සිලෝන් ටී සෞඛ්‍යාරක්‍ෂිත බව තහවුරුයි.. කොරෝනා ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ලෝකයේ පලවෙනි ප්‍රමිති සහතිකය දිනයි..

August 17, 2020 at 5:30 pm | lanka C news
සිලෝන් ටී සෞඛ්‍යාරක්‍ෂිත බව තහවුරුයි.. කොරෝනා ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ලෝකයේ පලවෙනි ප්‍රමිති සහතිකය දිනයි..

කොරොනා ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් තේ කුඩු නිෂ්පාදනය කල ලෝකයේ පලමු තේ කර්මාන්ත ශාලාවට හිමි ප්‍රමිති කාර්යයංශයේ සහතිකය (SLS) ප්‍රමිති සහතිකය කොටගල වැවිලි සමාගමට අයත් හැටන් කොටගල මවුන්ට්වර්නන් තේ කර්මාන්ත ශාලාවට පිරි නමා ඇත.

කොළඹ පිහිටි ශ්‍රි ලංකා ප්‍රමිති කාර්යංශ ශ්‍රවණාගාරයේදි එම තේ කර්මාන්ත ශාලාවට පිරි නමන ලද කොවිඩ් 19 ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කල අදාල ප්‍රමිති සහතිකය ශ්‍රි ලංකා ප්‍රමිති කාර්යංශයේ අධ්‍යක්ෂක ජෙනරාල් ශෂිකා ඩි සේනාරත්න මහත්මිය විසින් එම වතු යායේ වතු අධිකාරි අර්ජුන මැදගම මහතා වෙත පිරි නමන ලදි.

ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් කොවිඩ් 19  වෛරසය සදහා නිර්දේශ කරන ලද සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කර යුතු ආකාරය පිලිබදව ශ්‍රි ලංකා ප්‍රමිති කාර්යංශය විසින් කල නිර්දේශ මත මවුන්ට්වර්නන් වතුයාය මගින් තේ දළු නෙලිමේ සිට තේ කුඩු නිෂ්පාදනය දක්වාම එම සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලදි.

ප්‍රමිති කාර්යංශය විසින් නිර්දේශ කරන ලද නිර්දේශ වතු පාලන අධිකාරි නිසි ලෙස අනුගමනය කරවාද යන්න පිලිබදව ශ්‍රි ලංකා ප්‍රමිති කාර්යංශය විසින් මාස දෙකකට ආසන්න කාලයක් අධික්ෂණය කිරිමෙන් අනතුරුවයි අදාල ප්‍රමිති සහතිකය එම තේ කර්මාන්ත ශාලාවට පිරි නමා ඇත්තේ.

කොවිඩ් 19 සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මවුන්ට්වර්නන් තේ කර්මාන්ත ශාලාවට පිරි නමන ලද ප්‍රමිති සහතිකය සම්බන්ධයෙන් එම වතු යායේ වතු අධිකාරි ආර්ජුන මැදගෙදර මහතා මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ පැවසිය.

අපිට ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය මගින් සහතිකයක් ලැබුණා.

කොරොනා ආරක්ෂක ක්‍රමවේද භාවිතා කල ලොකයේ පලවෙනි තේ කර්මාන්ත ශාලාව විදිහට මවුන්ට්වර්නන් තේ කර්මාන්ත ශාලාව තේරි පත් වුණා.

අපි අප යටතේ සේවය කරන සේවකයන්ගේ සෞඛ්‍යය තත්ත්වය 100% තහවුරු කරලා තියෙනවා කොරොන වෛසරයට සමගාමිව.

ගත හැකි සියළුම සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරලා තියෙනවා.

අපේ තේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන තේ 100% සෞඛ්‍යය ආරක්ෂිතව තමයි තේ වෙන්දේසියට නිකුත් කරනු ලබන්නේ.

අපේ ගැනුම්කරුවන්ට කියන්නේ අපි කොරොනා ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කල තත්ත්ව සහතියක් ලබාගෙන තියෙනවා.

අපි මේකෙන් ලෝකයට කියන්නේ සිලොන් ටි සෞඛ්‍යය ආරක්ෂිතයි කියන එක.

අපි අඩම්බර වෙනවා එවැනි සහතියක් ලබා ගත් ලෝකයේ පළමු ආයතනය විම පිලිබදව. යනුවෙන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

29,224 views

2 Comments to “සිලෝන් ටී සෞඛ්‍යාරක්‍ෂිත බව තහවුරුයි.. කොරෝනා ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ලෝකයේ පලවෙනි ප්‍රමිති සහතිකය දිනයි..”

  1. ""සුද්දා දුන් තේ කිරුළ රැකගනිමු!"" says:

    මොන බොරුද…?
    මම වෙසෙන්නේ සුද්දාගේ රටේය. මම වැඩකරන්නේ ‘ලෝකයේම තුන්වැනි’ තැනගත් වෙළඳ සමාගමක ලන්ඩන් නුවර තිබෙන ශාඛාවකය. මම වැඩ කරන තැන දිනකට පාරිභෝගිකයෝ නමදාහක් පමණ පැමිනෙනවා. රටවල් විස්සකට අධික විවිධ රටවල විදේශික සංචාරකයොත් පැමිනෙනවා. ඒ එන බොහෝ අය තේ පැකට්ටු මිළදී අරගෙන යනවා තෑගි ලෙස නෑදෑ හිතමිතුරන්ට දෙන්න. “සිලෝන්-ටී” කීවාම ආයි දෙසැරයක් හිතන්නේ නැහැ පැකට් කීපයක්ම ගන්නවමයි.  දිනකට “සිලෝන්-ටී” පැකට් හාරදාහකට වැඩිය විකුනුවා.  ‘සිලෝන් ටී’ නාම­යට මහත් කැළ­ලක් ඇතිකල මේ ක්‍රියාවන් නිසා අද පැකට් සීයක්වත් විකිනෙන්නේ නැහැ. මගේ ශාකාවේ පමනක් මසකට “සිලෝන්-ටී” පැකට් ලක්‍ෂයකට වඩා විකුණුවා.  “සිලෝන්-ටී” නිතරම  ගත්ත සුද්දන්ගෙන් මම ඇහුවහම ඇයි දැන් ගන්නේ නැත්තේ කියල.. මට කියනවා ලන්ඩන් දිනපතා පත්තරේ පලවී තිබුන සිලෝන් ටී නාමයෙන් “කසළ තේ “ කන්ටේනර් 252ක් ඉරාකයට අපනයනය කර ඇති බව වාර්තා වුනා. එක් කන්ටේනරයකින් “කසළ තේ “ කිලෝග්‍රෑම් 18,000ක් ඒ කියන්නේ 252×18,000 කිලෝග්‍රෑම්…. ඒක කියෙව්වට පස්සේ  “ඇයි අපි විස හා කුනු දාල හදල එවන තේ බොන්නේ ?” දැන් ඒ වෙනුවට ඉල්ලුම ඉන්ඳියානු – කෙන්‍යා තේ වලට!
    කවුද මේක කලේ?  තේ බොන සුද්ද නොවේ අපේම රටේ අය! ඒ ගැන ලැජ්ජා විය යුතුය. ලිහිල් දඬුවමක් කල් අරගෙන දුන්නම ඒක ඇඟට දැනෙන්නේ නැත. ඉතින් ආයිත් ඒකම කරනවා!

    කුමාර-එංගලන්තය

  2. nuz says:

    That explains alot of shit! I too have my doubts about the SLS certificate. You can get any certificate for money in SL

Main News