සිරිසේනට විරුද්දව බරපතල ලෙස නීතිය ක‍්‍රියාත්මක කල යුතුයි.. පාස්කු ඉරිදා සංහාරයට ඔහු වගකිව යුතුයි..- විමල් සාක්‍ෂි දෙයි..

March 4, 2020 at 10:12 pm | lanka C news
සිරිසේනට විරුද්දව බරපතල ලෙස නීතිය ක‍්‍රියාත්මක කල යුතුයි.. පාස්කු ඉරිදා සංහාරයට ඔහු වගකිව යුතුයි..- විමල් සාක්‍ෂි දෙයි..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් බරපතල ලෙස නීතිය ක්‍රියාත්මක විය යුතුව ඇති ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

සිතාමතා මෙම නාශය වෙන්න ඉඩ හැරීම හේතුවෙන් සමූහ සමූහ මිනිස් ඝාතනයක් සිදු වීමට ඉඩ හැර නිකම් බලා සිටීමේ චෝදනාවෙන් ඔවුන්ට ගැලවෙන්නට නොහැකි බවද ඔහු කියා සිටියේය.

පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කරන ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව වෙත ප්‍රකාශ සාක්ෂි ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේ ඔහු මේ බව කියා සිටියේය.

29,773 Viewers

12 Comments to “සිරිසේනට විරුද්දව බරපතල ලෙස නීතිය ක‍්‍රියාත්මක කල යුතුයි.. පාස්කු ඉරිදා සංහාරයට ඔහු වගකිව යුතුයි..- විමල් සාක්‍ෂි දෙයි..”

  1. Chinthana says:

    Dear, please keep it mind, you can use the word as “deals ” for your temporary satisfaction. All those deals would be block.

    • හැටනමයෙක් says:

      මෛත්‍රී පාස්කු ප්‍රහාරයට ඍජුවම වග කියා යුතුයි. ඒ වෙනුවෙන් ඔහුට පොහොට්ටුවේ සභාපතිකම දෙන කොට ඔබ නිදි ද ? සහරාන් ගේ පිරිසට වූනු පොරොන්දුවට අනුව සයින්දමරුදු නගරසභාව දෙන විටත් ඔබ නිදි ද ? නිකන් ගැලරියට ගහන්නේ නැතුව ඉන්න ඇමතිතුමා. බොරුවට හැමදා ආයුෂ තියනවා කියලා හිතන්නත් එපා. අපි ඔබතුමා ගැන මීට වැඩිය බලාපොරොත්තු තියාගන හිටියේ. දැන් දුකයි.

  2. Susil says:

    Well said Wimal.
    Now time to act without any delay!
    MY3 must go to JAIL!

    • Dilshan says:

      Yes we agree 100% zirisena must go to prison. the people who lost their loved ones should take to street and protest against this mad man sirisena

    • Rata Wenuwen says:

      අනුන්ගේ දේ හොරෙන් බලෙන් උදුරාගන්නා උකුස්සාට වෙනදේ, මේ පඹ උකුස්සාට වෙච්චදේ වාචාල කට නිසාවර්චස් ඇඟේ උලාගන්නවා හරි අගේට.

    • MD says:

      YES.I ALSO AGREE WITH YOU.MY3 GO TO JAIL.

  3. Gotaimbara says:

    Well said. I agree with Wimal.

  4. Saradiel says:

    දොරටුපාලකයා රජ වීමේ විපාකය

  5. PULATHISI says:

    සිරිසේන රනිල් සහ පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සියලු දෙනාට වහාම දඩුවම් කළ යුතුය. තව දුරටත් එය ප්‍රමාද කිරීම අපරාධකරුවන්ට උඩ ගෙඩි දීමක් වනු නියතය.

  6. Aurora says:

    සිරිසේන පක්‍ෂ වෙන්නේ තමුන්ට සහ තමුන්ගේ පවුලට පමණයි. මෙහෙම ආත්මාර්ථකාමී වෙනත් සත්වයෙක් මේ ලෝකෙම නැහැ. තමාගේ වාසියට ඕනෑම පජාත වැඩක් කරන්න හෝ කතාවක් කියන්න ඔහු මොහොතක්වත් පැකිලෙන්නේ නැහැ. තමාගේ පවුලේ සාමාජිකයෙකුගේ මොනම වැරැද්දක් හෝ නොපිළිගන්නා ඔහු ඔවුන් වෙනුවෙන් දැඩිව පෙනී සිටිනවා. පක්ෂය, රට කියන්නේ සිරිසේනගේ ප්‍රමුඛතා ලයිස්තුවේ ඉතාම පහලින් තියන දේවල්. මුළු රටම පුපුරවල දැම්මත්, මිනිසුන් කොතරම් මැරුණත් ඔහුට ඒක වැදගත් නැහැ. මේ රට අද වැටී ඇති උගුලට සම්පුර්ණයෙන්ම වගකිවයුත්තේ සිරිසේන සහ යහපාලන නඩේ.

  7. kawinda says:

    ehema hithanawa nam ehema kiyanawa nam mokatada POHOTTUWE thanathurak dunne..? paasku vinaashaye waga kiwayuthu miniha hitan nam methiwaranayedi POHOTTUWATA awaasiyak wenna ida nedda..? aga radaguru himipaanan ethulu katholikayo puduma vewi. chandaya no devi. neethimaya getaluwak nethnam denma SLFP eka sandaanayen iwath karana eka hondai.

Main News