සිරිසේන ගත්තේ පඹයගේ වැඩේ කරවාගන්නයි.. උකුස්සන්ට, කටුස්සන්ට මනාප දෙන්න එපා..

March 15, 2020 at 1:20 pm | lanka C news
සිරිසේන ගත්තේ පඹයගේ වැඩේ කරවාගන්නයි.. උකුස්සන්ට, කටුස්සන්ට මනාප දෙන්න එපා..

උකුස්සන් හා කටුස්සන් පොහොට්ටුවට එක්වෙමින් සිටින බවත් ඉදිරි මහා මැතිවරණයේ දී උකුස්සන් හා කටුස්සන් පාර්ලිමේන්තුවට යැවීමෙන් වළකින ලෙසත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලයි.

ඔහු පෙන්වා දෙන්නේ අනාගත අභියෝග හා අවධානම ගැන සලකා මහින්ද රාජපක්ෂ මහතා අතහැර නොයන පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීම මේ මොහොතේ ජනතාව සතු යුතුකම හා වගකීම බවයි. පොහොට්ටුවට ලංවී සිටින උකුස්සන් හා කටුස්සන් විශ්වාස කළ නොහැකි බව ද ඔහු අවධාරණය කරයි.

මිනුවන්ගොඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සංවිධාන රැස්වීමකට එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

මෙහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මෙසේ ද කීවේය.

” මේ වෙනකොට අපි පොහොට්ටුවෙන් නාම යෝජනා අත්සන් කර අවසන් වෙමින් තිබෙනවා. ලබන බදාදා බ්‍රහස්පතින්දා අපි සෑම දිස්ත්‍රික්කයකටම නාම යෝජනා භාර දෙන්න ලෑස්තියි. අපි ඡන්දය ඉල්ලන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොහොට්ටුව ළකුණින් සමහර අයට ඕන වුණා වෙන වෙන නම් වලින් වෙන වෙන ළකුණු වලින් ඡන්දය ඉල්ලන්න. නමුත් මහින්ද මහත්තයාගේ කණ්ඩායම විදිහට අපි ඒකට එකග වුණේ නෑ. මොකද පොහොට්ටුව තමයි අපේ ජයග්‍රාහි ළකුණ. ජයග්‍රාහී පක්ෂය පොදුජන පෙරමුණ. ඒ ඔක්කොටම වඩා පොහොට්ටුව තමයි මහින්ද මහත්තයාගේ ළකුණ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමයි මහින්ද මහත්තයාගේ පක්ෂය.

පොහොට්ටු පක්ෂය පිහිටෙව්වොත් අපිව පාරක් පාරක් ගාණේ ඇවිද්දවන බව කියපු අයත් අද අපේ පස්සේ එනවා. පොහොට්ටුවට එකතු වන මේ උකුස්සන් හා කටුස්සන්  අපිට ශතපහකටවත් විශ්වාස නෑ. මේ අයගේ එක්වීම නිසා අපිට අනාගත අභියෝග මා අවධානම් තියෙනවා. මේ අභියෝග හා අවධානම් සලකා මහින්ද රාජපක්ෂ මහතා අතහැර නොයන පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි. ඒක මේ මොහොතේ ජනතාව සතු යුතුකමක් හා වගකීමක්. අපේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිහින් අපේ ප්‍රතිපත්ති, මහින්ද මහත්තයාව පාවා දීලා තනතුරු වරදාන වරප්‍රසාද වෙනුවෙන් කටයුතු කරන අය කවුදැ‘යි අප දන්නවා. ඒ අය ගැන ජනතාව වගකීමෙන් තීන්දුවක් ගත යුතුයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොහොට්ටුවට එකතු කර ගැනීම පිළිබද ජනතාව තුළ ඇත්තේ යහපත් හැගීමක් නොවේ. නමුත් අපිට අස්වැද්දුම වැඩි කරන්න පඹයොත් කුඹුරේ හිටවන්න වෙනවා. ඒ වගේ දෙයක් තමයි මෙතන සිද්ධ වුණේ.

