‘සිලෝන් ටී’ ලෝක වෙලදපලේ ඉල්ලුම අඩුවෙයි…

December 12, 2021 at 4:40 pm | lanka C news
‘සිලෝන් ටී’ ලෝක වෙලදපලේ ඉල්ලුම අඩුවෙයි…

මෙරට තේ අස්වැන්නේ ගුණාත්මක භාවය අඩු වීම හේතුවෙන් ලෝක වෙළඳපොලේ ශ්‍රී ලංකා තේ සඳහා ඇති ඉල්ලුමට දැඩි තර්ජනයක් එල්ල වෙමින් ඇතැයි තේ මණ්ඩලයේ හිටපු සභාපති ලුසිල් විජේවර්ධන මහතා සඳහන් කරයි.

තේ වගාව සදහා රසායනික පොහොර නොමැතිවීම හේතුවෙන් මෙරට තේවල ගුණාත්මකභාවය අඩු වී ඇති බව ද ඔහු පැවසීය.

එමෙන්ම තේ නිෂ්පාදනයේ දී කසල තේ ප්‍රමාණය ඉහළ යාමේ තත්ත්වයක් පවතින බවද ඔහු කියා සිටී.

තේ කර්මාන්තයට අවශ්‍ය රසායනික පොහොර ආනයන තහනම ඉවත් කළ ද ප්‍රමාණවත් පොහොර තොග මේ වන විට වෙළෙඳ පොළේ නොමැති බවද ඔහු පෙන්වා දෙයි.

27,577 views

3 Comments to “‘සිලෝන් ටී’ ලෝක වෙලදපලේ ඉල්ලුම අඩුවෙයි…”

  1. ලංකාවේ කසල තේ දුශ්ඨ වංචනික පාලකයන් සඳහා පමනී,.! says:

    ”වසවිස යොදා නිශ්පාදනය කරනා ලංකාවේ අධික විස අන්තර්ගත තේ භාවිතා නොකරන ලෙසත්, කම්කරැවන්න්ට අමානුශික ලෙස සලකනා කිසිදු භෝගයක් මිලදී නෙගන්නා ලෙස ශ්‍රී ලාංකිකයන් ලෙස ඵකහෙලා ලෝකයාට පවසා සිටිනු ලබයි, ලංකාවේ කසල තේ දුශ්ඨ වංචනික පාලකයන් සඳහා පමනී,.!

  2. Power says:

    කොහොමද අඩේ එහෙම උනේ. රසායනික පොහොර දාලා හදපු නේද ඇඟට හොද නෑ කිව්වෙ. ඒ ගමන කාබනික පොහොර දාලා හදන තේත් හොද නැද්ද? 😂

  3. සහොදරය says:

    නානල කලවම් කරල රට යවපුව තමා

Main News