ත්‍රෛ නිකායේ සංඝ ආඥාව තුට්ටුවකට නොතැකේ.. විධායකය අහෝසි කරන යෝජනාව කතානායකට බාර දෙයි..

May 25, 2018 at 12:00 pm | lanka C news
ත්‍රෛ නිකායේ සංඝ ආඥාව තුට්ටුවකට නොතැකේ.. විධායකය අහෝසි කරන යෝජනාව කතානායකට බාර දෙයි..

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවෙන් කෙටුම්පත් කර ඇති 20 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත කතානායකවරයාට බාර දී ඇත.

ජනතා විමුක්ති පෙරමුණ විසින් පුද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස මෙය පක්‍ෂ නායක අනුර කුමාර දිසානායක විසින් බාර දී තිබේ.

මේ මොහොතේ විධායක ජනාධිපති ධුරය රටට උවමනා බවත් එය අහෝසි නොකල යුතු බවත් සියළු නිකායන්හි අනු නායක හිමිවරුන්ගේ අත්සන් සහිත සංග ආඥාවක්ද නිකුත් කර තිබියදී මෙම යෝජනාව ජවිපෙ විසින් ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.

192 views
Main News