සිරිපාදේ ඉඩම බැසිල්ගේද.. බැසිල් විකිණු එකක්ද.. ටක්කෙටම හොයාගන්න සූත්තරේ මෙන්න…

November 1, 2016 at 7:06 am | lanka C news
සිරිපාදේ ඉඩම බැසිල්ගේද.. බැසිල් විකිණු එකක්ද.. ටක්කෙටම හොයාගන්න සූත්තරේ මෙන්න…

සමනල කන්ද ආශ‍්‍රිත ඉඩමක ඉදිකරමින් ඇති නිවාඩු නිකේතනය හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂගේ නැද්ද යන්න ස්ථිර වශයෙන්ම දැන ගත හැක්කේ කෙසේදැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පිවිතුරු හෙල උරුමයේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් පල කලේය.

සමනල කන්දේ විදේශීය සමාගමක් නිවාඩු නිකේතනයක් හදන බවට මේ දින වල දැවැන්ත ආන්දෝලනයක් තිබෙනවා. ශ්‍රී පාද නායක හිමියන් පවසන විධියට එම ඉඩම ශ්‍රී පාද පුද බිමට අයිති නෑ. වන සංරක්ෂණ නිලධාරින් පවසන විධියට මේ ඉඩම වන සංරක්ෂණයට අයිතිත් නෑ. එහෙම නම් මේ ඉඩම අයිති කාටද? විදේශිකයින්ට බදු දුන්නා ද විකුණුවා ද? “පුද බිම නොවන බව හිමි පවසනවා. වනය නොවන බව වන නිල පවසනවා. ඔබ කාටද හිමි ඉඩම් පුතේ? කියලා අපට ඉඩමෙන්ම තමයි අහන්න වෙන්නේ. මේ ඉඩම බැසිල් රාජපක්ෂ මැතිතුමා විදේශිකයින්ට විකුණලා කියලා බොරු ප්‍රචාරයක් පැතිරුවා. ආණ්ඩුවෙන්මයි මේ ප්‍රචාරය යැව්වේ. අපි ගාව තියෙනවා ඒක ප්‍රචාරය කරපු ෆේස් බුක් , වෙබ් පිටු මොනවද කියන එකත් ඒක ෂෙයා කරමින් කටයුතු කරපු මේ ආණ්ඩුවට සම්බන්ධ විවිධ දේශපාලකයන්ගේ ගෝලයන් කවුද කියන එකත්. බැසිල් රාජපක්ෂ මැතිතුමා ශ්‍රී පාදයේ ඉඩමක් විදේශිකයින්ට විකුණලා කියලා හඬ නගන අයට මම අභියෝග කරනවා ඒකට සාක්ෂි ඉදිරිපත් කරන්න කියලා.“බැසිල්“ කියන නම ඇසුනා විතරයි විශ්‍රාමික දේශප්‍රේමින් බොහොම උනන්දුවෙන් සටනට බැස්සා. මේ අය බලයට ආවොත් දළදා මාළිගයත් විකුණාවි කියමින් මුහුණු පොත පුරා බොරු ප්‍රචාරය කලා. ඒක බොරුවක් කියලා දැන ගත්තාම කට්ටිය නිහඬ වුණා. දැන් වරදක් වෙන්නේ බැසිල් මැතිතුමා ඉඩම විකුණුවා නම් විතර ද? වර්තමාන ආණ්ඩුවෙන් එහෙම කලොත් වරදක් නොවේ ද? මහින්ද රාජපක්ෂ මැතිතුමා කළත් ජනාධිපති කළත් අගමැති කළත් වරද වරදමයි. කළ පුද්ගලයා අනුව වරද නිවැරදි වෙන්නේ නෑ.

ශ්‍රී පාද පුද බිම වගේම සමනොල රක්ෂිතයත් අපේ උරුමයන්. ජාති ආගම් පක්ෂ භේද පැත්තක තබලා අපේ උරුමයන් රැක ගන්න සමස්ත ජාතියම එකතු විය යුතුයි. ඒ නිසා මේ ඉඩම පිළිබඳ සැබෑ කතාව ආණ්ඩුවේ බලධාරින්, විශේෂයෙන් ඉඩම් ඇමති විසින් රටට හෙලි කළ යුතුයි.මේ ඉඩම අයිති කාටද? විදේශිකයෙකුට දීලද නැද්ද? ඒක සිදු උනේ කොහොමද? මෙය රක්ෂිතයට අයත් නැතත් රක්ෂිතයට අවට ඉඩමක් උනත් පාරසරික බලපෑම් ගැන ඇගයීමක් නැතුව කිසිදු ඉදිකිරීමක් කල නොහැකියි. මමත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ලෙස කටයුතු කල නිසා ඒ බව හොදින්ම දන්නවා. ඒ නිසා ඉඩම් ඇමති හෝ පරිසර ඇමති රට ඉදිරියට ඇවිත් මේ ආන්දෝලනාත්මක සිදු වීමේ සැබෑ කතාව රටට හෙළි කල යුතුයි. ඒ වගේම පරිසර ඇමතිතුමා වන ජනාධිපති මේ පිලිබඳ නිශ්ශබ්දයි. එතුමන් තනපටක් විසිකිරීමත් මහා ජාතික අර්බුදයක් බවට පත්කර ගත්තා. තනපටකට වඩා ශ්‍රි පාදය අපට වටිනවා කියලා අපි ජනාධිපතිතුමාට බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා.

