සිල් රෙදි බෙදුවේ ජනතාවට.. ලලිත් වීරතුංග හොරකම් කලේ නෑ.. ඒත් බැදුම්කරයෙන් ට්‍රීලියනක් ජනතා මුදල් හොරා කෑවා..- ලක්‍ෂමන් යාපා

September 16, 2017 at 8:40 am | lanka C news
සිල් රෙදි බෙදුවේ ජනතාවට.. ලලිත් වීරතුංග හොරකම් කලේ නෑ.. ඒත් බැදුම්කරයෙන් ට්‍රීලියනක් ජනතා මුදල් හොරා කෑවා..- ලක්‍ෂමන් යාපා

ලලිත් වීරතුංග හිටපු ජනාධිපති ලේකම් හොරෙක් නොවේ යයි ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභික රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා ශ්‍රිලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදි මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පැවසු බැව් අද ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ පලවේ.

‘සිල් රෙදි බෙදා කවුරුත් සල්ලි ගත්තේ නැහ. බුද්ධශාසන අමාත්‍යාංශයත් සිල් රෙදි බෙදනවා, ලලිත් වීරතුංග සිල් රෙදි බෙදුවේ සාමාන්‍ය ජනතාවට, ඔහු ඒවා හොරකම් කලේ නැහ. වරදක් හැටියට තියෙන්නේ ඒවා මැතිවරණයක් ආසන්නයේ බෙදීමයි, නමුත් බැදුම්කර වංචාව සිල් රෙදි වගේ නොවෙයි. බැදුම්කර වංචාව නිසා සාමාන්‍ය ජනතාවගේ මුදල් ට්‍රීලියනක් වංචා කලා’ යැයි ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

21 views

One Comment to “සිල් රෙදි බෙදුවේ ජනතාවට.. ලලිත් වීරතුංග හොරකම් කලේ නෑ.. ඒත් බැදුම්කරයෙන් ට්‍රීලියනක් ජනතා මුදල් හොරා කෑවා..- ලක්‍ෂමන් යාපා”

  1. Disce aut descede says:

    බැඳුම කර වංචාව නිසා රුපියල වැටීම​, විදෙස්සම්පත් ක්‍ෂයවීම , ණය ප්‍රතිශතය ඉහලයාම ආදී ලෙස දිගින් දිගටම උද්ගතවූ චේන් රිඇක්‍ෂන් එකෙන් රටට වූ පාඩුව මේ වනවිට ට්‍රිලියන් 2.3 ක් ඉක්මවමින් ඇත​.

Main News