සිවාජිලිංගම් අත්අඩංගුවට ගනී..

September 15, 2020 at 11:20 am | lanka C news
සිවාජිලිංගම් අත්අඩංගුවට ගනී..

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායකයෙකු වූ ත්‍යාගදීපන් දිලීපන් නැමත්තාගේ 33 වන ගුණ සැමරුම වෙනුවෙන් සැමරුමක් සිදු කිරීමට උත්සහ ගත් උතුරු පලාත් සභාවේ හිටපු මන්ත්‍රී වරයෙකු වූ එම්.කේ.සිවාජිලිංගම් මහතා අද (15) උදෑසන කෝපායි පොලීසිය විසින් පොලිස් භාරයට ගෙන ඇත.

හිටපු මන්ත්‍රීවරයා යාපනය උරුම්පිරායි ප්‍රදේශයේදි දිලීපන් නැමත්තාගේ රුව ඇතුලත් බැනරයක් ඉදිරිපිටදී පහන් දැල්වීමට ගත් උත්සහයකදී එම ස්ථානයට ගිය කෝපායි පොලිස් නිලධාරීන් විසින් පොලිස් භාරයට ගෙන ඇත.

මේ පිළිබඳව කෝපායි පොලීසියෙන් සිදු කරන ලද විමසීමකදී කියා සිටියේ මන්ත්‍රී වරයා මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවටත් මහජන සාමය කඩවන අයුරින් ක්‍රියාකරන්නේ යැයි සැක පිට පොලිස් භාරයට ගෙන කෝපායි පොලිස් ස්ථානයට රැගෙනවිත් මහජන සාමය කඩවන අයුරින් ක්‍රියා නොකරන ලෙසට අවවාද කොට මුදා හැරීමට කටයුතු කරන බවටය.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායකයෙකු වූ ත්‍යාගදීපන් දිලීපන් නැමත්තා 1987 සැප්තම්බර් 15 වනදා ඉන්දීය සාමසාධක හමුදාවට එරෙහිව යාපනයේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කොට සැප්තම්බර් 26 වනදා මිය ගියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

67,531 views

11 Comments to “සිවාජිලිංගම් අත්අඩංගුවට ගනී..”

  1. Analyst says:

    Moody’s වාර්තාව අනුව විදේශ ණය නිසා ලෝකයේ රටවල් අතරින් වඩාත්ම අවදානමට ලක්ව ඇති රටවල් තුන අතරට ලංකාවද ඇද වැටී ඇත.
    Credit pressures are likely to increase for some governments with large dollar-denominated debt repayments, with Sri Lanka along with Turkey and Ukraine being at greatest risk.
    “Sri Lanka has $ 1.0 billion in international bonds to repay in October. The Government has secured $ 1.2 billion in external financing from China Development Bank along with a $ 400 million swap line from the Reserve Bank of India, both of which bolster foreign exchange reserves.
    මේ ඔක්තතෝබර් මාසයේ ග‌ෙවීමට ඇති ඩොලර් බිලියන 01ක ජාත්‍යන්තර බැදුම්කර නිසා ලංකාව බැගෑපත්ව චීනයේත් ඉන්දියාවේත් පිලිසරණ පතා ඇත.ඉන්දියාව හා චීනයේ අනුකම්පාව නොවන්න ලංකාවට රාජ්‍ය සේවකයන්ට පඩි ග‌ෙවා ගන්නටද,සේවා පවත්වාග‌ෙන යන්නටද නොහැකි වනු ඇත.එවන් පසුබිමක සිට 13 හා පලාත්සභා සම්බන්ධය‌ෙන් ඉන්දියාවට චන්ඩිපාර්ට් දමන්නන්වද චීනය‌ෙන් හමිබන්තොට වරාය ගන්නවා කියා වහසිබස් ද‌ෙඩූවන්ද යථාර්තය විසින් ර‌ෙදි උනා නිර්වස්ත්‍රකොට ඇත.

    • ඇන ලිස්ට් says:

      Any idiot can point the issue, but only true analyst can give a solution. Not fakes like you. Go fly a kite, that would be much more productive.

      • Saradiel says:

        දෙමළ ජාතිවාදී සිවාජිලිංගම් අත්අඩංගුවට ගෙන සිරගත කල යුතුයි ..මොහු LTTE ත්‍රස්තවාදියෙක් ..මොහුව නිදහස් නොකළ යුතුයි

    • සනත් ඉතාලිය says:

      රටට කෙලවෙනකල් බලන් ඉන්න ගොබ්බයෙක්

    • KKpu says:

      කුහක කම ලෝකෙටම පෙන්නන්න මෙතන කොටන NGO කුක්කෙක්ද තමුසෙ ?

    • john the baptice says:

      Analyst—සිවාජිලිංගම් උබේ මස්සිනා ද ?ඉන්දියාවටයි උතුරේ ත්ර්ස්තවාදින්ටයි කඩේ යන්නේ නැතුව හිටපන් කාලකන්නියා

    • sunimal says:

      උබ දෙමල කොටි ඩයස් පෝරාවට කඩේ යන නිවට NGO ඩොලර් කාක්කෙක් නේද ?

    • SALMAL says:

      Don’t write bullshit …..
      Who cares Modi ….why he is interesting about our economy? Sri Lanka is not Indian Colony ..

    • Ranjith says:

      යුද්දේ දින්නේ ඉන්දියාවට පාර්ට් දාල තමයි. උඹ ගිහින් ලෙවකාපන් පස්ස.

  2. සනත් ඉතාලිය says:

    රටට කෙලවෙනකල් බලන් ඉන්න ගොබ්බයෙක්

  3. පොල් බූරුවා says:

    මෙිකා හංගපු අායුධ නැද්ද සොයාගන්න එක්කන් යන්න.

Leave a Comment

Main News