යාපනයේ පොලිස් නිළධාරින්ගේ නඩුව අනුරාධපුරයට ගෙන එනු

චුන්නාකම් හී දී යාපනයේ සරසවි සිසුන් දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිදුවීමට උප පොලිස් පරීක්ෂක සරත් දිසානායක ඇතුළු පොලිස් නිලධාරින් පස්දෙනෙකු අත්අඩංගුවට ගත්තා. අණ නොතකා ධාවනය කළ මෝටර් සයිකලයකටයි පොලීසිය වෙඩි තබන්නේ. රාත්‍රි කාලයේ දී gammanpilaසංවිධානාත්මක අපරාධ කල්ලි මෝටර් සයිකල් වලින් ගමන් කරමින් අපරාධ සිදු කරන නිසා තමයි පොලිසිය මාර්ග සෝදිසි සිදු කලේ. බීමත්ව සිටි සිසුන් දෙදෙනා ඒ අවස්ථාවේ මෝටර් සයිකලය පොලිස් අණට නැවැත්තුවේ නෑ. මේ මෝටර් සයිකලයේ බෝම්බ ගෙනි යනවා ද ආයුද ගෙන යනවා ද කවුරුත් දන්නේ නෑ. ඒ නිසා තමයි අණ නොතකා ධාවනය කරන විට වෙඩි තැබුවේ. ධාවනය වන මෝටර් සයිකලයක ටයරයට වෙඩි තැබුවාම නැගී යන කෙනෙකුට වදින්න පුළුවන්.

මේ අය පෞද්ගලික ගැටුමක නොවේ හිටියේ. තමන්ගේ රාජකාරිය ඉටු කරන විටයි අත්අඩංගුවට පත් වන්නේ. ඒ නිසා පොලිස් නිලධාරින්ට අවශ්‍ය නීති සහය ලබා දීමට පොලිස්පතිතුමා කටයුතු කළ යුතුයි. ඒ වගේම අද මේ පොලිස් නිලධාරින් යාපනයේ බන්ධනාගාරයේ රඳවා තැබීම අනාරක්ෂිතයි කියලා අනුරාධපුර බන්ධනාගාරයට ගෙනැවිත් තිබෙනවා. නමුත් නඩු විභාගය සිදු කරන්නේ යාපනයේ. සිදුවුණු කැලැඹිලි සහගත තත්වය නිසා යාපනයේ නීතිඥයින් මේ පොලිස් නිලධාරින් වෙනුවෙන් පෙනී සිටින්න බයයි. කොලඹින් නීතිඥයින් ගියත් යාපනයේ මහෙස්ත්‍රාත් උසාවියේ කටයුතු සිදු වන්නේ දෙමළ භාෂාවෙන්. ඒ වගේම මතු වී ඇති ආරක්ෂක තත්වය යටතේ නඩු දිනයට පවුලේ සමීප ඥාතීන්ට සහභාගි වීම ගැටළු සහගත වී තිබෙනවා. සැකකරුවන්ට නීතිඥයින්ට සමීප ඥාතින්ට ආරක්ෂාව සැපයිය යුතු පොලිස් නිලධාරින් තමයි මෙම කලහකරුවන්ගේ ගොදුරු බවට පත් වී සිටින්නේ. මේ කාරණා සියල්ලම සැලකිල්ලට ගෙන මේ නඩුව අනුරාධපුරයට මාරු කරන්න කියන ඉල්ලීම අපි කරනවා.

