සිල් රෙදි දඩය ගෙවන්න භික්‍ෂූන් පිණ්ඩපාතේ යාම කැත වැඩක්.. ශාසන ශෝධනයක් ඔ්නෑ..- ඥාණසාර හිමි හදිසියේ මතුවෙයි..

September 20, 2017 at 10:00 am | lanka C news
සිල් රෙදි දඩය ගෙවන්න භික්‍ෂූන් පිණ්ඩපාතේ යාම කැත වැඩක්.. ශාසන ශෝධනයක් ඔ්නෑ..- ඥාණසාර හිමි හදිසියේ මතුවෙයි..

සිල් රෙදි බෙදා දීමේ වරදට සිර දඬුවම් පනවා සිටින අනුෂ පැල්පිට හා ලලිත් වීරතුංගට නියම කර ඇති දඩ මුදල ගෙවා දැමීම සදහා භික්‍ෂූන් වහන්සේලා පිණ්ඩපාතයේ වැඩම කිරීම නොකල යුත්තක් බවත් එය කැත වැඩක් බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසති.

එම දඩ මුදල එම පක්‍ෂයේ යාන්ත‍්‍රණයෙන් ගෙවිය හැකි බවත් ඒ සදහා භික්‍ෂූන් කඩේ යැවීම අවශ්‍ය නැති බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ කියා සිටියහ.

සියළුම ක්‍ෂෙත‍්‍ර කෙරෙහි සංගායනාවක් උවමනා බවත් කී උන් වහන්සේ ශාසන ශෝධනයක් වහා සිදු කල යුතුව ඇතැයිද පැවසූහ.

රිමාන්ඩ් බන්ධගාරගත කර සිට ඇප හිමිවීමෙන් පසු ඥාණසාර හිමි පසුගිය මාස කිහිපයක කාලය තුල මාධ්‍ය හමුවේ පෙනී සිටියේ නැත.

152 views

22 Comments to “සිල් රෙදි දඩය ගෙවන්න භික්‍ෂූන් පිණ්ඩපාතේ යාම කැත වැඩක්.. ශාසන ශෝධනයක් ඔ්නෑ..- ඥාණසාර හිමි හදිසියේ මතුවෙයි..”

  1. Bekamas says:

    කොහොමද හීන් නූලෙන් කඩේ ගිය හැටි….. ආන්ඩුවට..

  2. Gayantha says:

    Mai katawa aitta. Mai bandula ganmanpila wage mahinda paraddanna mulika wuna halparuwonge keemata salli walata pidusinga waidapu eken wenne mahinda mahaththayatama chanda adu wena eka.

  3. වසලයා says:

    හාමුදුරුවෝ ආණ්ඩුවට කඩේ යන ගමං වගෙයි. තාම දිවේ ඇට හැදිලා නැහැ නෙ? me දවස්වල සොසේජස් කනවද?වලදන්න අපහසු නිසා වැරදි කටකින් නිකන් ඔබා ගන්නවාද?

Main News