සජිත් ප්‍රේමදාස මහතා අද කොරෝනා වෛරසය නිසා රට තුළ ඇති වී තිබෙන තත්ත්වයෙන් දේශපාලන වාසි ගන්න හදනවා. ඔහු කියනවා ආණ්ඩුව යුතුකම් පැහැර හරිනවලු. එතකොට පාස්කු ප්‍රහාරය වෙලාවේ එවකට ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකු වු සජිත් ප්‍රේමදාස නිහඩව සිටියේ යුතුකම් ඉටු කිරීමට ද? මහබැංකු හොරකම වෙලාවේ සජිත් හිටියේ නිදාගෙන ද ? ඒ වේලවේ ඔහු නිශ්ශබ්දව හිටියේ යුතුකම ඉටු කිරීමට ද? කොරෝනා වෛරසය පැතිර යාම මුළු ලෝකයම මුහුණ දෙන තත්ත්වයක්. අපි  රජයක් විදිහට ඒ තත්ත්වය පාලනය කිරීම සදහා ගත හැකි සියලු පියවර ගනිමින් තිබෙනවා. මේ වෙලාවේ විපක්ෂය කොරෝනා හරහා දේශපාලන වාසි ගැනීමට දරණ නිර්ලජ්ජිත උත්සාහය අපි දැඩි ලෙස හෙළා දකිනවා. එමගින් තහවුරු වන්නේ සජිත්ලාගේ දේශපාලන කුහකකම මිසක් අන් කිසිවක් නොවේ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ රට අරාජික කිරීමට ගෙනා ව්‍යවස්ථා සංශෝධනයක්. මේ ව්‍යවස්ථා සංශෝධනය නිසා රටේ ජනපතිටවත්, ආණ්ඩුවටවත් වැඩ කළ නොහැකියි. ඒ නිසයි අපි තුනෙන් දෙකක බහුතර බලයක් ඉල්ලන්නේ. 19 ට අත ඔසවලා කැමති වුණ අයත් කියනවා මේක ශාපයක් කියලා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැක්ම ඉදිරියට ගෙන යා හැක්කේ මහින්ද රාජපක්ෂ වැඩි අත්දැකීම් බහුල නායකයෙකුට පමණයි. ගෙදර කට්ටිය සතුටින් ද බලන්න රෑට රෑට ගෙවල් වලට රිංගන්න බලන්ඉන්න කෙනෙකුට නෙමෙයි.”

මිනුවන්ගොඩ ප්‍රා. භාවේ සභාපති කුමාර අරංගල්ල, උප සභාපති සුජීව සම්පත් යන මහත්වරුන් ද මෙහිදී කථා කළහ.

– ප්‍රදීප් අනුර කුමාර

40,316 Viewers

31 Comments to “සිරිසේන ගත්තේ පඹයගේ වැඩේ කරවාගන්නයි.. උකුස්සන්ට, කටුස්සන්ට මනාප දෙන්න එපා..”

  1. අනිවා… කවුරු මොනව කිව්වත් සිරා කියන්නෙ බඹ ගානක් ඈතින් තියාගෙන, ගන්න වැඩක් ගන්න ඕනෙ සතෙක්.. සෑම මොහොතකම දැඩි අධීක්ෂණය යටතේ තබාගත යුතු සතෙක්.. අවශ්‍ය කාර්‍යය කර ගත් පසු කෙල පිඩක් සේ ඉවත හල යුතු කුනු ගොඩක්..

    • Sumeeda says:

      උකුස්සන්ට පබයන්ට කෙසේ වෙතත් ජන්නාධිපතිට තක්කධි රැල කරන කෙනෙහෙලිකම් වලට මහින්දගේ හොර කල්ලියට මෙදා මනාප නෑ.

      • N.gota says:

        Well said . Get lost mahindawadin. We need viyathmaga people. Not idiots like ranatunga brothers.

        • Kamal says:

          ගොබ්බ හිටන් මෙන්ම මෙම මොලය බඩේ ඇති ඌරාද පරදවමු.

        • Sarath says:

          මේ අප්‍රසන්න කියන හොර ගෙඩිය රවියට රාජිතයට රිශාඩ් ට එරෙහිහිව එක වචනයක් කතා නොකරන එකනේ පුදුමේ . හොරකම කියන එක මුන්ගේ ජානවලින්ම එන එකක්. මුගේ තාත්ත රෙජී 70 ආන්ඩුවේ සතොස සභාපති. 77 ආන්ඩු පෙරලියෙන් පසු හොයාගත්ත සතොසෙන් භාගයක් බඩු මුන්ගේ ගෙදර.

