“සිරිලක නොබෝසත්හු නොරඡ්වන්හ” අපේ සම්ප්‍රදායට පන පෙවීමට මහා සංඝරත්නයට ආරාධනා: “කසාවතයි මගේ රටයි” අධිෂ්ඨාන පෙළහර මාගම්පුරයෙන් ඇරඹේ…

July 22, 2019 at 4:40 pm | lanka C news
“සිරිලක නොබෝසත්හු නොරඡ්වන්හ” අපේ සම්ප්‍රදායට පන පෙවීමට මහා සංඝරත්නයට ආරාධනා: “කසාවතයි මගේ රටයි” අධිෂ්ඨාන පෙළහර  මාගම්පුරයෙන් ඇරඹේ…

“මගේ රටයි-කසාවතයි” මහ සඟ සමුළුව ඊයේ සවස තංගල්ල නගර ශාලාවේ දී පැවැත්විණි. රටට නායකයන් බිහි කිරීමේ දී මහා සංඝ රත්නයේ ඓතිහාසික කාර්යභාරය සිහිපත් කරමින් ඒ ඇගයීමත්, යලි ඒ කටයුත්තට මහා සංඝ රත්නයට ආරාධනා කිරීමත් අරමුණු කර පැවති මේ සමුළුවට හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහා සංඝ රත්නය සහ ආරාධිත ගිහි ප්‍රභූන් රැසක් සහභාගී වූහ.

තංගල්ලේ ගෝතම ස්වාමීන්වහන්සේ පිළිගැනීමේ කතාව සිදු කල අතර හම්බන්තොට දිස්ත්‍රික් සාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම් ගලපිටගල ප්‍රේමරත්න හිමි, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි සහ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පැවිදි දේශන සිදු කළහ. මහාචාර්ය චන්න ජයසුමන සහ විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල ගිහි දෙසුම් පැවැත්වූහ. රට දැය වෙනුවෙන් දිවිපිදූ රණ විරුවන් උදෙසා පැන් වඩා පුණ්‍යානුමෝදනාවක්ද සිදු කෙරුණි.

මහාචාර්ය චන්න ජයසුමන මහතා SOFA/ACSA/MCC තුන් ඈදුතු ගිවිසුම් මගින් රටට සිදුවන හානිය සවිස්තරව පැහැදිලි කළේය. හයවන මිහිදු රජතුමන්ගේ අභයගිරි සෙල්ලිපියේ සදහන්වන “සිරිලක නොබෝසත්හු නොරඡ්වන්හ” පාඨය උදෘත කර යලි මෙරටට නායකයකු බිහි කිරීමට අප්‍රමාදීයව කටයුතු සම්පාදනය කරන මෙන් මහා සංඝරත්නයෙන් ඒ මහතා අයැද සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි පැවැසුවේ දුටුගැමුණු, වළගම්බා, විජයබා මහා විරුවන් මෙන්ම සුබ-යස වැනි විහිලුකාරයන්ද එක්කෙනකු දෙන්නකු සිංහල රාජාවලියේ දැක ගත හැකි බවයි. “යස” දොරටුපාලයා වංචාවෙන් රාජ්‍ය ලබාගෙන සයවසරක් සිරිලක පාලනය කල බවත් එසේ වූ පමණින් දිගටම යසලාට රට නොගිය බවත් ඊලග වතාවේ ඒ වරද නිවැරදි කර ගත බවත්ය.

ගලපිටගල ප්‍රේමරත්න නායක ස්වාමීන්වහන්සේ පැවසුවේ රුහුණේ මහා සංඝරත්නය සියවස් 20 වැඩි කලක් ජාතියට නිවැරදි අපරාජිත නායකයන් බිහිකළ බවත් ඒ වගකීම මෙවරද උන්වහන්සේලා පැහැර නොහරින බවත්ය.

– තංගල්ලේ උපුල් ධීරසේක

29,366 Viewers

4 Comments to ““සිරිලක නොබෝසත්හු නොරඡ්වන්හ” අපේ සම්ප්‍රදායට පන පෙවීමට මහා සංඝරත්නයට ආරාධනා: “කසාවතයි මගේ රටයි” අධිෂ්ඨාන පෙළහර මාගම්පුරයෙන් ඇරඹේ…”

  1. saman says:

    සාධු ,සාධු,සාධු,සාධු මේ සද් කාර්යය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා. ජයග්‍රහනයෙන්ම කෙලවර වේවා.

  2. Love nature says:

    අනේ බොල කූඹින්නේ…
    තොපටත් රජෙක් ඇත්තේ…
    අපටත් රජෙක් ඇත්තේ…..

    තොපේ දුක තොප රජුට පෙනෙන්නේ…
    අපේ දුක අප රජු නොම දන්නේ…
    දුකපත් අය හට දුක වැඩි වන්නේ…
    සැමවිට දුදනන් මෙහි රජයන්නේ….

    කට මැත දොඩවන අති පඩි ඇමතින්..
    මත් කුඩු විකුණන ඔල මොල නිවටුන්..
    කප්පම් ගන්නා මහ තුප්පහියන්…
    රජු වට කරගෙන නටයි නාඩගන්…

  3. Love nature says:

    අටසිය දහ අට කැරැල්ල ඉංග්‍රීසීන් අතිශය කෲරකම් මගින් මර්ධනය කළහ. එයින් පසු අපට රජෙක් අහිමි විය. ජාතියට කොඳු නාරටියක් අහිමි විය. අපට තවමත් ගැයීමට ඇත්තේ කුංකුනාවේ හිමියන් කැප්පෙටිපොල නිලමේට පැවසූ මේ කව පමණි.( ඔහුට කැරැල්ලට එකතුවීමට උත්තේජනය සැපයූවේ මේ කවියෙන් බවට ද කතාවක් පවතී)
    “අනේ කුහුඹුන්නේ – තොපටත් රජෙකු ඉන්නේ
    අපට නැත ඉන්නේ- ඒ නිසාවෙනි අපි තැවෙන්නේ
    අපේ කරුමෙද මේ වෙන්නේ?
    කිරිබත් කෑ හැකිය
    පෙරහැර කල හැකිය
    සාදුනාදෙන් ගිගුම් දිය හැකිය
    අපටත් රජෙක් හිටියා නං….”

  4. gamarala says:

    ජනහිත පතන රජවරු අපහට ලැබීයන්
    හැම ජන හිතම එක මවකගෙ මෙන් වීයන්
    පරගැති ඇත්තවුන් නිති වැනසී පලයන්
    මගේ මව් බිමට හැමවිට ජය අත් වීයන්

    ජාතිය පතා නගනා හඬ සිහ නද වීයන්
    ආගම පතා දෙසනා බණ අම රස වීයන්
    මවුපිය නිසා වෙහෙසෙන දරු රජ වීයන්
    මේ හැම සමග මගේ රට නිති බැබලීයන්

    රට ජාතියට හැම සිත් ආලෙන් බැඳියන්
    පරගැති සිතැත්තන් නිති වැනසී පලයන්
    කට වරදගෙන කෙතරම් කෙරුවත් කෙරුමන්
    රජකම් කලත් කලකම් නිති පලදීයන්

Main News