සිරිසේන-චන්ද‍්‍රිකා එපා.. පොහොට්ටුවට තනිවම 2/3 ගන්න පුළුවන්..

February 12, 2020 at 1:20 pm | lanka C news
සිරිසේන-චන්ද‍්‍රිකා එපා.. පොහොට්ටුවට තනිවම 2/3 ගන්න පුළුවන්..

මීළඟ මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 2/3ක බලයක් ලබා ගැනීමට මෛත්‍රීපාල සිරිසේන හෝ චන්ද්‍රිකා කුමාරතුංග යන අයගේ සහාය අවශ්‍ය නැති බව ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

අන්තවාදී නොවන රටට ආදරය කරන ඕනෑම අයෙකුට පොහොට්ටුව සමඟ එක් විය හැකි බවද ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ අත්තනගල්ල ප්‍රාදේශීය සභා ශ‍්‍රවණාගාරයේදී පැවති උත්සවයක් අමතමිනි.

අලුත් අවුරුද්දෙන් පසු මීලග පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා බහුතර බලයක් ඇති ආණ්ඩුවක් පිහිටුවන බවද ඔහු එහිදී පැවසීය.

20,628 Viewers

13 Comments to “සිරිසේන-චන්ද‍්‍රිකා එපා.. පොහොට්ටුවට තනිවම 2/3 ගන්න පුළුවන්..”

  1. Lamaya says:

    මිනිස්සු ඔය හොරුන්ට කැමැති නැ ඔබේ තීරණය හරි ඔඋන් නැති තරමට ජන්ද වැඩි වනවා.

    • shaliya says:

      ඒකනම් ඇත්තම තමා. මහින්ද වගේ හොරා නොකාපු නිරිමල චරිතයක් අපිට වාසනාවක් අප්පා

  2. සිංහල බන්ඩා says:

    පොහොට්ටු පිස්සුවක් ජනතාවට නැහැ. අද සිංහල අති බහුතරය ඡන්දය දෙන්නේ ගෝඨාගේ හැකියාවට අවංකත්වයට සහ ප්‍රතිපත්තියටය්. පොහොට්ටුවට තනිව 2/3 නෙවෙය් 2/3 ට ආසන්නව වත් ගන්න බැහැ.

  3. අක්බාර් ලොක්කා says:

    මහින්ද ගම්පහෙන් ඉල්ලුවොත් මේකා මහින්ද න්දටත් ඔහොමම කියාවි

  4. GAJABA WALIMUNIDEWA says:

    The best thing what Mr. Sajith could do now is to extend hands to the President Gota but unconditionally. He should start a new journey that way.

  5. nuwaraone says:

    රනතුන්ග පවුල ඉතාම කපටි අය වෙති …මේකා පොහොට්ටුවේ අනිකා unp එකේ…තවකෙක් සිරිසේනගේ අනිකා ෆොන්සේකාගේ…එතකොට මූ කියන විදිහට කවුරුත් එපා මූ වියත්මගට කැමතිත් නැහැ …ඔව් මුන්ට පුලුවන්නේ ගිහින් තනියම බලය අල්ලාගෙන හොරා කන්න….මේ පාර ගම්පහ මිනිස්සු මුන්ට පාඩමක් උගන්නන්න ඕනි…වියත්මගේ අයට විතරක් මනාප දෙන්න ඕනි….මුන්ව ගෙදර යවන්න ඕනි ..

    • හෙලයා says:

      සිංහලයන් ජාතිකවාදී අයට පමනක් ඡන්දය දී රට රැක ගත යුතුය්.

    • shaliya says:

      ඔබ හරි, මේකා අගමැති වෙන්න දගලන්නේ තේරුනාද. ඉස්සරහට බලන්නකො

  6. පොඩි බයිය says:

    ඔව් ඔව් තොපි කට්ටියම එකතු වෙලා මහ බැංකුවට දීපු ගේම්, එයාර්බස් වලින් ගහපු ගැහිලි, මිග්යානා ගනුදෙනුවෙන් ගහපු ගැහිලි දිහා බලල 2/3 නෙවෙයි 3/3ම දෙන්න තමයි හිතන් ඉන්නෙ.

  7. sunimal says:

    සිරිසේන සහා චන්ද්‍රිකා දැන් රටේ අවලංගු කාසි වෙලා

    • shaliya says:

      ඹව්, මහින්දගේ සුක්ෂම දෙශපාලන ගෙම් වලින් ගොඩක් සිංහල දේශපාලන චරිත ඹය තැනට දානවා, මොකද මේ අනාගතයට තම පරම්පමාව වෙනුවෙන් පාර හදා ගැනිමක්,ඉදිරියට තව චරිත ඔය ගොඩට දානවා, අවසාන වාසිය සුළු ජාතින් ගන්නවා, මේ ගෙම් අපිට තෙරෙන් නැ නේද,

Main News