සිරිසේන හොද කෙනෙක්.. උකුසු කතාව කීවේ එජාපයටයි.. අප කලබල විය යුතු නෑ..- සිරිසේනත් පිලිගනිද්දී වාසු කුණු හෝදයි..

March 7, 2020 at 11:20 am | lanka C news
සිරිසේන හොද කෙනෙක්.. උකුසු කතාව කීවේ එජාපයටයි.. අප කලබල විය යුතු නෑ..- සිරිසේනත් පිලිගනිද්දී වාසු කුණු හෝදයි..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උකුසු කථාවක් කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂය ඉලක්ක කරගෙන බව හිටපු රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

එනිසා ශ්‍රී ලංකා පෙරමුණේ මන්ත්‍රීවරුන් ඊට විරුද්ධව අදහස් පළ කිරීම තේරුමක් නැති ක්‍රියාවක් බවද ඔහු පැවසීය.

එක්සත් ජාතික පක්ෂය හැමදාම කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටස් ඩැහැගැනීම බවද පැවසූ නානායක්කාර මහතා සිරිසේන මහතා ඒ ගැන අත්දැකීමෙන්ම දන්නා නිසා උකුසු කතාව පැවසූ බවද ඔහු සඳහන් කළේය.

එම කතාව ගැන වැරදි අවබෝධයක් ඇති කර ගෙන සිටින පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් ඒ ගැන අනවශ්‍ය ලෙස විවේචන ඉදිරිපත් කරන බවත් දැන් කළ යුතුව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සුහදව කටයුතු කරමින් මැතිවරණය ජයගැනීම බවද පැවසීය.

කෙසේ වෙතත් තමන්ගේ උකුසු ප‍්‍රකාශය ගැන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේ ම සඳහන් කර තිබුණේ තමන් එම කතාවක් සිදුකරන ලද්දේ පොළොන්නරුවේ දේශපාලනය ඉලක්කකර බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ ද ඔහු සඳහන් කර තිබුණේ තමන් එම ප්‍රකාශය කරන ලද්දේ පොළොන්නරුවේ හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඉලක්ක කරගෙන තමන් එම ප‍්‍රකාශය කල බවය.

18,219 Viewers

12 Comments to “සිරිසේන හොද කෙනෙක්.. උකුසු කතාව කීවේ එජාපයටයි.. අප කලබල විය යුතු නෑ..- සිරිසේනත් පිලිගනිද්දී වාසු කුණු හෝදයි..”

  1. Spice says:

    Thought you’re intelligent Vasu, but sadly not. Sira is on a mission to destroy both SLPP and SLFP which the masses understands but not you. It’s most foolish to give Sira nomination. His choice is Sajith, but he’s deprived of supporting since others in the SLFP are against. BEWARE OF HIM!!!

    • Sumeeda says:

      පොහොට්ටුවේ මහින්ද කල්ලියේ මේවගේ කෙලින් කතා කරන කෙනෙක් සිටීම සතුටුයි. වාසු පමනයි කීවේ රනිල් අත් අඩංගුවට ගන්ඩ ඕනෑ. එහෙම නූනොත් එය ඩීල් එකක් කියල. අනික් උන් රනිල්ට රවිට ….ක දිදී සිරාට ගහනවා.

    • kawinda says:

      This will be the last chance to both Vasu and Hitan. Both will be defeated.

  2. T says:

    Apoi Hodai, Bohoma Hodai. Kauda Sirisena Narakai Kiwe? Appa Kala gemba wage HUNP giya Kapati, Kuhaka polanaruwe PABAYA balaye Hitiyanam Ubage Duwage Mamandi de ELLAM Rajjaya lehesi yenma ganna tibunna neda VASU PINOO.

    • Memopad says:

      I have two ordinary dogs. They are so much affectionate to me. But when you praise My3, Vasu goes to the pigsty than doggies like blade runner Mervin. Find a dog cell who say good about My3

  3. Niru says:

    Vasudewa is a demonetized coin. He should stay at home. He is a blundering idiot

  4. නයා says:

    මහින්ද සුළඟේ දරදිය ඇදලා අන්තිම මොහොතේ මඩ නාගන්න එපා වාසු මහත්තයෝ
    මිනිස්සු බූරුවෝ නෙවෙයි

  5. 77 UNP says:

    ඔවු ඔවු ආප්ප සිරා හරි හොඳයි. එකනේ 19 සංශෝධනේ ගෙනත් රට අස්ථාවර කලේ. 2014 වෙනකම් හොඳට ගිය රට බල්ලට දැම්මේ, හම්බන්තොට වරාය විකුණන ගිවිසුමට අර්ජුන අත්සන් නොකරණ වෙලාවේ SLFP එකෙන් පර බල්ලෙක් ඇමති කරලා ගිවිසුම අත්සන් කෙරෙවුවේ, පාස්කු බෝම්බ පුපුරනකම් බලන් හිටියේ. හම්බ අන්තවාදී අසාද් සාලි, හිස්බුල්ලා වගේ උන්ට ඕන දෙයක් කරගන්න බලතල සඳහා ආණ්ඩුකාරකම් දුන්නේ. තමන්ගේ පවුලට රටම සුරන් කන්න ඉඩ හදල දුන්නේ හොඳ මිනිහෙක් නිසයි. ඒ වගේ පරයන්ට සුදුහුණු ගාන්න හදන උනුත් මීළඟ මැතිවරණෙන් ගෙදර යැවිය යුතුයි.

  6. අක්බාර් ලොක්කා says:

    ක්‍රැස්තෝ වගේ රැවුලක් වවාගත්තට ක්‍රැස්තෝ වගේ වෙන්න බැරිවූ වේලුන වට්ටක්කයා ඡන්ද පදනමක් නැති නිකම්ම නිකමෙක්

  7. sinha le says:

    සිංහළයන් බෙදීම සුලු ජාතින්ට ජය මගුල් බව දැන සිටීම වටිනවා

  8. Buddhist says:

    Kunu Kata Vasu kunu hodanna withrai honda.

  9. ලොලිපොප් මොංගල් says:

    පල නාකියෝ යන්න. ලංකාවේ මිනිස්සුන්ට සිංහල හොදට තේරෙනවා. උඹ ගෝටාට වල කපන්නද හදන්නේ. හමුදා පාලකයෙක් කියල ඉස්සර ඉදලම උඹ ගෝටට විරුද්ද වුණා අපිට මතකයි. ඒවගේමයි 2015 අගෝස්තු හිටං කරපු දේත් අපිට මතකයි. කට්ටියම මූවත් පරද්දන ලිස්ට් එකට දාගන්න.

Main News