සිවුරු අඩංගු ගෝනි 05ක් පාත්තර 107ක් සහ මන්නා පිහියක් සමගින් තිදෙනෙක් අත්අඩංගුවේ..

May 3, 2019 at 8:20 am | lanka C news
සිවුරු අඩංගු ගෝනි 05ක් පාත්තර 107ක් සහ මන්නා පිහියක් සමගින් තිදෙනෙක් අත්අඩංගුවේ..

බළපිටිය මරදාන, රේවත පාර, පල්ලිය පිටුපස, බ්‍රාක්මණවත්ත, විජයාරාම පාර, වැලිකඩමුල්ල ආදී ප්‍රදේශයන්හි (02) රාත්‍රී 7.00 සිට 9.00 දක්වා කරන ලද සෝදිසි මෙහෙයුමකදී භික්ෂූන් වහන්සේලා පාවිච්චි කරන සිවුරු අඩංගු ගෝනි 05 ක් පාත්තර 107 ක් සහ මන්නා පිහියක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

අහුන්ගල්ල පොලීසිය, පොලිස් විශේෂ කාර්යය බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවුක හමුදාව, වෙරළ ආරක්ෂක බලකාය එක්ව මෙම මෙහෙයුම දියත් කර තිබේ.

මෙහිදී අත් අඩංගුවට ගෙන ඇත්තේ බළපිටිය, රේවත පාර, ලිපිනයේ පදිංචි මොහොමඩ් නිලාම් මොහොමඩ් රියාස් (25), එම ලිපිනයේද පදිංචි මොහොමඩ් මන්සූර් මොහොමඩ් රිස්ලාන් (24) සහ පල්ලිය අසල, බළපිටිය ලිපිනයේ පදිංචි සමිට්ඩීන් මොහොමඩ් (41) යන තිදෙනාය.

මෙයින් පළමු හා දෙවන සැකකරුවන් සන්තකයේ තිබී පාත්තර තොගය සහ සිව්රු තොගය සොයා ගෙන තිබෙන අතර තෙවන සැකකරු සන්තකයේ තිබි මන්නා පිහිය සොයා ගෙන තිබේ. මෙම සිව්රු තොගය, පාත්තර තොගය හා මන්නා පිහිය දැනට අහුන්ගල්ල පොලීසිය භාරයේ තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශණය කරන බවත් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සදහා මේවා තබා ගත්තේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් අහුන්ගල්ල පොලීසිය කියයි. නමුත් සිව්රු තොගය තුල සම්පූර්ණ සිව්රු නොමැති බවත් ඇත්තේ සිව්රු කොටස්, බදපටි සහ සිව්රු මැසීමට යොදා ගන්නා කොටස් තොගයක් බවත් පාත්තර ද අබලන් වූ සීරී ගිය, සායම් ගැලවී ගිය ඒවා බවත් අහුන්ගල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. තෙවන සැකකරු ලොරි රථ රියදුරෙකු ලෙස කටයුතු කරන බවත් මන්නා පිහිය තබා ගත්තේ කුමක් සදහාද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් අහුන්ගල්ල පොලීසිය කියයි.

භික්ෂූන් වහන්සේලා විසින් දාන මාන ආදී පිංකම් වලදී පූජා භාණ්ඩ ලෙස තමන්ට ලැබෙන සිව්රු හා පාත්තර විකිණීම සදහා ලබාදෙන බවත් එසේ විකිණීමට නොහැකිව අබලන් වූ සිව්රු කොටස් හා පරණ පාත්තර මෙසේ නිවසේ ගොඩ ගසා තිබූ බවත් පළමු හා දෙවන සැකකරුවන්  පොලීසියට ප්‍රකාශ කළේ යැයි අහුන්ගල්ල පොලීසිය කියයි. මෙසේ විකිණිම සදහා ලබාදෙන සිව්රු හා පාත්තර විකුණා තමන්ද මුදලක් තබාගෙන එම භික්ෂූන් වහන්සේලාට ඉතිරි මුදල් ලබා දෙන බවද සැකකරුවන් පළමු හා දෙවන සැකකරුවන් පොලීසිට ප්‍රකාශ කර තිබේ. මෙම ප්‍රකාශයන්හි සත්‍ය අසත්‍යතාවය සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පවත්වල බවද අහුන්ගල්ල පොලීසිය කියයි.

– ජයකාන්ත ලියනගේ

62,894 Viewers

5 Comments to “සිවුරු අඩංගු ගෝනි 05ක් පාත්තර 107ක් සහ මන්නා පිහියක් සමගින් තිදෙනෙක් අත්අඩංගුවේ..”

  1. SL says:

    දැන් හරි නේ, කතාව ඇත්ත වෙන්න ඕනේ ,දැන් කොහොමද දැන්අ න්තවාදියා ,හොඳ එකා තෝරාගන්නේ ? ,සමහරක් පන්සල්වල පිරිකර මෙසේ මුස්ලිම් අයට දෙනවා , සාසනේ කන්න ඉන්න චීවරධාරීන් ටික උපවදි කරන්න ඕනේ, ජවිපෙ වෙනුවෙන් පාරේ කළු පටි බැඳගෙන බෙරිහන් දෙන, බුදුන්වහන්සේගේ විනය කාර්ම එකින් එක කඩමින් මොවුන් බුදු සසුනට කරන විනාශය මිනිය නොහැකියි .හාරිස්පත්තුවේ අරියවන්ස්හලන්කාර හිමි අපවත් වෙනවිට තිබුනේ සන්තකයේම සිවුරු 3 යි ,ඉතිරි ඔක්කොම ටික වෙන පන්සල් වල හිමිවරුන්ට බෙදල දුන්න .අනිත් පන්සල් වලත් විකුනන්නේ නැතිව එහෙම කරන්න බැරි ඇයි

  2. Psg says:

    These are Halal sivuru???

    All these guys are terrorists. We have to be very vigilant as brain washed God worshippers will do anything to kill!

  3. මඩයා says:

    මට නම් සම්පූර්ණ වීශ්වාසයි. මේ කථාව 100% ඇත්ත බව. සිංහලයෙකුට දුන්නම වැඩේ ගමට ලීක් වෙනවනෙ. ඒ නිසා මේ විධියටයි වැඩේ යන්නේ. අනේ අනේ

  4. sathya says:

    Get all details from these Muslim fellows about the Monks who sell these things that are offered by innocent worshipers.

  5. Citizen says:

    Send the suspects to Batalanda for detail questioning as did in 1987/88 by the same UNP in a white van.

Main News