          • baiya says:

            1977 unpkarayo srilankakarayinge gewalwalata gahana kota munge getath gahala. rate minissunta kanda nathuwa polimwala lagguwata munge gedara ahara gabadawaklu thibune. sathose badu baagayak munge gedara thibila thiyenne. gampaha disthrikke parana minissu aeka adatath kiyanawa.

          • ඇත්ත කතාව . ඒ කාලෙ සතොසෙන් මයිසූර් පරිප්පු මිනිස්සුන්ට සලාකෙට දෙනකොට මුංගෙ ගෙදර ගෝනි පිටින් තිබිල අහුනේ..

            මෙයත් හිතන් ඉන්නෙ මං පොර කියල තමයි.

            පොහොට්ටුවෙ ලකුනත් කදයි බඩයි කියල හිතන් ඉන්නෙ.

      • Janaranjana says:

        ජනාධිපතිට මහින්දගේ තක්කඩි හොරනඩය පාලනය කිරීමට බැරි ත්තත්වයක් උදාවෙලා තියෙන්නෙ .දැන් මේ තක්කඩි මයිත්‍රීට විතරක් නොවේ මුන්ට හිතවත් පිටරට සිට ක්‍රියාත්මක වෙබ් කඩමලු උපයෝගී කරගෙන ජනාධිපති තුමාටත් ගහනව. මුලින් ගද රුවන්ගේ වෙබ් එක පාලනය කලේ මංගල. මංගල ඒකෙන් මයිත්‍රීට වැටෙන්ඩම ගැහුව .ඊටපස්සේ මයිත්‍රී ඒක තහනම් කලා පසුව මේ රජය ආවිට මහින්ද තහනම ඉවත් කලා. දැන් ඒක සම්පූර්නයෙන් මෙහෙය වන්නේ මහින්ද නාමල් සහ රවි තිදෙනා. දැන් ගද රුවන්ගේ වෙබ් එකෙන් ජනාධිපති තුමාට ගහනවා. ඕක තමා දැන් ජනාධිපතිට වෙලා තියෙන්නේ.

        • වෙරිසොරි says:

          උඹලා ඔලුවෙන් හිටගෙන තැටමුවත් මහින්ද ගෝටා බෙදන්න උඹලට බෑ.ඒවගේම මේ බඩාත් දැනගන්න ඕනෙ හැමදාම එකම කියකියා කටේ අතුල්ලන්න ගත්තම මිනිස්සුන්ට ඒ කියන කෙනාත් එපා වෙන බව.

        • වෙසමුණි says:

          බොල ජනරංජනයො, තමන් වැඩකල රාවයෙ සල්ලි වගේකට කෙලලා ඇරපු උඹද හොර රවියා මහින්දට පූට්ටු කරලා ගජ බින්න ඇදබාන්න එන්නෙ ? තොපිට ඕනෙ හැටියට රට නටවපු කාලෙ ඉවරයි. ලැබෙන දෙයක් කාලා පැත්තකට වෙලා හිටු.

      • Rasika says:

        Well said….Me urawath pannanna ona…….

  2. Bnv says:

    Well said. Who attached to sirisena must chase from politics.

  3. හික් හිහි හි හි says:

    ප්‍රසන්න උඹ කව්ද ?
    බඩ තඩි ඌ රෙක් ද ?

  4. Jackson says:

    You f idiot, we have seen how your Rajapaksa idiots were running the country for last three months.. Those two have no brains to provide any answers to problems in this country.

    • Gota says:

      We don’t want Mahinda s idiots. We need patriotic people and viyathmaga people. We need Gota s people. Get lost Mahindawadin..

    • Cosmic ray says:

      You mean that Ranil and sirisena had lot of brains to run away from the country after they were informed 97 times of a possible attack, and the Turkish embassy provided the list of manes and passport numbers of the terrorists.

  5. nuwaraone says:

    රනිලා.හොඳ යි යකෝ….ශ්‍රිලනිප අජූත සෙට් එක පොහොට්ටුව ඉදිරියේ පජාති වෙන විදිහ දැක්කාම…ඇත්තටම පිරිමි වගේ මූනවල් තිබුනට දැන්නම් සැකයි…මැතිවරණය කොමසාරිස් තුමනි මේ ඔබේ අවදානය පිනිසයි…නාම යොජනා අයදුම්පත්‍ර වල මේ අයගේ ස්ත්‍රී පුරුශ දෙකටම නැද්ද යන වග දොස්තර කෙනෙක් ලවා පරික්ශා කරන්න …..සිරා..දයා…අමරේ….නිමල්…ඇතුළු ශ්‍රිලනිප අයගේ..

