සිව්නිවුන් දරු උපතක්.. එස්.බී.ගෙන් ආධාර..

January 4, 2017 at 2:06 am | lanka C news
සිව්නිවුන් දරු උපතක්.. එස්.බී.ගෙන් ආධාර..

කොළඹ ගෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි ලක්ෂාන් ප්‍ර‍නාන්දු මහතාට හා මුදිතා මිහිරානි යුවලට බිහිවූ සිව්නිවුන් දරුවන්ට දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ ආරක්ෂණ අරමුදලෙන් වසරක් පුරා මසකට රුපියල් දසදහසක පෝෂණ දීමනාවක් ලබා දෙන්නට සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා කටයුතු කළේය.

පිරිමි දරුවෙක් හා ගැහැණු දරුවන් තිදෙනෙකුගෙන් යුත් මෙම සිව්නිවුන් දරුවන්ට එම පෝෂණ දීමනාව ලබා දීමේ අවස්ථාවට දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීල් හපුහින්න හා සමාජ ආරක්ෂණ අරමුදලේ අධ්‍යක්ෂ අනුර වීරරත්න යන මහත්වරුන් ද එක්වූහ.

– සංජය දසනායක

84 views
Main News