සිවිල් ආරක්ෂක බලකායේ 37,500 කට ස්ථීර පත්වීම්…

July 31, 2018 at 2:09 am | lanka C news
සිවිල් ආරක්ෂක බලකායේ 37,500 කට ස්ථීර පත්වීම්…

සිවිල් ආරක්ෂක බලකායට අයත් රට පුරා සේවයේ නිරත සෙබලුන්ගේන් ස්ථීර නොවී සිටි 37,500 කට අධික පිරිසකට ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ස්ථීර පත්වීම් ලබා දීමට පියවර ගෙන ඇති බවට සිවිල් ආරක්ක බලකා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් මේජර් ජෙනරාල් නිර්මාල් කොස්වත්ත මහතා කියා සිටියේය.

අධ්‍යක්ෂක ජෙනරාල් වරයා මේ බව කියා සිටියේ වවුනියාව ඊරට්පෙරියකුලම් සිවිල් ආරක්ෂක බලකා ශ්‍රවනාගාරයේදී වවුනියාවේ සිවිල් ආරක්ෂක බලකා සෙබලුන් 100 දෙනෙකුට ස්ථීර පත්වීම් ලබා දීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ මේජර් ජෙනරල් නිර්මාල් කොස්වත්ත මහතා කියා සිටියේ ,

‘2015 අප්‍රේල් මස 23 වනදා බලකාය දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමෙන් පසුව ඔවුන් ස්ථීර පත්වීමක් සහිත විශ්‍රාම වැටුපක් ලබන පිරිස් වශයෙන් සිවිල් ආරක්ෂක බලකාය හැඳින්වීමට පුලුවන් මේ වන විට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රට පුරා සිටින සෙලුන් 37,000 කට අධික පිරිසකට ස්ථීර පත්වීම් ලබා දීමට ජනතාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ උපදෙස් පරිදි පියවර අරන් තිබෙන අතරම එහි මූලික පියවර වශයෙන් සෑම දිස්ත්‍රීක්කයකම සෙබලුන් 100 දෙනෙකුට පළමුව ස්ථීර පත්වීම් ලබා දෙන අතරම පසුව සෙසු පිරිස් වෙතටද ස්ථීර පත්වීම් ලබා දීමට පියවර ගෙන තිබෙනවා. යනුවෙනි.

උත්සව අවස්ථාවට වව්නියාව සිවිල් ආරක්ෂක බලකා මූලස්ථාන කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් බී.ඩී.එම්.ජී. චන්ද්‍රසිරි මහතා ඇතුලු වවුනියාවේ සිවිල් ආරක්ෂක බලකා සෙබලුන් 1260 ක් පමණ සහභාගී වූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

74 views

One Comment to “සිවිල් ආරක්ෂක බලකායේ 37,500 කට ස්ථීර පත්වීම්…”

  1. හැබැයි කියන්නෙ මේ ආණ්ඩුව ආරක්ෂක අංශ කප්පාදු කරනව කියල.මොන බොරුද.

Main News