  6. Aruna says:

    Gampaha janathawani ! mole kalandak nethi me wrusabhayata obe watina chandaya bhavitha nokaranna.

  7. සිංහල බන්ඩා says:

    ගෝඨාභය ජනාධිපති කලේ ජාතිකත්වය අගයන සිංහලයා ය. ඉදිරියට අවශ්‍ය වන්නේ මහින්ද ගේ එහෙය්යන් නොව මහින්ද ජාතිකත්ව මතයේ රඳවා ගත හැකි මංත්‍රී පිරිසකි.

  8. Jayantha says:

    What is this man’s qualifications to be in the parliament. This f…..g idiot do not have even O/L s. This man has a big mouth and a massive tummy. His father, brothers and him self robbed the country millions of rupees in the past. The people in Gampaha should think twice before they vote for this thug.

  9. kari LCN says:

    lokko 2/3 nam denne na. oya yana vidiyata karagena yannala. oyalata sellam karanna denna ba.

  10. Keerthi raja says:

    මේ යන විදියට එකෙක් වත් විශ්වාස නෑ …මොනවා හරි බොරුවක් කියලා සජිත් ට එකතු වේවි …සෝභිත ගේ ගුලිය ගිල ලා 19 ට අත උස්සපු හරක් නේ 99%ක් ඉන්නේ ..මුන්ට ඡන්දය දිනා ගන්න විතරයි මහින්ද ඕන වෙන්නේ …මේ වගේ දේශපාලන සක්කිලි ටිකක් ලෝකේ කොහේවත් නෑ …

  11. මාරයා says:

    වියත් මගේ වියතුන්ට අබ සරණයි

  12. madyasthaya says:

    තඩි ඌරන්ටත් අපේ ඡන්දය නෑ!

  13. හිටන්ගෙදර අප්පුහාමි says:

    ඇයි මේ අපේක්ෂකයන්ගෙන් දින රහිත ඉල්ලා අස් වීමේ ලිපියක් ගන්නේ නැත්තේ.

  14. Ravi De Silva says:

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොහොට්ටුවට එකතු කර ගැනීම පිළිබද ජනතාව තුළ ඇත්තේ යහපත් හැගීමක් නොවේ

  15. Nandasoma says:

    මේ යන විදියට එකෙක් වත් විශ්වාස නෑ …මොනවා හරි බොරුවක් කියලා සජිත් ට එකතු වේවි …සෝභිත ගේ ගුලිය ගිල ලා 19 ට අත උස්සපු හරක් නේ 99%ක් ඉන්නේ ..මුන්ට ඡන්දය දිනා ගන්න විතරයි මහින්ද ඕන වෙන්නේ …මේ වගේ දේශපාලන සක්කිලි ටිකක් ලෝකේ කොහේවත් නෑ …

    පඹයන්ට එහෙට මෙහෙට පනින්න බැහැ…..!

    මුන් පනින ජාතියේ ගෙම්බො……!!

  16. Eiffel says:

    ඌට විතරක් නෙමේ හොර මැර තක්කඩිකම් කරන, නූගත්, රටට ආදරයක් නැති, කුඩු විකුණන මහින්දගෙ අපතයො සෙට් එකටත් මෙදා පාර මනාප නෑ..

    පොහොට්ටුවට කතිරය ගසන්න, රටට හිතවත්, උගත්, පරිසරයට ආදරය කරන, වැදගතුන්ට පමණක් මනාප ගසන්න.

    එකිනෙකාට මඩ ගහගන්න, විවේචන මිසක් වැඩක් නොකරන, අලුත් විදිහට දෙයක් කරන්න බැරි පුසන්නලාට (මිරිස්කුඩ්ඩත් ඇතුලුව) මනාප නොගසන්න.

  17. sunil says:

    පොහොට්ටුවට දෙන්නයි හිටියේ .එත් ඒක කරන්නත් බැ මුන් වගේ එවුන් හන්ද .SLFP එකට තියෙන්නේ සිරිසේන ව අයින් කරලා අලුත් සෙට් එකක් දාගෙන ඉස්සරහට යන එකයි .මුන් පස්සේ හිගකන්න යන් නැතුව

Main News