෙනුවෙන් රනිල් පාර්ශවයත්, සජිත් පාර්ශවයත් සටනක යෙදී සිටින බව හිටපු ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මේ බව පවසා සිටියේ ඊයේ (07) දින කටාන පැවති ජනහමුවකට සහභාගි වෙමිණි.

සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති මාලාව තුළින් රට හදන නිසි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරමින් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සදහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය මැතිවරණ සටන මෙහෙයවමින් සිටිනවා. නමුත් රටේ ප්‍රධාන පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂය දෙකඩ වී ඔවුනොවුන් සිය පක්ෂය තුළ බලය රැකගැනීමේ පොරයක නිරත වෙමින් සිටින බව නිමල් ලාන්සා මහතා සදහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා සමග වැඩකල හැකි බව පවසමින් රට පුරා මතයක් ගොඩනගමින් සිටින අතර එම සුසංයෝගය කිසිසේත් නොගැලපෙන අතර රට රකින, රට සංවර්ධනය කළ හැකි හොදම සුසංයෝගය ගෝඨාභය හා මහින්ද යන සහෝදරයින් දෙපළ බව රටේ ජනතාව හොදින් අවබෝධ කරගෙන සිටිනවා. එම සහෝදරයින් දෙපළ තස්ත්‍රවාදයෙන් රට බේරාගැනීමටත්, කොවිඩ් 19 වසංගතය පාලනය කරමින් රටත් ජනතාවත් සුරක්ෂිත කළ නායකයින් බව නිමල් ලාන්සා පැවසීය.

ඉදිරි මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය පිළිබදව කිසිදු සැකයක් නොමැති අතර සිය පක්ෂයේ ඉලක්කය වී තිබෙන්නේ තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමයි. සමගි ජන බලවේගය ආණ්ඩු බලය ලබා ගන්නා බවට සජිත් ප්‍රේමදාස මහතා රට පුරා ප්‍රකාශ කරමින් ගියද එය දවල් හීනයක් පමණයි. ජනාධිපතිවරණය පරාජයෙන් පසු පාක්ෂිකයන්ට සජිත් ප්‍රේමදාස මහතා සොයා ගැනීමට නොහැකි වූ අතර මහ මැතිවරණ පරාජයෙන් පසු පාක්ෂිකයන්ට මෙන්ම අපේක්ෂකයන්ටද සජිත් ප්‍රේමදාස මහතා සොයා ගත නොහැකි වනු ඇති බව නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

– media unit

18,612 Viewers

8 Comments to “සිරිකොතේ බලය අල්ලන්න රනිල් පිල සජිත් පිල සටනක..”

  1. Truth says:

    Definitely, Sajith will be the next PM of SL and SJB will win the election. Pohottuwa people like Lansa r just dreaming about two third majority…pohottuwa will not take at least 113 seats to reach to the simple majority..

  2. john the baptice says:

    කුඩු ලාන්සා ගම්පහ තුනට එනවා. ගොන් බයියන්ගෙ මනාපයෙන්

    • එයි baptයා තොපෙ පැත්තෙ මුක්කුද බං නැත්තෙ. කම්බා හොරු, නිදන් හොරු, හොර සල්ලි අච්චු ගහන උන්, සම ලිංගිකයෝ, කසිප්පු කාරයෝ, ස්තුි දුෂකයෝ, මිනීමරුවෝ, සල්ලාලයෝ, වෙෙශාවෝ, කුලී මිනි මරන්නෝ

      • රට විකුණලා ගත්ත කොමිස් කුට්ටි, බාල බෙහෙත් ගෙනල්ලා ගත්ත කොමිස් කුට්ටි,

        • jsk says:

          නැව් ගිලපු කිඹුල් මොටාල, රටේ මාලු ටික මුහුදෙදීම පිටරට නැව් වලට පටවල රටේ ධනය සූරා කාපු එවුන්, එතනොල් බිස්නස්, කුඩු බිස්නස් කරපු එවුන්, රටේ නීතියට බලපෑම් කරපු බැක්සයිඩ් එවුන්, පල්ලි වලට බෝම්බ ගහනව දැන දැනත් අහක බලාගෙන හිටපු එවුන් තව තව මෙකි නොකී පාහරයින් රොත්තම ඉන් හැඳි ගෑවිලා යා යුතු කාලය ඇවිත්. පක්ශ පාට රෙද්දවල් අත හැරල රට ගොඩ ගන්න ඇවිත් තියෙන අවස්තාවක් මේක. රට හැදුනොත් ඔක්කොම ගොඩ.

    • SAKKILI SIRA says:

      john the baptice pako gani ge gana kiyada ballo, alla gahanawa tota puk

    • ගොනා ද කොමිස් baptice අසුචි නාගන්නවා කියලා ඔය විදිහට අසුචි නා ගන්න එපා. ඔය උබේ කුහක දේශපාලන සංකල්පය නිසා අන්තිමට උබෙන් පැවත එන වුන්ටත් සාප වෙයි. ගොනෝ සල්ලි මත්තෙ නැහෙන්නෙ නැතිව යථාර්තය දෙස බලා යථාර්තයට ගරු කරපං හරකෝ.

  3. Nariya says:

    Anungekunu kandal magul kathakaranne nathiwa idiriyata kotaashayata palathata ratata janathawata karanna yana sewaya yojanaa idiripath koloth neda hoda anunke kunu hoyana janatha naayakayekutawadaa rate niwaradi dakmak athi ayatai ada chanda daayakayaage awashya thawaya

Main News