1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනතේ 46 වගන්තිය යටතේ අභියාචනාධිකරණයට මේ මාරු කිරීම කරන්න පුළුවන්. එම නඩුව ස්වෙච්ඡාවෙන්ම කරන්න ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා සහ නීතිඥ පසන් ගුණසේන මහත්වරු ඉදිරිපත් වෙලා ඉන්නවා. නමුත් නඩුවක් විභාග කර තීන්දුවක් දෙන්න කාලයක් ගත වෙනවා. පනතේ 47 වගන්තියෙන් නඩුවක උසාවිය මාරු කිරීමට නීතිපතිටත් බලය තිබෙනවා. නීතිය සහ සාමය සුරැකීමටකටයුතු කිරීමට ගොස් අමාරුවේ වැටුණ මේ පොලිස් නිලධාරින් වෙනුවෙන් සානුකම්පිතව ක්‍රියා කර මේ නඩුව අනුරාධපුර මහෙස්ත්‍රාත් උසාවියට මාරු කරන මෙන් අපි නීතිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

තමන්ගේ රාජකාරිය ඉටු කරමින් සිටිය දී සිදු වුණු වෙඩි තැබීම මත මේ නිලධාරීන් වහාම අත්අඩංගුවට ගන්න පොලීසිය ක්‍රියාත්මක වුණා. නමුත් නිවසක පැවැත්වුණු සාදයකට පැන මරා දැමූ ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්නගේ මරණයට වගකිවයුතු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට කිසිම උනන්දුවක් තිබුණේ නෑ. අපිට මාස දෙකක් අරගල කරන්න සිදු වුනා වගකිවයුතු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට. මේ සිදුවීමේ දී ජනාධිපතිතුමා සංවේගය පල කරනවා. වන්දි මුදල් ලබා දෙන්න නියෝග කරනවා. කාටද මේ? බීමතින් රිය පැද වූ තරුණයින්ට. පොලිස් අණ නොතකා රිය පැද වූ තරුණයින්ට. උතුරට සහ දකුණට නීති දෙකක් ක්‍රියාත්මක කරන්න ගියොත් මේ රට දෙපළු වෙලා රටවල් දෙකක් බිහි වෙන එක නම් කාටවත් නතර කරන්න බෑ.

– අරවින්ද අතුකෝරල

25 views

6 Comments to “සිරිපාදේ ඉඩම බැසිල්ගේද.. බැසිල් විකිණු එකක්ද.. ටක්කෙටම හොයාගන්න සූත්තරේ මෙන්න…”

  1. Champika says:

    ශ්‍රි පාදයේ ඉදල කිලෝ මිටර් 6 ක් තියන්නේ හෝටලයක් විතරක් වෙන්න පුලුවන්, ඒත් මාලිගාව් වටේ කිලෝ මීටර් 6 ක බාර් , මඩම් , හොර කපල් පොට්ස් හැම දහ ජරාවක්ම තියනවා. අනිත් සිද්ද්ස්තාන වටෙත් එහෙමයි.

    කෝ මේ සින්හල හමුදාව!

  2. nilu says:

    Hari Mr. Gammanpila,
    Thamuse hari kiyamuko. Ehenam Basilta mokada naduwak damala wandi illanna bari boru kiyana ayagen? Kiyamuko balanna uththra.

  3. Jude Michel says:

    Great.

  4. සිසිර says:

    ශ්‍රීපාද ඉඩම් මුස්ලිම්වරුන්ට පැවරීමට වඩා දරුනු සමනොල කන්න්දෙන් පටන් ගන්නා ග්ංගා ඇලදොල සිදීයාමෙන් රට කාන්තාරයක් වීමයි. ඒ පිලිබද නිවැරදි තොරතුරු ජනතාවට ලබා දීම මාද්‍යවේදීන්ගේ පරම යුතුකමකි.ඒ පිලිබද ව මාහට ඇත්තේද කලකිරීමකි. යාපනේ පොලිස්නිලදාරීන්ගේ ගැටලුවට ජනාධිපති නීතීඥ මනෝහර සිල්වා ඉදිරිපත්වීම පොලීසියේ නිලධාරීන් ට විශාල ජයග්‍රහණයක් . එසේම උතුරට සහ දකුනනේ සේවය කරන පොලිස්නිලදාන් දැන්වත් නීතිය නවන පොලිස්පති ගේ මේ නෝන්ජල් ක්‍රියාදාමය තේරුම්ගෙන කටයුතු කලයුතුය.

  5. Sujeewa Dematagoda says:

    Aithikarayo nethi Cars, Buses, Gewal Idam ( Malvane) kotharam hamba unada pahugiya dawaswala…

  6. nandana says:

    obathuma samaga mama 100% akagay. namuth ay basitla midiya walata hari uththrayak denna beri.meka kawada hari eliyata anawa.

Main News