සිසුනට එන්නත් කිරීම අදාළ පාසලේ දීම…

October 9, 2021 at 2:18 am | lanka C news
සිසුනට එන්නත් කිරීම අදාළ පාසලේ දීම…

අවුරුදු 18 -19 වයස් කාණ්ඩයේ පාසල් ළමුන් එන්නත් කිරීම 21 වන බ්‍රහස්පතින්දා සිට ආරම්භ කිරීමට තීරණය කෙරේ. ඉගෙනුම ලබන පාසලේදීම එන්නත් ලබාගැනීමට සියලු දරුවන්ට අවස්ථාව සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දෙනු ලැබිණ.

08 කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

සෑම පාසලකදීම සිදු කෙරෙන එන්නත්කරණය වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදු විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරනු ලැබීය. එම වයස් කාණ්ඩයේ පාසල් හැරගිය දරුවන් එන්නත්කරණය ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මගින් සිදු කෙරේ. මේ වන විට වයස අවුරුදු 60ට වැඩි ජනගහණයෙන් 100%ක්, 30 ට වැඩි ජනගහණයෙන් 98% ක් එන්නත ලබාගෙන ඇති බව අනාවරණය කෙරිණ. වයස් කාණ්ඩය 20 -30 අතර එන්නත ලබානොගත් පිරිස කඩිනමින් එන්නත්කරණයට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

වයස 12 – 19 අතර වයස් කාණ්ඩයේ සංජනනීය දරුවන් දසදහසකට අධික පිරිසකට මේ වන විට එන්නත ලබාදී තිබේ. දිවයිනේ සියලු රෝහල් සායනවලදී එම කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බව පළාත් වෛද්‍ය අධ්‍යක්ෂවරු සඳහන් කළහ.

දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ලබන 21 වනදා දක්වා පැවතිය යුතු බව කොවිඩ් කමිටුවේ තීරණය විය.

එන්නත්කරණය සාර්ථක කරගැනීමට දායක වූ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු සියලුම පාර්ශ්වයන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ස්තූතිය පළ කළේය.

– ජනාධිපති මාධ්‍ය අංශය

11,920 views

6 Comments to “සිසුනට එන්නත් කිරීම අදාළ පාසලේ දීම…”

  1. වෙනම පාසල් says:

    එන්නත් නොවිදින ළමයින්ට වෙනම පාසල්…

  2. වලේ වැටීම says:

    දේශීය ප්‍රතිකාර තිබියදී තමන් වැටුණු වලේ අනෙකා වැට්ටවීම දරුවන්ට එන්නත් විද්දවීමේ අරමුණද?

  3. මාත්‍රා කීයද? says:

    දරුවන්ට එන්නත් මාත්‍රා කීයක් ඕනෑද? 1 වැනි මාත්‍රාව විදින්න කලින් කියන්න…!

  4. එන්නතද හොඳම විසඳුම says:

    රෝගීන් ප්‍රණ ඇපයට ගෙන ඉල්ලීම් ලබා ගන්නා වෛද්‍යවරුත්, සිසුන් ප්‍රණ ඇපයට ගෙන ඉල්ලීම් ලබා ගන්නා ගුරුවරුත් එන්නතේ අතුරු ආබාධ වල වගකීම් ගන්නවාද? එන්නතේ මාත්‍රා කීයක් විදිය යුතුද කියා නිවැරදිව කියනවාද?

  5. දිගටම එන්නත් says:

    2වැනි, 3වැනි……ආදී එන්නත් මාත්‍රාත් පාසලටම ඇවිත් දරුවන්ට විද්දවනවාද?

  6. විද්‍යාත්මකවremu says:

    යකෝ එන්නත් ගහපු උඹලාගේ එන්නත් කාඩිඑක පලපල්ලා ඒකේ රූල් කීයක් තියෙනවද කියලා. අඩුම තරමේ ඒ රූල් ගාණට එන්නත් ගහන්න වෙනවා ඒකයි විද්‍යාත්මක සත්‍යය.

Main News