CAA ලොක්කෝ රජයේ ඒකාබද්ද අරමුදලටත් කොකා පෙන්නලා…

August 9, 2017 at 8:40 am | lanka C news
CAA ලොක්කෝ රජයේ ඒකාබද්ද අරමුදලටත් කොකා පෙන්නලා…

මුදල් අමාත්‍යංශය   යටතේ පවතින ඒකාබද්ද අරමුදලට 2016 වසර සඳහා ගෙවිය යුතු බවට මුදල් අමාත්‍යංශය විසින් නිර්දේශ කර තිබෙන මිලියන 780 ක් වූ අය භාරය වෙනුවට සිවිල් ගුවන් සේවා අධිකාරිය ගෙවා ඇත්තේ මිලියන 680 ක්  බව එම අධිකාරියේ 2016 වාර්ෂික වාර්තා කෙටුම් පතේ සදහන් වේ.

නමුත් මුදල් අමාත්‍යංශයේ 2016වාර්ෂික වාර්තාවේ සඳහන් වන්නේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අය  භාරය මිලියන 780ක් ලෙසය.

ලක්ෂ දාහක් මෙලෙස රජයට වංචා සහගත ලෙස නොගෙවා පැහැර  හැරීම ඉතා බර පතල තත්ත්වයකි. ගිණුම් කරණය පිලිබඳ වූ අත් වැරද්දක් ලෙස සුළුවෙන් ලඝු කල නොහැක්කේ ඒ පිළිබද වග කිව යුතු නිලධාරීන්ට ලක්ෂ ගණන්  වැටුප් ලෙස ගෙවන්නේ මහජන මුදල් වලින් වීම නිසාය.

මුදල් අමාත්‍යංශයේ 2016 වාර්ෂික වර්තාව  මෙතනින්

සිවිල් ගුවන් සේවා අධිකාරියේ 2016 වාර්ෂික වාර්තා කෙටුම් පත මෙතනින්

60 views