සිවිල් නීතිය කැලේ.. යාපනේ නිවසකට කඩු සමග කොල්ල කල්ලියක් පැන ලක්ෂ ගණනක් සමග රත්‍රන් කොල්ල කති…

July 8, 2018 at 12:40 pm | lanka C news
සිවිල් නීතිය කැලේ.. යාපනේ නිවසකට කඩු සමග කොල්ල කල්ලියක් පැන ලක්ෂ ගණනක් සමග රත්‍රන් කොල්ල කති…

යාපනය චාවකච්චේරි මීසාලෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (08) අළුයම පැමිණි කොල්ල කල්ලියක් විසින් නිවසේ තිබූ රුපියල් ලක්ෂ 12 කට අධික රත්‍රන් තොගයක් රැගෙන පලා ගොස් ඇති බවට චාවකච්ඡේරි පොලීසිය කියා සිටියේය.

මීසාලෙයි ප්‍රදේශයේ පදිංචි රාසරත්නම් රාජ්කුමාර් නැමිති පුද්ගලයාගේ නිවසට අද (08) අළුයම 4.30ට පමණ යතුරුපැදි දෙකකින් මුහුණ වසාගත් සිවු දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් විසින් නිවසියන්ට කඩු පෙන්වා බිය කොට නිවසේ තිබූ 1,233,500 ක් වටිනා රත්‍රන් තොගයක් කොල්ල කා පලා ගොස් ඇති බවට චාවකච්චේරි පොලීසිය කියා සිටියේය.

පැමිණි පිරිස් කව්රුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර අද උදෑසන 7 ට පමණ නිවෙස් හිමියා විසින් චාවකච්චේරි පොලීසියට පැමිණ කරන ලද පැමිණිල්ලේ තොරතුරු වලට අනුව පඅදාල කොල්ල කල්ලිය සොයා පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද චාවකච්චේර පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

20 views

4 Comments to “සිවිල් නීතිය කැලේ.. යාපනේ නිවසකට කඩු සමග කොල්ල කල්ලියක් පැන ලක්ෂ ගණනක් සමග රත්‍රන් කොල්ල කති…”

  1. Saradiel says:

    කලදේ පලදේ

    උතුරේ පදිචි සිටි සිංහලයන්ට සහා මුස්ලිම් වරුන්ට මුන් කරපු දේ මුන්ට දැන් පලදිලා

  2. බෙර හඬ says:

    විජයකලාට අනුව මේවාට හේතුව සිංහල රජයයි. හැබැයි එක සිංහලයෙක් වත් එහෙ නෑ. හමුදාවත් එලවනවා. කඳවුරුත් ඉවත් කරනවා.

    • sky says:

      මේ LTTE මුල් ආරම්භයයි ..මිනිසුනේ කල්පනා කර බල පල්ලා ..නැවත කොටි සංවිධානය වැඩ පටන් අරන්
      උතුරේ දෙමල ජාතිවාදී දේශපාලකයන් මේවාට වගකිවයුතුයි විශේෂයෙන් විග්නේශ්වරන් ,සුමතිදරන් ,විජයකලා සම්බන්දන්
      TNA වහාම තහනම් කර ආරක්ෂක හමුදාවට උතුරේ පාලනය වහාම බාර දිය යුතුයි

      • Mahasona says:

        සිරිසේනගේ උතුරේ දෙමල සංහිදියාව ද මේ …උතුරේ සිංහල ජනතාව එළවා දමලා සිංහල ඉඩම් බලෙන් අයිතිකරන් බෞද්ධ වේහර විහාර විනාශ කරමින් උතුරේ සක්කිලි දමිළයන් ජාතිවාදී දේශපාලකයන්ගේ ආධාරයෙන් දැන් නැවත අපරාධ කරමින් ත්‍රස්තවාදය පතුරවනවා ,උතුරේ අපරාධකාරයන් යනු විජයකලාගේ LTTE සංවිධානයේ පටන්ගැන්මයි ..විජයකලා වහාම අත්අඩංගුවට ගතයුතුයි ඇයට රටින් පිටවීම තහනම් කරනු
        ජනපති මේ සම්බන්ධව නිහඩ මන්ද ?

Main News