සිවිල් ආරක්ෂක පෙර පාසල් ගුරුවරුන් නැවත සේවයට…

December 31, 2018 at 8:02 am | lanka C news
සිවිල් ආරක්ෂක පෙර පාසල් ගුරුවරුන් නැවත සේවයට…

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් දිවයින පුරා පවත්වාගෙන යනු ලබන පෙර පාසල් සංඛ්‍යාව 582ක් වන අතර එම පෙර පාසල් වල ගුරුවර ගුරුවරියන් 1154ක් සේවය කරන අතර ළමුන් 11805ක් පමණ අධ්‍යාපනය ලබයි. මෙයින් උතුරු පළාතේ පමණක් පෙර පාසල් 317ක් ඇති අතර එහි ගුරුවර ගුරුවරියන් 628ක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් වැටුප් ලබයි.

මුලතිව් හා කිළිනොච්චි දිස්ත‍්‍රික්ක ආවරණය වන පරිදි මෙම පෙර පාසල් වැඩි ප‍්‍රමාණයක් තිබෙන අතර එම දිස්ත‍්‍රික්කයන් දෙකේ පෙර පාසල් ගුරුවර ගුරුවරියන් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා හමුවීමට පැමිණ සිටියහ.

මොවුන්ගේ සේවය අවසන් කරන බවට ලද ආරංචියක් අනුව ආණ්ඩුකාරතුමන් හමුවූ මොවුන් තම ගැටළු ආණ්ඩුකාරතුමා වෙත ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව ආණ්ඩුකාරතුමන් ඔවුන්ගේ සියලූ විස්තර රැගෙන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වී සාකච්ඡ කර කඩිනමින් විසඳුමක් ලබාදෙන බවට පොරොන්දු වූ පසුව ඔවුන් සියලූ දෙනා විසිර ගියහ.

ඉන් පසුව ඉහත කාරණය පිළිබඳව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා සමඟ උතුරු පළාත් ආණ්ඩුකාරතුමා කරන ලද දුරකතන ඇමතුම අනුව සියලූම ගුරුවර ගුරුවරියන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟ සාකච්ඡුා කර ස්ථිර විසඳුමක් ලබා ගන්නා තුරු ජනවාරියේ සිට පෙර පාසල් ගුරුවරුන් පෙර පරිදිම සේවයට යොදා ගැනීමට එකග විය.

– උතුරු පළාත් ආණ්ඩුකාරවර මාධ්‍ය ඒකකය

4,298 Viewers
Main News