සිරිසේන Chapter Close.. SLFP නායකත්වයෙන් පන්නා බලය අල්ලන්න සූදානම්.. මධ්‍යම කාරක සභාව කල් දමයි..

March 10, 2020 at 10:37 pm | lanka C news
සිරිසේන Chapter Close.. SLFP නායකත්වයෙන් පන්නා බලය අල්ලන්න සූදානම්.. මධ්‍යම කාරක සභාව කල් දමයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්ව බලය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ගැලවීයාමට ඉතා ආසන්න බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු විසින් මෑතකදී කරන ලද උකුසු ප්‍රකාශය හේතුවෙන් රට පුරා තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන් පත්ව ඇති අපහසුතාවය හේතුවෙන් ඔහුට දැඩි විරෝධතාවයක් එල්ල වී ඇත.

මේ හේතුව මත පක්‍ෂ නායකත්වයෙන් සිරිසේන මහතා ඉවත් කළ යුතු යැයි එම පක්ෂය තුළ දැඩිව සාකච්ඡාවක් ඇතිව තිබේ.

ඇතිව තිබෙන තත්ත්වය මත එම පක්ෂයේ කැඳවීමට යෝජනා කර තිබූ ධ්‍යම කාරක සභාව කල් දැමීමේ සූදානමක් ඇති බවද එකී පාර්ශවය කියා සිටී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක වීමට බලාපොරොත්තුව සිටින දුර සීතල පලාතක පුද්ගලයකු මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හොඳම ප්‍රධානියකු දැනුවත් කරමින් දැනුම් දී ඇත්තේ ඉතා ඉක්මනින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා එළවා දමන බවයි.

56,084 Viewers

8 Comments to “සිරිසේන Chapter Close.. SLFP නායකත්වයෙන් පන්නා බලය අල්ලන්න සූදානම්.. මධ්‍යම කාරක සභාව කල් දමයි..”

  1. uNpClose says:

    SLFP විතරක් නෙමෙයි චන්දෙන් පස්සෙ අලියට ඉන්න වෙන්නෙත් මෙහෙමයි https://imgur.com/aK2PgYM

    • නාමල් says:

      හොඳම දේ පොහොට්ටුවේ ප්‍රබලයෙක් ශ්‍රීලනිපයේ සභාපති වෙලා . ශ්‍රීලනිපයේ නැත්තටම නැති කරලා දාන එක. නාමල් ශ්‍රීලනිපයේ නායකයා කරමු.

  2. Bnv says:

    Yes, good decision. This foolish m3 chase away from politics as well as his new banglow in colombo. By now he must be in prison for Easter bomb. He is the first acuse. What a shameless fellow

  3. ranga says:

    Very wise move.Now or Never.This scum Gamarala/Ukussa is worse parasite than Corona Virus !
    Should banish from this Country.

  4. Nimal R says:

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට යාමට නම් චන්ද්‍රිකා වගේම සිරිසේනද එළවා දැමිය යුතුමය . ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලියාගේ නැට්ටේ එල්ලා එම පක්ෂය අගාධයට ඇද දැමුවේ මොවුන් දෙදෙනාය . ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට මොළයක් තිබේනම් මොවුන් එළවිය යුතුමය

  5. 🌳🌴🌵🌿🌱🌲 says:

    කවුද මේ සීතල පලාත් නායකයා?

  6. PULATHISI says:

    ආසන්න වශයෙන් සිරිසේනගේ උකුසු කතාවම පමණක් නොව තවත් දේශ ද්‍රෝහී ජාති ද්‍රෝහී ඉතා බරපතල අපරාධ සිදුකර ඇත. ඒවා ඉදිරි මැතිවරණ සමයේදී දැනට වඩා ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. සිරිසේන පමණක් නොව දයාසිරි, දුමින්ද, අහවල් වීර කුමාර ආදී සියලු දෙනාම මේ සඳහා සූදානම් විය යුතුය.
    නොඑසේ නම් මහ මැතිවරණයට පෙර සිරිසේන සහ ජයසේකරලා ආදී අතලොස්ස නිහඬ වී දේශපාලනයෙන් සමුගත යුතුය. තීරණය ඔබ සතුයි.

  7. malraj says:

    absolutely true… hitan hutan,,,,,

Main News